කලවාන - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම
 සිය අතුරුදන් සැමියා ගැන හෝඩුවාවක් දැනගැනීමට දේවාලයකට ගිය බිරියට එම දේවාලය තුළදී සැමියා හමුවීමේ සිද්ධියක් සබරගමුව පළාතේ එක්තරා ගමකින් වාර්තාවේ.
සිය අතුරුදන් සැමියා ගැන හෝඩුවාවක් දැනගැනීමට දේවාලයකට ගිය බිරියට එම දේවාලය තුළදී සැමියා හමුවීමේ සිද්ධියක් සබරගමුව පළාතේ එක්තරා ගමකින් වාර්තාවේ. 
සිද්ධිය මෙසේ ය.
 ඇය ඉතා රූමත් ධනවත් පවුලක කාන්තාවක වන අතර ඇය විවාහ වූ සැමියා එතරම් වත්පොහොසත්  කම් තිබූ පුද්ගලයකු නොවේ. ඔහු උපතින් ම ගෙනා කපටිකම ඇරෙන්නට ඔහු සතුව වෙනත් කිසිදු වටිනා දෙයක් නොතැබිණි.
 කෙසේ වෙතත් ඔහු විවාහ වූ  කාන්තාවට ඔහුගෙන් දරුවෝ දෙදෙනෙක් සිටිති. ඔහු ගැන කිසිදු සොයා බැලීමක් නොකර ඔහු හා ඇය විවාහ වී ඇත්තේ ඉතා ළාබාල අවදියක ය. ඔහුගේ කපටිකම් දැනගන්නා විට ඇය ඔහු අතින් අමාරුවේ වැටී අවසන්ය. ඔහුගේ අතින් තවත් තරුණියන් කිහිපදෙනකුම අමාරුවේ වැටී ඇති අතර ඇයව ඔහු විවාහ කරගෙන ඇත්තේ ඇයගේ ධනවත්කම නිසාමය. විවාහ වුවත් ඔහු පරණ සල්ලාලකම් අත් නොහැරි අතර පෙර සේම තරුණියන්  සමඟ සම්බන්ධතා ගොඩනගාගෙන ගොස් ඇත. 
මෙලෙස එක් තරුණියක මොහුගේ අතින් අමාරුවේ වැටී ඇති අතර, ඇය ඉතා දුප්පත් තරුණියක වූවත් ඇයගේ සහෝදරයා ගමේ චණ්ඩියකු නිසා ඇයට ඔහු භාර ගැනීමට සිදුවී ඇත. රස්සාවක් නොකරන හෙයින් ඇය නඩත්තු කර ගැනීමට නොහැකි බැවින් ඔහු ඈත පළාතකට ගොස් බොරු ආරූඪයක් රැගෙන දේවාලයක් පවත්වාගෙන ගොස් ඇත. 
මේ අතර ඔහුගේ කලින් බිරිය මොහු සොයා බැරිම තැන මෙම දේවාලය පිළිබඳව ආරංචි වී මිතුරියක සමඟ එම දේවාලයට ගොස් ඇත්තේ මොහු පිළිබඳව තොරතුරු විමසීමටය.
 දේවාලයට ගොස් සිටිය දී ඔහු ආරූඪ වී පැමිණ සිටින්නේ තම කලින් බිරිඳ බව නොදැන සාත්තර කීමට පටන් ගෙන ඇත. එක්වරම ඔහු පැමිණ සිටි කාන්තාව දෙස බලා ඇත්තේ ඇයත් සැමියා හැර ගොස් ඇති බැවින් ඔහුට නම්මා ගැනීමට පුළුවන් දැයි විමසීමටය. 
එහෙත් සිදු වූයේ අනෙකකි. පැමිණ සිටින්නේ තම කලින් බිරිය බව දුටු ඔහු හීන් දාඩිය දමා දෙවියන් සිහිකර සිය බොරු ආරූඪය දෙපාවලට ගෙන හැකි තරම් වේගයෙන් දිව ගොස් ඇත්තේ දෙවියන්ද පෙරළා ගෙනය.
 කලින් බිරිය ද අන්දුන් කුන්දුන් වී මේ කපුවකු ලෙස සිටින්නේ තම කලින් සැමියා බව දැනගෙන ඔහුගේ ගැබ් ගත් බිරිඳගෙන් විස්තර විමසා ආපසු ගොස් ඇත්තේ දේවාලයට නොව නීතිඥ මහතකු හමු වී දික්කසාද නඩු  දැමීමටය.
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1775										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1775										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1457										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1457										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 521										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 521										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
බිරිය පැටලී කපුවාට දෙලෝ රත්වෙලා