IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


ලොක්කට ‘සර්’ පොත දාලා සොක්කා වැඩේ ගොඩ දාගෙන

දකුණේ රාජ්‍ය අනුග්‍රහය ලබන එක්තරා ආයතනයක “සර්” කියා ගැනීමට මහත් ගිජුකමක් දැක්වූ නිලධාරියකුගෙන්  තමාගේ කටයුත්ත ඉටු කර ගැනීමට ලිපියක් ලියා ඒ තුළ සර් යයි දොළොස් වාරයක් ආමන්ත්‍රණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඔහු කළ වරදකට පහසුවෙන්ම නිදහස  ලබාගැනීමට හැකිවීමේ අපූරු පුවතක් දකුණේ රජයට සම්බන්ධ එක්තරා ආයතනයකින් වාර්තා වේ.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
වැදගත් පවුලකට අයත් බවට පම්පෝරි ගසන  හිස උදුම්මාගත්  මෙම නිලධාරියා පිටස්තර පිරිසක් ඉදිරියේ ‘සර්’ යයි  ආමන්ත්‍රණය කරවා ගැනීමට මහත්  ගිජු කමක් දක්වන අතර එම අවස්ථාවේ කට කොනින්  ගාම්භීර  සිනාවක් නගා  අවට සිටිනවුන් දෙස බලන්නේ උඹලත් මට එසේ කියන්න ඕන. යයි කියන්නාක් මෙනි. කෙසේ වුවද ඔහු වැඩකරන ආයතනයේ එසේ නොකියන නිලධාරීන්ට කුමන හෝ ආකාරයක චෝදනාවක් දමා උසස් නිලධාරීන්ට කේලම් බස් කියා එය ඒත්තු ගන්වා බොරු චෝදනා ගොනුකර පළිගන්නා බැවින් සියලු‍ම දෙනා ඔහුට මූනිච්ඡාවට ‘සර්’ යැයි අමතන්නේ වෙන කළ හැකි දෙයක් නොමැති බැවිනි.
විදුහල්පතිවරුන්, ආයතන ප්‍රධානීන්, රාජ්‍ය නිලධාරීන් වැනි අය පවා වැඩි වශයෙන් විශ්‍රාම ගොස් මොහුගේ අධීක්ෂණයට යටත්ව සේවය කරන අතර ඔවුන් මැලිකමෙන් වුවද වචන පහෙන් පහට ‘සර්’ යයි පවසා තම සිතැඟි ඉටු කරගන්නා බව ඇතැම්මු පවසති.


සිනහව, ගමන, බිමන ඇතුළු සියල්ලම ප්‍රභූවරයෙකුට සමානව ආරෝපණය කරගන්නා මෙම නිලධාරියාගේ උදහසට ලක් වූ මෙහි සේවය කරන නරියකු මෙන් කපටි නිලධාරියකු  කරන ලද වැරදි කටයුත්තක් මොහුගේ අතටම හසුවීම නිසා උසස් නිලධාරීන් මගින් නිදහසට කරුණු  විමසීමට කටයුතු කරන බවට රාවයක් පැතිර ගියේය. එය දැනගත් මෙම නිලධාරියා මොහු ගැන හොඳට දන්නා බැවින් තවකෙකුගේ ද උපදෙස් ලබාගෙන මෙම ප්‍රධානියාට ලිපියක් ලියා කළ වරදට සමාව ඉල්ලා ඇත. එම ලිපියේ ආමන්ත්‍රණයේ සිට වාක්‍යයේ මුලට හා අගට යන දෙකටම ‘සර්’ යනුවෙන් ලියා බැගෑපත් වී ඇත.  
ඒ අනුව ලිපිය ලියා සැනසුම් සුසුමක් හෙලූ ඔහු  ‘සර්’ යැයි අමතා ඇති වාර ගණන ගණන් කර බලන විට එය 12 ක් වූ  බැවින් සැනසුම් සුසුමක් හෙළා ලිපිය තැපැල් කළේය. එතැනින් නොනැවතුනු ඔහු පැන පැන ‘සර්’ කියන්නට වූයේ අනෙකකුට වෙනසක් නොපෙනෙන පරිදිය.  
කෙසේ වුවද මොහුගේ කපටි නුවණ ටක්කෙටම හරි ගියේය. මේ දක්වා ඒ වරද ගැන හාවක් හූවක් නොමැති අතර මෙය අදටත් රහසකි.  සිද්ධිය දන්නේ ඉතාම සුළු පිරිසකි. ඔහු මේ වන විට මෙම නිලධාරියාගේ දරුවන් ගැනීමට පාසල අසල රැඳී සිටින ස්ථානයට ගොස් සෙස්සන්ට ඇසෙන සේ හිතා මතාම ‘සර්’ යැයි හඬ නගා අමතන බව ද ඇතැමුන් පවසන්නේ උපහාසයෙනි.
මොහු ගැන දන්නා  සෑම දෙනාම මෙම නිලධාරියා සමග කතා කිරීමේදී බොහෝ ප්‍රවේසම් වන බවත්  වචන කිහිපයකට වරක් ‘සර්’ යයි පවසන්නට වග බලා ගන්නා බවත් ඇතැම්මු කියති. ඇතැමුන් ‘ඇ‍ඟේ හැටියට මොළේ නැතැයි’ හොරෙන් හොරෙන් පවසන්නේ ඔහුට ආරංචි වේ යැයි බියෙන්ලු‍. මේ වන විට කවට අන්දරේ යැයි නමකුත් පට බැඳලාලු‍.

රජ්ගම විශේෂ ධර්මදාස සිරිවර්ධන



අදහස් (0)

ලොක්කට ‘සර්’ පොත දාලා සොක්කා වැඩේ ගොඩ දාගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1775 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1457 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 521 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site