
වැහි කාලේ කියන්නේ ඉතින් වයිරස්, බැක්ටීරියා ක්‍රියාකාරීත්වය ඉහළ ගොස් අපේ ප්‍රතිශක්තිය තරමක් විතර අඩපණ කරන කාලයක්. මේ කාලයේදී ප්‍රතිශක්තිය ඉහළ නංවන ආහාර පාන ලබාගැනීමෙන් මේ තත්ත්වයන් අවම කරගන්න පුළුවන්. මේ එලෙස නිවසේදී සාදාගත හැකි ඖෂධීය පාන වර්ග කිහිපයක්.
ගම්මිරිස්, සූදුරු තේ
උණුවතුර කෝප්පයකට ගම්මිරිස්, සූදුරු කිහිපයක් එකතු කර තැම්බෙන්න තබා පෙරාගෙන උදෑසන, සවස වේල් දෙකක් පමණ පානයට ගන්න. මෙමගින් ආහාර ජීර්ණය පහසු කර, බඩ පිපුම අවම කර, අනවශ්‍ය මේදය දහනය කරයි. සිරුරේ පරිවෘත්තිය ක්‍රියාවලිය ක්‍රමවත් කර උගුරේ ආසාදන, සමේ රෝග නසා ප්‍රතිශක්ති ඉහළ නංවයි.
ඉඟුරු, කුරුඳු සහ දෙහි පානය
ඉඟුරු යුෂ ස්වල්පයක්, කුරුඳු කැබැල්ලක් උණුවතුර කෝප්පයකට දමා තැම්බෙන්න තබා, බීමට ආසන්නයෙන් දෙහි යුෂ එකතු කර පානයට ගන්න. දිනකට එක්වරක් ගැනීම ප්‍රමාණවත්. රුධිර ගමනාගමනය පිරිසුදු කර, රුධිරයේ සීනි මට්ටමද පාලනය කරයි.
සේර, මින්චි තේ
උණුවතුර කෝප්පයකට සේර කැබැල්ලක්, මින්චි කොළ කිහිපයක් තළා දමා තැම්බෙන්න තබා, සවස් කාලයේදී පානයට ගන්න. පෙණහලු ආසාදන වළක්වා, මානසික ආතතිය පාලනය කරවයි.
කරාබු නැටි, එනසාල් පානය
කරාබුනැටි දෙකක්, එනසාල් ඇට දෙකක් තළා උණුවතුර කෝප්පයකට දමා තැම්බෙන්නට තබා පානය කරන්න. මෙම පානය ප්‍රධාන ආහාර වේලකට විනාඩි 30 කට පසු උදේ සවස පානයට ගන්න. මෙය කැස්සට කදිම ඔසුවක් වගේම, විදුරුමස් ශක්තිමත් කර, සිරුරේ විෂ නසයි.
බෙලිගැට තේ
වියළි බෙලි ගැට කැබැල්ලක් සමග කරාබුනැටි දෙකක්, ඉඟුරු යුෂ ස්වල්පයක් උණුවතුර කෝප්පයකට දමා තැම්බෙන්න තබා සවස් වරුවේ පානයට ගන්න. වැසි සමයේ වතුර සහ ආහාරවලින් මතුවන අතීසාරය, බඩවැල් ආසාදන, අජීර්ණ තත්ත්ව වගේම ආමාශ තුවාලද සුව කරයි.
නෙල්ලි, මීපැණි තේ
නැවුම් නෙල්ලි ගෙඩි කිහිපයක් හෝ වියළි නෙල්ලි කිහිපයක් තැම්බෙන්නට තබා, එය තරමක් නිවුණු පසු පෙරා එයට මී පැණි, දෙහි බිංදු කිහිපයක් එකතු කර පානයට ගන්න. උදෑසන කාලයේ හිස් බඩ පානය කරනවා නම් වඩාත් සුදුසුයි. මෙම පානය ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් ඉහළයි.
උපදෙස් - ආයුර්වේද වෛද්‍ය ඉමාෂා උඩවත්ත
මහේෂානි මීගහපොල (I J)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd