IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මනාලිය බැන්නැයි මනාලයා පොලිසි ඇවිත්

අගෝස්තු මස විවාහ මංගල්‍යයට සියල්ල සූදානම් කර තිබිය දී හදිසි කෝපයක දී බැන වැදුණා යැයි පවසා මනාලිය එපා යැයි තරුණයකු හා මවක කෑගල්ල මූලස්ථාන පොලිසියෙන් බැස ගිය බව කෑගල්ල පොලිසිය පැවසීය.
මෙලෙස මනාලිය එපා යැයි පවසා ගොස් ඇත්තේ කෑගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටින 57 හැවිරිදි දෙදරු මවක හා ඇගේ එකම 24 හැවිරිදි පිරිමි දරුවා බව පොලිසිය පැවසීය.
පොලිසියෙන් බැස ගොස් ඇති කාන්තාව ගුරුවරියකි. ඇගේ සැමියා කෑගල්ල ප්‍රදේශයේ ආයතනයක සේවය කරන්නේය. මෙම යුවළගේ වැඩිමල් එකම දියණිය විවාහ වී යුරෝපා රටක පදිංචිව සිටින්නීය. 24 හැවිරිදි එකම පිරිමි දරුවා පියා සේවය කරන ආයතනයේ රැකියාවක් කරන්නේය.
මෙම 24 හැවිරිදි තරුණයා කලකට ඉහත දී විවාහ මංගල්‍යය උත්සවයක දී මහනුවර ප්‍රදේශයේ 23 හැවිරිදි තරුණියක හඳුනාගෙන දෙපාර්ශවයේ ආශිර්වාද මධ්‍යයේ 2022 ජූලි  මාසයේ දිනක ඔවුන්ගේ විවාහය ද ලියාපදිංචි කළහ. එළඹෙන අගෝස්තු 11 වැනිදා විවාහ මංගල්‍යය අති උත්කර්ෂවත් අයුරින් සිදු කිරීමට මේ දිනවල ලහි ලහියේ වැඩ කටයුතු සිදු කරන්නේය. මනාලයාගේ මවුපියෝ තම එකම දරුවාගේ විවාහ මංගල්‍යයට කෑගල්ල ප්‍රදේශයේ හෝටලයක් ද වෙන් කළහ.


විවාහ මංගල්‍යය සිදු කර ගැනීමට සිටි තරුණ යුවළ අතර මාසයකට පමණ ඉහත දී  දෙදෙනා අතර දුරකතනයෙන් යම් වචන හුවමාරුවක් සිදුව තිබේ. එහිදී තරුණිය තරුණයාට දුරකතනයෙන් මව හා යුරෝපා රටක පදිංචිව සිටින වැඩිමල් සහෝදරියගේ එකම පුතා ඝාතනය කරන බවට පවසා තිබේ. පසුව තරුණයා ඒ සම්බන්ධයෙන් සිය මවට කීවේය.
පසුව තරුණයාගේ මව ඉකුත් දා කෑගල්ල මූලස්ථාන පොලිසියට පැමිණ මනාලියගේ ප්‍රකාශය ඉදිරිපත් කර ඇය තම පුතාට එපා යැයි පවසා පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.
පැමිණිල්ලට අනුව පොලිසිය විසින් දෙපාර්ශ්වය කෑගල්ල මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයට කැඳවා තිබුණි.
එහිදී තරුණයාගේ මව පොලිසිය හමුවේ තමන්ගේ පවුල ආර්ථික දුෂ්කරතා හමුවේ ගොඩ ආ පවුලක් බවත් එකම දියණිය විවාහ වී යුරෝපා රටක දැනට පදිංචිව සිටින බවත් පැවසුවාය. සැමියා හා එකම පුතා රඹුක්කන ප්‍රදේශයේ ආයතනයක සේවය කරන බවත් තමන් ද ගුරුවරියක බවත් පැවැසුවාය.
පුතාගේ කැමැත්තට මනාලියක සොයා ගත් බවත් 2022 විවාහය ලියාපදිංචි කර විවාහ මංගල්‍යය ඉදිරියේ දී ගැනීමට සිටි බවත් පැවසුවාය. පසුව එළඹෙන අගෝස්තු 11 වැනිදා විවාහ මංගල්‍ය උත්සවය සිදු කිරීමට සියල්ල සූදානම් කර සිටිය දී දෙදෙනා අතර යම් බහින් බස් වූ අවස්ථාවක මනාලිය තමා හා විදේශ ගතව සිටින දියණියගේ පුතා ඝාතනය කරන බවට දන්වා ඇති බවත් පැවසුවාය.
කැන්දාගෙන යෑමට පෙර එලෙස කතා කරනවා නම් කැන්දාගෙන ගියාට පසුව කොහොම තියෙයි ද යන්න පිළිබඳ හැඩූ කඳුළින් පැවසුවාය. තමාට මනාලිය එපා බව ද වැඩිදුරටත් කීවාය.
එහිදී තරුණිය පොලිසිය හමුවේ කියා සිටියේ තමන් එවැනි දෙයක් කිව්ව බවත් සමාව ලබාදෙන ලෙසත් බැගෑපත්ව පොලිසිය ඉදිරියේ දී ඉල්ලීමක් කළාය.
පසුව පොලිසිය දෙදෙනාට වැඩි වයසක් නොමැති බවත් ජීවිතය ගැන අවබෝධ ඇති කරගෙන දෙදෙනා ජීවත් වෙන ලෙස දැන්වීය. එහිදී තරුණයා තමන් මුලදී පෙම්වතියට ආදරය කළ බවත් ඒ ආදරය හා සමාන ආදරයක් තම මවට ද ඇති බවත් පැවැසීය. තමාට පෙම්වතිය දැන් එපා වූ බවත් වැඩිදුරටත් පැවසීය. පසුව තරුණයා හා තරුණයාගේ මව ද මනාලිය එපා යැයි පොලිසියෙන් පිටව ගියහ.

 

කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න



අදහස් (0)

මනාලිය බැන්නැයි මනාලයා පොලිසි ඇවිත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site