හක්මණ විශේෂ - දෙනගම යසන්ත ආරියසේන
රුපියල් ලක්ෂ තුනක් පමණ වටිනා නවීන පන්නයේ දුරකතනයක් මිලදී ගැනීමට රුපියල් ලක්ෂ විසි හතරක් පමණ වැය කළ පුද්ගලයකු පිළිබඳ අපූරු කතාවක් දකුණු පළාතේ එක්තරා ප්‍රදේශයකින් වාර්තාවේ.
රජයේ සේවකයකු වන ඔහු යහපත් ජීවිතයක් ගෙවමින් සිටි අතමිට සරු අයෙකි. සුහුරු මාදිලියේ දුරකතනයක් තමන් සතුව තිබුණද අති නවීන පන්නයේ සුහුරු දුරකතනයක් මිලදී ගැනීමේ දැඩි ආශාවක් ඔහුට ඇති විය.
ඒ සඳහා කිසිවකුගේ උපකාර ලබා ගැනීමට ඇති අකැමැත්ත නිසාම ඔහු ඒ සඳහා ක්‍රමයක් දස අතේ කල්පනා කළේය. දුරකතන අලෙවි කිරීම පිළිබඳව අන්තර්ජාලයේ පළකර තිබූ වෙළෙඳ දැන්වීමක් දුටු ඔහුගේ සිත සතුටින් ඉපිල ගියේය. නවීන දුරකතන නාමාවලියේ සඳහන් අලුත්ම දුරකතනයක් ඔහුගේ සිත්ගත් අතර එය ඇණවුම් කළේය.
ඇණවුම් කළ දුරකතනය සඳහා ගෙවිය යුතු මුදල සඳහන් පණිවිඩයක් පෙරළා පැමිණි අතර, එහි සඳහන් මුදල සිය බැංකු ගිණුම හරහා පණිවුඩයේ සඳහන් ගිණුමට බැර කළේය. දින කිහිපයකින් තවත් මුදල් ප්‍රමාණයක් සඳහන් කරමින් ලද පණිවිඩය අනුව එම මුදලද ගෙවා දැමීය.
රුපියල් ලක්ෂ තුනක් පමණ වටිනා දුරකතනය සඳහා නොයෙක් අවස්ථාවලදී විවිධ හේතු පවසමින් මුදල් බැර කරන ලෙස ලැබෙන පණිවිඩයට අනුව රුපියල් ලක්ෂ විසි හතරක් පමණ බැර කළ පසු තමන් වංචාවකට හසුව ඇති බව තේරුම් යන විට ඔහු ප්‍රමාද වී හමාරය.
දුරකතනයක් මිලදී ගැනීමට යාමේදී මුදල් වංචාවක් කළ බව පොලිස් පොතේ පැමිණිල්ලක් සටහන් කළද, ඒ වන විට මුදල් සහ දුරකතනය යන දෙකම ඔහුට අහිමි වී තිබුණි. අන්තර්ජාලය ඔස්සේ විවිධ පුද්ගලයින් සිදුකරන වංචාවකට පැමිණිලිකරු හසුව ඇති බව අනාවරණය කරගත් පරීක්ෂණ නිලධාරීහු ද ගැටලුව විසඳාගත නොහැකිව පඹගාලක පැටලී සිටියහ.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලක්ෂ තුනේ හලෝවට ලක්ෂ 24ක් පුදලා
fairoos Tuesday, 02 April 2024 05:17 PM
මෙහෙම අය තාමත් ලංකාවේ ජීවතින් අතර ඉන්නවාද?