IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


හදිසි අනතුරු වලක්වා ගනිමු

රට පුරාම බේත්  හිඟයක්

මේ වන විට අපේ රටේ යම් අර්බුදකාරී වාතාවරණයක් ගොඩ නැගී ඇති බවට සියලුම දෙනා දැනුම්වත් වී අවසානයි. සෞඛ්‍ය සේවය පැත්තෙන් ගත්තත් බොහෝ අත්‍යවශ්‍ය ඖෂධ ගණනාවකම හිඟතාවක් මතුව ඇත. ‘ලෙඩ නොවී ඉන්න .මේ මොහොතේ රටේ බේත් හිඟයක් තියෙනවා ‘ මේ සුපුරුදු කියමන ඔබට බොහෝ වර ඇසී ඇතුවාටද සැක නැත.

මෙවන් අර්බුදකාරී කාලයක අපේ මානසික සුවතාව ,පරෙස්සම පවා ගිලිහී යා හැකියි. එවන් කාලයක් සහ     හදිසි අනතුරු අතර ඇත්තේ බොහොම සමීප සම්බන්ධතාවයක් යැයි කියුවද පුදුමයක් නොවනු ඇත.

මානසික සුවය ගිලිහී යාම

අර්බුදකාරී අවස්ථාවක දී මානසික ආතතියක් ඇති වීම සුලබ කාරණයකි. එවන්   ව්‍යාකූල අවස්ථාවකදී හදිසි අනතුරු පවා වලක්වා ගත හැකි ක්‍රියා මර්ග ඔලුවේ තිබුණත් ක්‍රියාත්මක නොවීම ගැන පුදුමයක්ද නැත.

ඒත් අවාසනාවකට වගේ අනතුරක් සිදු වුවහොත් එයට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව, අර්බුදකාරී අවස්ථාවක වෙනදාට වඩා අඩු මට්ටමක තිබෙන්නටත් ඉඩකඩ පවතී. අනතුර සිදුවීමෙන් පසුව රෝහලකට යොමුවීමේ අවස්ථාවේ සිට නියමිත ප්‍රතිකාර  ලබා ගන්නා අවස්ථා දක්වා වෙනදාට නොතිබෙන විවිධ බාධාවලට මුහුණ දෙන්න වෙන අවදානම, එවන් වකවානුවක ඉතා දැඩියි.

මේ නිසා අර්බුදකාරී අවස්ථාවලදී අනතුරු මඟහරවා ගැනීම වෙනදාටත් වඩා වැදගත් බව සිහිතබා ගැනීම වැදගත්ය.    නිවසේ දී සිදුවිය හැකි අනතුරු මගහරවා ගැනීමට අපට කළ හැක්කේ මොනවා ද කියා විමසීමත් වැදගත් වේ.

නිවසේ අවදානම් ස්ථාන

නිවස තුළ පවතින ලිස්සා වැටිය හැකි ස්ථාන හොඳින් නිරීක්ෂණය කොට පිළියම් යොදන්න.

උදාහරණයක් ලෙස ලිස්සනසුලු පාවහන්/ පාපිසි/ ඇතිරිලි ආදිය  අනතුරු සිදුවීමට කලින් ඒවා ඉවත් කිරීමට කටයුතු කළ යුතුයි. විශේෂයෙන්ම, පඩි පේලි අසල එලා ඇති ලිස්සන සුළු පාපිසි වැනි දේ ඉතාමත්ම අනතුරු සහගතයි. පාපිසි හෝ පොළොව මත වෙනයම් ආවරණයක් දමා ඇති අවස්ථාවලදී එය ලිස්සා නොයාමට එහි පොළොව සමඟ ගැටෙන මතුපිට රබර් වැනි ඝර්ෂණය වැඩි  ද්‍රව්‍ය‍ තිබීම වඩාත් සුදුසු වේ.

කළ යුතු දෙය ඒ මොහොතේදීම

ලිස්සන සුළු දෙයක් ගෙබිම මත වැටුණු අවස්ථාවලදී කල් දැමීමකින් තොරව එය හැකි ඉක්මනින් පිරිසුදු කිරීම අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක් බව සිහි තබා ගැනීම වැදගත්ය.

නිවස තුළ අනවශ්‍ය පරිදි අපිළිවෙළට ගෘහ භාණ්ඩ ගොඩ ගැසී තිබීම අනතුරු විය හැකි සම්භාවිතාව වැඩි කරන්නකි.  විශේෂයෙන් වැඩිහිටි පුද්ගලයන් හා කුඩා ළමයින් සිටින නිවෙස්වල මෙසේ සිදුවන අනතුරු සුලබව ඉහළ ගොස් ඇත.

නිවස ඇතුළේ දී සිදු විය හැකි අනතුරු

දැනට රටේ පවතින විදුලි අර්බුදය නිසා වරින්වර විදුලිය විසන්ධි වීම්  සිදු වේ. එවැනි අවස්ථාවල දී, පෙනීම දුර්වල හෝ වයෝවෘධ අය නිවස තුළ අඩු ආලෝක තත්ත්වයක් යටතේ ගමන් කිරීමේ දී අනතුරුවලට ලක්වීමේ වැඩි සම්භාවිතාවක් ඇත.  

එබැවින් නිවසෙහි නිතර එහා මෙහා ගමන් කෙරෙන ස්ථාන හරස් වෙන ආකාරයට විවිධ දේ තැබීමෙන් වැළකීම සුදුසුයි. විදුලිය විසන්ධි වී ඇති රාත්‍රී කාලයේ නිවෙස තුළ ගමන් කිරීමේ දී සුදුසු ආලෝක ප්‍රභවයක් යොදා ගැනීම, ඇතැම් විට අතපසු වෙන නමුත්  ඉතාමත්ම වැදගත් කරුණකි.

සමතුලිතතාව රැක ගැනීම

ශරීර සෞඛ්‍ය සහ මාංශ පේශිවල ශක්තිමත් භාවය පවත්වා ගැනීම ද නිවස තුළ ඇදවැටීම්, ලිස්සා වැටීම් අවම කර ගැනීමට හේතුවකි.  

ශරීරයේ සමතුලිත භාවය පවත්වා ගැනීමට සහ සමතුලිතතාව නැති වූ අවස්ථාවක දී යළිත් සමතුලිතතාව ලබාගැනීමට මෙම මාංශ පේශිවල මනා ක්‍රියාකාරීත්වය   අවශ්‍ය කෙරේ.  ශක්තිය හා සමබරතාව පවත්වා ගැනීමට දෛනික ව්‍යායාම්වල යෙදීමත් අත්‍යවශ්‍ය වේ. 

වැඩිහිටි පුද්ගලයින් නාන කාමර තුළ ලිස්සා වැටීම ද සුලබව වාර්තා වන සිදුවීමකි. වැසිකිලිවල  ස්ථානගත කල අත්වැල් / අධාරක තිබීම   නැගිටීමේ දී සමතුලිතතාව ගිලිහී යාමෙන් වන අනතුරු වලක්වා ගැනීමට රුකුලකි.

අමතකව යන සුළු සුළු කරුණු

නිවසේ පඩිපේළි සඳහා අත්වැටක් සවි කර තිබීම ඉතාමත් වැදගත් අපට අමතකව යන කරුණකි. පඩි නැගීමේදී  මෙන්ම බැසීමේදීත් අත්වැට අල්ලා ගෙන සිටීම, අනතුරක් සිදු වීමේ සම්භාවිතාව වගේම බරපතළ බව අඩු  කිරීමටත් බෙහෙවින් උපකාරීවන වේ.

විකල්ප ආලෝක ප්‍රභව ආදියේ ගුණාත්මක භාවය

විදුලිය විසන්ධි වන අවස්ථාවලදී භාවිත කරන විවිධ ආලෝක ප්‍රභව ගැන සැලකීමේ දී ගිනි ගැනීමේ අවධානමද පැවැතිය හැකියි. ඒ ගැනත් අවධානය යොමු කළ යුතු වේ.  පන්දම්, කුප්පි ලාම්පු වැනිදේ පෙරළීමෙන් වගේම විදුලි සැපයුම සඳහා විවිධ විකල්ප භාවිත කිරීමේදී නියමිත ප්‍රමිතියට අනුකූලව එම උපකරණ හා බැටරි සම්බන්ධ වී නැත්නම් ඒවායින් ද ගිනි ගැනීමේ අවධානමක් ඇතිවෙනවා. වඩාත් වැදගත්ම කරුණ එවන් අනතුරු සිදු නොවීමට වගබලා ගැනීමයි. 

ළමයින් ගැනත් අවධානයෙන් සිටින්න

සෙල්ලම් කිරීමේදී ඇතැම් විට අවදානමක් ගැනීම ළමයින් සාමාන්‍යයෙන් සිදු කරන දෙයක්. ඒත් මේ දිනවල පවතින තත්ත්වය නිසා එවැනි අවදානම් සහගත අවස්ථා පිළිබඳව වැඩිහිටියන් නිතර අවදියෙන් සිටීම ඉතාමත්ම වැදගත් වේ.

දුෂ්කර අවස්තා පසු වන තුරු අවදානමට පෙර සූදානම වැදගත් බව අපි සියලුම දෙනා තේරුම් ගත යුත්තෙමු.

(සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ තොරතුරු ඇසුරින් සැකසුණි)

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

හදිසි අනතුරු වලක්වා ගනිමු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1426 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1300 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 469 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site