කරන්දෙණිය එම්. සුසිල් පියන්ත
සුද්දන්ගේ ක්‍රමයට සුද්දාට ආචාර සමාචාර කරන්න ගොස් සුද්දාගේ කළු බැල්ලියගෙන් හොඳම ආචාර සමාචාරයක් ලැබ ජීවිතය අනූනවයෙන් බේරාගත් කළු සුද්දකු පිළිබඳව අපූරු කතාවක් ඉඳුරුව ප්‍රදේශයෙන් අසන්නට ලැබේ.
මේ සුද්දා ජර්මනියේය. ජර්මනියට වඩා ඔහු ඉන්න කැමති මෙහේය. ඉඳුරුවේය. ඒ ජර්මනියට වඩා මිතුරු මිතුරියන් ඉන්නේ මෙහේ නිසාය. බහුතරයක් ඉඳුරුවේය. මේ අතර සුද්දාට අපූරුම මිතුරියක ද සිටියාය. ඇය ද ඉඳුරුවේය. ඔහු නවාතැන්ගෙන සිටින ඉඳුරුවේ විලා එකේ යාබද නිවසේය. ඇය කළුම කළු එහෙත් දැකුම් කළු බැල්ලකි. සුද්දා මෙහේ ඉන්නවිට ඇයට ඇගේ නිවස ගැන වගේ වගක් නැත්තේය. ඒ ඇය ඉන්නේ ඒ දිනවල සුද්දා සමගය. සුද්දාට ඇය පණ මෙන්ය. සුද්දාද ඇයට පණ මෙනි. මේ මිතුදම සසර බැඳීමක් මෙනි.
සුද්දා මෙහේ ඉන්න දිනවලදී ඇයට කවන්නේ පොවන්නේ ඔහුය. හොඳ හොඳ මස් ජාති ඇයට සුද්දා ගෙනත් දෙන්නේ කිසිම ලෝබ කමක් නැතිවය. ඒ විතරක්ම නොවේ ඇයට අවශ්‍ය කරපටිය, උර පටිය ඇතුළු සියලුම අංගෝපාංග සුද්දා ගෙනවිත් ඇත්තේ ජර්මනියෙන්ය. ඇය නිදහසේ සුද්දා සමග කාලය ගෙව්වේ දම්වැල් සංස්කෘතියෙන් මිදීමෙන්ය. ඇයගෙන් කිසිම කෙනෙකුට කරදරයක් නොතිබිණි.
මේ ඊයේ පෙරේදා මේ සුද්දාගේ නිවසට කළු සුද්දෙක් ආවේය. ඒ ඔහු බැහැ දකින්නටය. ගේට්ටුව විවෘත කෙරිණ. සුද්දා සමග කළු බැල්ලියද ආවාය. කිසිදු බිරීමක් හෝ කිසිදු නපුරුකමක් ඇයගෙන් දිස් නොවූ නිසා කළු සුද්දා මේ සුද්දා දුටු ගමන්ම සුද්දා වෙතට දෑත් දිගුකළේ සුද්දන්ගේ ක්‍රමයට ආචාර සමාචාර කිරීමටය.
ඒ සමගම සුද්දා සමග සිටි බැල්ලිය කඩා පැන කළු සුද්දාගේ පස්ස පැත්ත තදින් විකුවේ සිය සුදු මිතුරාට පහර දෙන්න පැමිණි හතුරෙකු යයි සිතාය. මේ බැල්ලියගේ ප්‍රහාරයෙන් කළු සුද්දා බේරා ගන්න සුද්දාට දැඩි පරිශ්‍රමයක් දරන්නට සිදුවිය.
බල්ලන් තමන් ළඟින්ම ආශ්‍රය කරන මිතුරු, මිතුරියන්ට දක්වන ආදරය මිනිසුන් අතර තිබේ නම් ලෝකය කෙතරම් ලස්සන දැයි අපේ කළු සුද්දාට පසක්වූයේ බැල්ලිය හැපූ පස්සා පැත්තේ වේදනාවත් සමගිනි.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සමාචාර කරන්න ගිහින් කළු සුද්දා අනුනවයෙන් බේරිලා