IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සාදයේ බරපැනට බලෙන් කරගසා රජ පොල්ලක් තියලා

පෞද්ගලික ආයතනයක සේවය කර විශ්‍රාම ලැබ සිටි පිරිසක් වට්ස්-ඇප් මාර්ගයෙන්  නැවත එකතුවී ප්‍රියසම්භාෂණයක් පවත්වා ඇති අතර සාදය අතරතුර දී එයට සහභාගී වූවකු මීළඟ සාදය තම නිවසේ පවත්වන බව පවසා දිනයක් ද ලබාදී කළ ආරාධනයකට අනුව මිතුරන් නිවෙසට ගියවිට ඔහුගේ නිවෙසේ දොර ජනෙල් වසා තිබීමෙන් ගිය පිරිසට යන එනමං නැතිවූ පුවතක් බස්නාහිර පළාතේ කළුතර නගරාසන්න ගම්මානයකින් වාර්තා වෙයි.
මෙහි පළමු සුහද හමුව දකුණු පළාතේ වෙරළාසන්න අවන්හලක දී පවත්වා ඇති අතර ඒ සඳහා ඔවුන් සේවය කළ ආයතනයෙන් ද උපරිම සහයෝගය ද ලැබී ඇත. සාදයට අවශ්‍ය  මධුපාන හා කටගැස්මද ආයතනයෙන් සපයා දෙමින් එහි හිමිකරු හා ඔහුගේ බිරියද එයට සහභාගිවී ඇත. මෙම සාදය පැවැත්වෙන අතරතුර එයට සහභාගිවී සිටි කළුතර පදිංචිකරුවකු මීළඟ සාදය තමා සංවිධානය කරන බවත් ඒ වෙනුවෙන්  හෝටල් සඳහා මුදල් ගෙවීම අනවශ්‍ය බවත්, අක්කරයක් පමණ වූ  තම  ගෙවත්ත ඒ සඳහා යොදාගත හැකි බවත් පවසා ඇත. සාදය අතරතුර අවස්ථා කීපයකදීම ඔහු සාදය සංවිධානය කරන ආකාරයත්, ඒ සඳහා ඔහු ලබාදෙන මස් මාළු ගැන පවා විස්තර කර ඇත.


සාදය අවසානයේ පැවැත් වූ ස්තුති කතා වාරයේදී,  කළුතර දී මීළඟ හමුව පැවැත්වෙන බව ඔහු මිතුරන්ගේ අත්පොළසන්  හඬ මධ්‍යයේ ප්‍රකාශ කර ඇත. එහිදී ඒ සඳහා දිනයක් ද යෝජනාවී ඇත. එම දිනය ආසන්නයේ දී මිතුරන් කීප දෙනකුම සාදයේ කටයුතු පිළිබඳව ඔහුගෙන්  විමසා ඇති අතර එහි දී ඔහු පවසා ඇත්තේ තමා දිවා ආහාරය හා කටගැස්ම සූදානම් කරන බවය. පැමිණෙන පිරිස අනුව අවශ්‍ය මධුපාන එදිනට ලබාගනිමු යැයි ද ඔහු යෝජනා කර ඇත. සියල්ල හොඳින් සංවිධානය වෙමින් පවතින බැවින් එදිනට අනිවාර්යයෙන්ම සහභාගී වන්නැයි ඔහු ඇරයුම් කර ඇත.
සාදය පවත්වන දින මිතුරන් කණ්ඩායම් වශයෙන් ඔහුගේ නිවෙසට පැමිණි අතර ඔවුන්ට දැක ගැනීමට ලැබී ඇත්තේ ගේට්ටුව හා දොර ජනෙල් ද වසා ඇති නිවෙසකි. අක්කරයක් පමණ වූ ගෙවත්තක් නොව පර්චස් 10 ක් පමණ වූ ගෙවත්තකි.
මිතුරන් කීප දෙනකුම ඔහුගේ දුරකතනය හරහා සම්බන්ධ වෙමින් ඔහු ඇමතීමට උත්සාහ කළද එය විසන්ධි වී  තිබුණි. පසුව ඔවුන් අසල්වැසි නිවෙස්වලින්ද විමසීම් කළද ඔහු ගිය තැනක් ගැන ඒ කිසිවෙක්ද දැන සිට නැත.
දැඩි අපහසුතාවයට පත් වූ මිතුරන් පිරිස එම ස්ථානයෙන් පිටත්ව නගරයට පැමිණ ‘‘ලාවට”‍ සප්පායම්වී යහළුවාගේ මවුපියන්ට ද පින් දෙමින් ගම්බිම් බලා පිටත්ව ගිය බව ආරංචිය.

 

පෝද්දල සරත් ආනන්ද ගමගේ



අදහස් (0)

සාදයේ බරපැනට බලෙන් කරගසා රජ පොල්ලක් තියලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site