IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මළගෙදර මාරුවී අම්බානට ගුටිකාලා

කටුපොත අපේ කිට්ටුම නෑකෙනෙක් හදිසියේ මිය ගිහිල්ලා. මම දැන් මළ ගෙදරට යන්න ඕනෑ. ආරංචි වුණේ අද. රෝහණ සිය මිතුරන්ට කටුපොත සිදු වී ඇති මළගම ගැන විස්තර කීවේය.
මළගමක් වුණාම නොගිහින් හොඳ නෑනේ. අනික ඔයාගේ ළඟම නෑදැයොනෙ. අපිත් මළ ගෙදර යන්න එනවා.
රෝහණගෙ යාළුවෝ හතර දෙනකු මළගෙදර යන්න ලෑස්ති වුණා. රෝහණ පදිංචි වෙලා සිටියේ අලව්වට නොදුරු ගම්මානයක. රෝහණගෙ කතාව අහපු යාළුවො කටුපොත යන්න හිතාගෙන නාරම්මල නගරයට ගියා.
මළගමක යන නිසා පොඩ්ඩක් ඇඟපත රත්කරගෙන ගියොත් හොඳයි නේ ද ? දුක්බර අවස්ථාවකට යනකොට එහෙම නොගියොත් සමහරවිට දුක දරාගන්නත් බැරි වෙයි. එක යාළුවෙක් යෝජනා කළේය.


ඒ යෝජනාව අනුව මේ පස් දෙනාම නාරම්මල නගරයේ මත්පැන්  හලකින් හොඳ හැටි මත් පැන් බිව්වා. අන්තිමේ දී මදි පාඩුවට රාත් බිව්වා. දැන් පස් දෙනාටම හොඳටම වෙරි. කට්ටිය වැනි වැනී නාරම්මලින් කටුපොත යන බස් රථයකට ගොඩ වුණා. මළ ගෙදර යන්න ආවට මට හරියට පාර මතක නැහැ. රෝහණ කිව්වේය. කෝකටත් කොන්දොස්තර මහත්තයගෙන් අහල බලමු.
මළ ගෙදර බහින තැන හරියටම දැන ගන්න රෝහණ කොන්දොස්තර ගෙන් විමසුවා.
මහත්තෙලා බය වෙන්න එපා. මම දන්නව මළ ගේ තියෙන තැන. ඔය ගොල්ලව එතැනින් බස්සවන්නම්....
කොන්දොස්තරගේ උපකාරයෙන් කට්ටිය මළ ගේ ළඟින් බස් රථයෙන් බැස්සා.
කට්ටිය මළ ගෙදරට යද්දී මිනියේ අවසන් කටයුතු වෙනුවෙන් ගුණ කථන ආරම්භ කළ අවස්ථාව ඇරඹුනා.
මේ පස් දෙනා අතරිනුත් ගුණ කථනයකට ආරාධනාවක් ලැබුණා.
මළ ගෙවල්වල මඟුල් ගෙවල්වල කතා පවත්වන සිරිල් ඉදිරිපත් වුණා. රෝහණ වෙනුවෙන් මිය ගිය අය ගැන ගුණකථනයක් කරන්න. මිය ගිය අයගෙ ගුණ යහපත්කම ගැන රෝහණ සිරිල්ට කියල දුන්නා.
සිරිල්ට ගුණකථන අවස්ථාවට ආරාධනය ලැබුණා. හතර අතට වැනි වැනි අවමංගල සභාවට පැමිණි සිරිල් මිය ගිය අය ගැන ගුණ කථනයක් කිරීම ඇරඹුවා.
රෝහණ නිසයි මේ මළගමට ආවේ අපිටත් හරිම දුකයි. මේ අකල් මරණය ගැන. අප අතරින් සඳහටම වෙන්ව යන වටිනා තරුණිය අඩු වයසින් අකල් මරණයකට වෙනත් ආත්මයක දී සිදු නොවේවා. මේ නැගණියට නිවන් සුව ලැබේවා.....
සිරිල්ට වැඩි වෙලා කතා කරන්න ඉඩ ලැබුණෙ නැහැ. මළගමේ සිටි හැඩි දැඩි පුද්ගලයන් කීප දෙනෙකුගෙන්ම සිරිල්ට කන රත්වෙන්න පහරවල් කීපයක් වැදුණා.
සිරිල්ගෙ වෙරි හිඳිල ගියා. මළ ගමේ සිටි අය රෝහණටත්, සිරිල්ටත් අනෙක් තුන් දෙනාටත් පන්න පන්න පහර දුන්නා.
පසුව කරුණු සොයා බැලීමේ දී දැනගත්තෙ සිද්ධවෙලා තියෙන දේ... රෝහණ යන්න ඕනෑ මළගමට නෙමෙයි ගිහින් තියෙන්නෙ. ඒ ගමේ සිද්ධවෙච්චි අවුරුදු හැත්තෑවක් වයසක මනුස්සයකුගෙ මළගමට ගිහින් තමයි මේ අය කතාවක් පැවැත්තුවේ.....කෙළින් හිටින්න බැරි වෙන්න බීල හිටිය නිසා කට්ටියට හරියට සොයාගන්න බැරි වුණා යන්න තියෙන මළගම කොහෙද තියෙන්නෙ කියලා.

අලව්ව සිසිර අබේකෝන්



අදහස් (0)

මළගෙදර මාරුවී අම්බානට ගුටිකාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site