IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මත් ආරූඪයෙන් පියා “බයිට්’’ එකට අරන්

මොරගොල්ලාගම සිසිර කැලේගම.



සාස්තර ඇසීමට ගිය පියකු සාස්තර කියන විලාසය දැක කෝපයට පත්ව තම ආරූඪ පුත්‍රයාට කනේ පහරක් ගසා එතැනින් නික්ම ගිය පුවතක් ගල්කිරියාගම පොලිස් වසමට අයත් ගම්මානයකින් අසන්නට ලැබුණි.
පුත්‍රයා ආරක්ෂක අංශයේ සේවයේ නියුතු අයෙකි. නිසි කල වයස  සපිරුණු ඔහු පසුගියදා විවාහ වුණි. මවුපියන් වෙසෙන නිවසට පුත්‍රයා මනාලිය කැඳවාගෙන පැමිණියේය.
ඔහුගේ යුග දිවි ගමනට සුබ පතන්නට අවට මිතුරෝ එක්ව සිටියහ.
රාත්‍රියේ මිතුරන්ගෙන් වෙන්ව තනි වූ පුත්‍රයා සිය සහකාරිය සමග මවුපියන් වෙසෙන නිවසේ ඔවුනට වෙන් වූ කාමරයට ගොස් සිටින අතරේ පුත්‍රයාගේ කතා බහා වෙනස් වුණි.
එය දැක බිය වූ නවක මනාලිය කාමරය අතරින් එළියට පැන සිද්ධිය නිවසේ සිටි නැන්දා මාමාට පැවසුවාය.
ඔවුහු වහ වහා කාමරය දෙසට දිව ගියහ.
පුත්‍රයාට දේව ආරූඪයක් වැහී එන බව ඔවුන්ට වැටහිණි.
තම පියා එකල උඩැක්කි කවි කීමට සමතෙකි. මෙම නිවසේ එකල වාර්ෂිකව බත් මාලා පවා තිබූ නිවසකි.
මේ නිසා දේව විශ්වාසය ගැන පියාට ද ඇත්තේ පුදුමාකාර භක්තියකි.
පියා වහා පුටුවක් ගෙනැවිත් තැබීය. ඒ මත සුදුපාට රෙද්දක් අතුරා තම පුතුට වාඩි වීමට ඉඩ සලසා දුන්නේය.
එහි වාඩි වූ පුතා පියාගේ අත අල්ලා ගත්තේය. 
බුලත් අතක් අරගෙන ඇවිත් සාස්තරයක් ඇසීමට සූදානම් වෙන ලෙසට ආරූඪව සිටි පුතා පියාට අණ කළේය.
අවට කඩේකට දිව ගිය පියා බුලත් අතක් රැගෙන විත් කහ වතුරෙන් සෝදලා පුතු පුටුවේ වාඩි වී සිටියදී බිම පැදුරක් දමා එකත් පසෙක වාඩි වුණේය.
පුතා දේව භාෂාවෙන් කතා කරන්නට විය.
“තමාගේ ගෙදර අය දැන් ලෙඩ වෙනවා නේද?
ඉස්සර බත් මාලාව දුන්නා. ඒ කාලේ ගෙදරට විතරක් නෙමෙයි ගමටම තිබුණු පිහිට දැන් කොයි. ඒ හින්දා වෙච්චි වැරදි හදා ගනින් දරුවා. නැවතත් බත් මාලා දෙනවා, කියා පඬුරක් ගැට ගහලා මා ඉදිරියේදී පොරන්දු වෙයන්” යනුවෙන් ආරූඪයෙන් පියාට පැවසීය.


සියල්ලට ළෙන්ගතුව යටහත්ව අණ පවතියි, කියා උත්තර දුන් පියා කාසියක් ගෙන සුදු රෙදි කැබැල්ලක පඬුර ගැට ගසන්නට දුම් අල්ලන අතරවාරයේ සවස් යාමයේ වෙන්ව ගිය මිතුරෝ ද එය බැලීමට එතැනට රැස්ව සිටියහ. ඔවුන්ගේ ද හැසිරීම් රටාවන් වෙනස්ය. ඒ ගැන විපරම් කරන පිරිසට දැන ගන්නට ලැබුණේ මොවුන් සවස් යාමයේ එක්ව මත්වෙන යමක් කාලා සිහි විකල් භාවයෙන් පසුවෙන  බවයි.
සිද්ධිය වටහා ගෙන ලැජ්ජාවට පත් පියා ‘‘තෝ පිස්සු විකාරයෙන් මත් වෙලාද බොල ඒකට බයිට් එකට මාව අල්ලා ගත්තේ” යනුවෙන් රැස්ව සිටි පිරිස ඉදිරියේම ආරූඪව සිටි පුත්‍රයාට කනේ පහරක් ගසා දොස් නගමින් නැගිට ගියාලු‍. ඒ සමගම පුත්‍රයාගේ ආරූඪයත් ඉවත්ව ගියාලු‍.



අදහස් (0)

මත් ආරූඪයෙන් පියා “බයිට්’’ එකට අරන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site