IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


’’මොහිණිගේ’’ උදව්වට ගිහින් ලොකු පරිප්පුවක් කාලා

හිඟු‍රානේ නවරත්න සමරතුංග


අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ‍ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ. ‍
සිද්ධිය මෙ‍සේය.
එක්තරා නිවසක නිවැසියන් සියලු‍ දෙනා අලු‍ත් අවුරුද්දට පෙර දින (12) පවුලේ අවශ්‍යතාවක් මත පිටස්තර ප්‍රදේශයකට ගොස් ඇති අතර ඔවුන් එනතුරු එම නිවස රැක බලා ගැනීමට තරුණයෙකුට භාරදී  තිබිණි.
ඒ අනුව මෙම තරුණයා එදින රාත්‍රි 10ට පමණ නිව‍සේ ආලින්ද‍යේ සිටින විට කිසිවකු එම නිවස ඉදිරිපිට පාරේ එමින් සිටිනු දැක ඒ ගැන විමසිලිමත් වී ඇත.
විදුලිපහන් කණුවක් අසලින් පැමිණි රුව ඔහුට සමීප වෙත්ම එසේ  පැමිණියේ අත දරු‍වෙකු රැගෙන එන  කාන්තාවක බව හඳුනා ගත්තේය.
ඇය දුටු ඔහු “මේ මහ රෑ යන්නේ කොහේදැයි” ඇයගෙන් ප්‍රශ්න කරන්නට විය.
එවිට කාන්තාව “අනේ මල්ලි‍යේ මට ලොකු කරදරක්වෙලා. මම බැඳපු මනුස්සයා ඉන්න තැන හොයාගෙන තමයි මේ යන්නේ” යැයි කීවාය.
එහිදී තවදුරටත් ඇතිවූ සංවාදයේදී මෙම කාන්තාවගේ  සැමියා අධික ලෙස මත්පැනට ඇබ්බැහි වී සිටින අයෙකු බවත් ඔහු රාත්‍රි කාලයට මෙම ප්‍රදේශයේ කිසියම් නිවසක බීමත්ව රැඳී සිට පාන්දර ජාම‍යේ නිවසට එන බැවින් ඒ ගැන ‍සෝදිසි කිරීමට මෙසේ යන බවද ඇය සඳහන් කළාය.
සිය දුක් ගැනවිල්ල තවදුරටත් ඔහුට පැවසූ ඇය හැකි නම් උදව්වක් හැටියට එම ගෙදරට තමන් ඇරලවන ලෙසද බැගෑපත්ව ඉල්ලීමක් කළාය.
මෙහිදී කාන්තාවගේ ඉල්ලීම ඉටු කිරීමට තරුණයාගේ හදවත උණුවී ගොස් එම නිවසේ තිබුණ යතුරුපැදිය පණගන්වා ඇය සහ දරුවා පිටු පස අසුනේ තබා‍ගෙන අදාළ නිවසට ‍ගොස් බැලූවිට ඔහු එහි නොසිටි බව අනාවරණය විය.  
ඉන් පසුව ඔහු වෙනත් නිවසක සිටී දැයි සොයා බැලු‍වත් එහිද ඔහු නොසිටි බැවින් කාන්තාව තරුණයා අමතා “අනේ මල්ලි කරපු උදව්වට ඔයාට ගොඩක් පින්! පුළුවන් නම් මේ දරුවයි මමයි අපේ ගෙදරට ගිහින් දාන්නැයි” ඉල්ලීමක් කර ඇත.
මහ වැස්සක පෙර නිමිති පහළ වී තිබුණ එම අවස්ථාවේ ඔහු ඇයට අනුකම්පා කර ඇයගේ  නිවසට අරලවා ඇත.
එසැණින් ගෙට ඇතුළු වූ  ඇය “දඩාස්” ගා දොර වසාගත් බැවින් ඔහු ටික වෙලාවක් මිදුලට වී කල්පනා කරමින් සිට ආපසු එන්නට විය.  ටික දුරක් එද්දී යතුරුපැදියේ ඉන්ධන ඉවරවී තිබුණි.  
ඉන් පසුව පැමිණි මහ වැස්සකට හසුවූ ඔහු  කි‍ලෝ මීටර් තුනක් දුර යතුරුපැදිය තල්ලු‍ කරගෙන අලු‍යම 2.00 ට පමණ එම නිවසට පැමිණි බව කියති.
ඒ වනවිට බැහැරක ගොස් සිටි නිවැසියන් ආපසු පැමිණ සිටි බැවින් ඔහු ඔවුන්ට පවසා ඇත්තේ තමන් “මෝහිනී”  දැක ඒ පසු පසු කනත්ත දක්වා ගමන් කළත් අන්තිමේදී නොපෙනී ගිය බවට බේගලයකි.  
එහෙත් පසුවදා ඔහු තම විශ්වාස වන්ත මිතුරෙකුට    පවසමින්  “අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන” තමන් ලොකු පරිප්පුවක් කෑ බව පවසා ඇත.   



අදහස් (0)

’’මොහිණිගේ’’ උදව්වට ගිහින් ලොකු පරිප්පුවක් කාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site