IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සාදය අස්සේ බිරියයි දුවයි වාෂ්ප වෙලා

කැබිතිගොල්ලෑව - හේමන්ත රණසූරිය



අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි.
කතාව මෙසේය. 
මෙම අඹුසැමි යුවළට තරුණ වයස නොඉක්මවූ අඩු වයස් දැරියක් සිටියාය. මෙම දැරිය තරුණයකු සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් හොර රහසේම නිවෙසින් පලා යාම හේතුවෙන් ප්‍රදේශයේ පොලිසියට පැමිණිලි කොට ඔවුන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ බාල වයස්කාර එම දැරිය පරිවාස කඳවුරක් බාරයේ සිටියාය.
මෙම සිදුවීමෙන් පසුව බිරිය විදෙස්ගතව සිට යළි දිවයිනට පැමිණියේ මෙවර සිංහල අලු‍ත් අවුරුද්දට සතියකට පෙරය. 
දියණිය සමග ප්‍රේම සම්බන්ධතාව පවත්වාගෙන ගිය තරුණයා ප්‍රදේශයේ මේසන් වැඩ කරමින් ජීවත් වන අතර, මෙම අඹු සැමි දෙදෙනා අතර ද ඉතාමත් කුලු‍පගව සිටින අයෙකි.
මේ අතර, පරිවාස කාර්යාලයෙන් දියණියට අලු‍ත් අවුරුද්දට කෙටි නිවාඩුවක් දීමෙන් පසුව ඇය තම නිවෙසට පැමිණියාය. 
තමාගේ දියණිය සමග ප්‍රේම සම්බන්ධතාව පවත්වාගෙන ගිය තරුණයාට අවුරුදු පාටියක් දීමට සැමියා සහ බිරිය තීරණය කළහ. 


සාදය ජයටම කෙරීගෙන ගියේය. එදින රාත්‍රියේ එම නිවෙසේ සංගීත බජව්වකි. මාස්ටර්ලා ඔස්තාර්ලා කණ්ඩායමක්ම ඇවිත් සිටියහ. සර්පිනා, තබ්ලා, රවිකි සේරම ගගහා නානාප්‍රකාර සින්දු ගායනා කරන්නට පටන්ගත්හ. තැබෑරුම්වල සීල් අරක්කු මෙන්ම ගමේ ගොඩේ වෙලේ සුදාලා ද සාදයේ සිටි පිරිස චණ්ඩි බවට පත් කරන්නට වැඩි වේලාවක් ගත නොවීය. 
මධ්‍යම රාත්‍රිය ගත වන විට සාදයේ පිරිස සීසීකඩ වැටී ගොරවන්නට වූහ.
සැමියා පාන්දර අවදි වී බලන විට දියණියත් බිරියත් නිවෙසින් අතුරුදන් බාල වයස්කාර දියණියගේ පෙම්වතා ද පෙනෙන්නට නොසිටියේය. ඔහු කලබල වී විපරම් කර බලන විට ලියුම් කඩදහියක් මේසය උඩ පෙනෙන්නට තිබුණි. 
එහි සඳහන්ව තිබුණේ, බිරියත්, දුවත් දෙදෙනාම ප්‍රේම සම්බන්ධතාව පැවැත්වූ තරුණයා සමග දංකොටුව ප්‍රදේශයේ උළු මෝලකට යන බවය. එපමණක් නොව එහි තවත් විශේෂ වාක්‍යයක් සඳහන්ව තිබුණි. එය මෙසේය. “මම දුව පරිවාසෙට භාර දෙනවා. එයාගේ කල වයස හරි යනකන් මම මෙයා එක්ක උළු මෝ‍ලේ වැඩ කරනවා. ඔයා වෙන අතක් බලාගන්න.”‍ යනුවෙනි. 
සැමියා අන්දුන්කුන්දුන් විය. ඔහුගේ ඥාති පිරිස පැමිණ මේ බව පොලිසියට දැනුම් දෙන ලෙස කීවත්, සැමියා පොලිසියට පැමිණිලි කිරීමට අකැමැති විය. 
මේ වන විට නිවෙසින් එළියට නොබැස තනිපංගලමේ ජීවත් වන සැමියා කම්මුලේ අත තියාගෙන අහස පොළොව ගැටලන්නට කල්පනා කරනවාලු‍.



අදහස් (2)

සාදය අස්සේ බිරියයි දුවයි වාෂ්ප වෙලා

රිතික් Tuesday, 23 April 2024 07:39 PM

දුව පරිවාසෙට...

:       0       4

Lalla Thursday, 25 April 2024 10:38 AM

ජුගුප්සාජනක ම්ලේච්ඡ චරිත...පල නොකල යුතු සිදුවීම්.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site