IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


සුදු කෙස් කළු කරන්නේ බලාගෙනයි

ස්වාභාවයෙන්ම අපට උරුම වී ඇත්තේ කලු පැහැති හිසකෙස්ය. කල් ගතවෙද්දී මේ කලු පැහැ හිසකෙස් සුදු පැහැයට හැරේ. ඒ සඳහා විවිධ හේතු කාරණා බලපාන අතර වයස් ගත වීම, පීනස වැනි රෝගී තත්ත්ව නිසාද හිසකෙස්වල පැහැය වෙනස් වීමට පුළුවන. වයසට යාමත් සමග හිසකෙස් පැසීම නොඑසේනම් සුදු වීම සාමාන්‍ය තත්ත්වයකි. ඒත් ඒ ස්වාභාවිකත්වයද පරදා යමින් සුදු පැහැ හිසකෙස් කලු පැහැ කිරීමට විවිධ ඩයි වර්ග මේ වනවිට වෙළෙඳපොළ ආක්‍රමණය කොට අවසන්ය. මේ ඩයි වර්ග අද වනවිට කාන්තා පක්ෂය සේම පුරුෂ පක්ෂයද භාවිත කිරීමට පටන් ගෙන ඇත.

හිසකෙස් සඳහා වන ඩයි වර්ග සංයුතිය ගෙන බැලීමේදී අහිතකර රසායනික සංඝටක රාශියක්ම ඇතුළත් වේ. එනම් විශේෂයෙන්ම ඇමෝනියා සහ PPD නම් සංගටක 02 ප්‍රධාන වශයෙන්ම යෙදේ. මේවා සම ආශ්‍රිතව ඇතිවිය හැකි අසාත්මිකතාවලට ප්‍රධාන හේතුවකි. වෙළෙඳපොල වෙත නිකුත් කෙරෙන ඩයි වර්ග අතුරින් ස්ථිර සහ අර්ධ ස්ථිර යන ඩයි වර්ග නිසා බොහෝ දුරට සෞඛ්‍ය ගැටලු මතු වී ඇත. ඩයි වර්ග භාවිතයෙන් හට ගැණෙන අසාත්මිකතා ප්‍රධාන කාණ්ඩ 02ක් යටතේ වර්ග කළ හැකිය.

Irritant Dermatitis

මෙකී අසාත්මිකතාව හට ගැණෙනුයේ රසායනික ද්‍රව්‍ය තැවරුණු සැණින්මයි. රතු වීම, කැසීම, පලු දැමීම, ඉදිමුව ආදී සංකූලතාද මතු විය හැකියි. ඩයිවල අඩංගු වන ඇමෝනියා නම් රසායනිකය නිසා මෙම සංකූලතාව මතු විය හැකියි.

Allergic Dermatitis

මෙම අසාත්මිකතාවට PPD නම් රසායනිකය බලපානු ලැබේ. පුද්ගලයාගෙන් පුද්ගලයාට මෙම අසාත්මිකතාවේ බරපතළකම වෙනස් විය හැකිය. ඩයි වර්ගය භාවිත කරන මුල් වතාවේදීම අසාත්මිකතාව මතු නොවුණද එය දෙවැනි තුන්වැනි වර භාවිතයේදී අසාත්මිකතා මතු වීමට පිළිවන. එසේ නොමැති නම් ඩයි වර්ගය ආලේප කර පැය 48ක් ,සතියක් ඇතුළතදී වුවද අසාත්මිකතාවට ගොදුරු වීමට හැකියි.

මෙම අසාත්මිකතාවේදී හිස් කබල ආශ්‍රිත සම කැසීම, රතු වීම, පලු දැමීම, ඉදිමීම වැනි සංකූලතා හට ගැනේ. නළල, බෙල්ල සේම බෙල්ල පිටුපසත්, පිටෙත් වතුර පිරුණු බිබිලි ඇති වේ. අසාත්මිකතා තත්ත්වය තවත් දරුණු අතට යයි නම් ඇස් පිහිටු, ඇස් දෙක, කන් දෙක ඉදිමීමද සිදු විය හැකියි.

ඩයි වර්ග භාවිතයේදී ඇති දරුණුම අතුරු පලය වනුයේ ජීවිත හානි සිදු වීමට පවා ඇති අවකාසයයි. එය ඩයි භාවිතයේ ඇති අධි අසාත්මිකතා තත්ත්වයයි. මෙම අධි අසාත්මිකතාව Anaphylaxis නමින් හැඳින්වේ. මෙහිදී රුධිර පීඩනය අඩුවී හෘද ස්පන්දනය නතර වී පුද්ගලයා මිය යාමට පවා හැකියි.

ඩයි වර්ග භාවිතයේ අතුරුපල

දිගු කලක් මුළුල්ලේ සිට එකම ඩයි වර්ගය භාවිත කළද පසු කලකදී සම කැසීම, මුහුණ ආශ්‍රිත සම කලු පැහැ වීම, නළල දෙපැත්ත සමේ වර්ණය වෙනස් වීම් ආදියත් සිදුවිය හැකියි. ඩයි වර්ග හිසට යෙදුවද මුහුණේ සමෙහි වුවද තැවරිය හැකියි. එසේම හිරු එළියට ශරිරයේ නිරාවරණය වන පෙදෙස් කැසීමත්,කලු පැහැ ගැන්වීමත් අත්,කකුල්වලත් කලු පැහැ ගැටිති ඇති වේ.

PPD රසායනිකයේ තරම

මෙම රසායනිකය ඩයි වර්ගවලට පමණක් නොව අප අඳින පළඳින දෑවලත් , පරිහරණය කරන ද්‍රව්‍යවලත් අන්තර්ගත වේ. ඒ අනුව කලු පැහැති රෙදිපිළි, අත් බෑග්, පර්ස්, කලු පැහැති පටි සහිත අත් ඔරලෝසු, කලු පැහැ රබර් සෙරෙප්පුවලද මෙම PPD බහුලව අන්තර්ගතයි. මෙම ද්‍රව්‍යවලට තද කලු පැහැයක් ගෙන ඒම සඳහා PPD රසායනිකය වැඩි වශයෙන් යොදා ගැනේ. යම් පුද්ගලයකුට ඩයි නිසා අසාත්මිකතාවක් හට ගතහොත් එවැනි අය මෙම කලු පැහැති බඩු භාණ්ඩ පරිහරණයෙන් මිදිය යුතු බවට උපදෙස් ලබා දේ.

ඔලුවට දාන ඩයි නිසා කකුල්වල අසාත්මිකතා ඇයි?

කලු පැහැ රබර් සෙරෙප්පු නිෂ්පාදනයේදී PPD බහුලව යොදා ගැනේ. අසාත්මිකතා ඇති පුද්ගලයකු කලු පැහැ රබර් සෙරෙප්පු පැළඳීමේදී කකුල් කැසීම, දෙපාවල කලු පැහැ ගැටිති මතු වීමද සිදු වේ. එබඳු පුද්ගලයන් තමන්ට අසාත්මිකතා ගෙනදෙන දෑ හඳුනා ගෙන ඒවා භාවිතයෙන් ඉවත් වී සිටීම අනිවාර්යයි.

Patch Test සාර්ථකද?

සාමාන්‍යයෙන් පුද්ගලයකු හිසකෙස් කලු කිරීමට යොදා ගන්නා ඩයි වර්ගය භාවිත කරන පළමු අවස්ථාවේදී ඉන් ස්වල්පයක් කන පිටුපස ආලේප කර ටික වේලාවක් තබා අසාත්මිකතා මතු වේදැයි සොයා බලනු ලැබේ. විනාඩි ගණනක් ඇතුළතදී යම් අසාත්මිකතාවක් මතුවුවහොත් ඩයි වර්ගය ආලේප නොකිරීමට වගබලා ගත යුතුය. ඒත් සාමාන්‍යයෙන් Patch Test එක් වරක් පමණක් කිරීම යෝග්‍ය නොවන අතර ඩයි භාවිත කරන වාරයක් පාසාම මෙය සිදු කළ යුතුයි.

යම් හෙයකින් ඩයිවලට අසාත්මිකතාවක් මතු වූ වහාම වෛද්‍ය උපදෙස් කරා යොමු විය යුතුවේ. තවද චර්ම රෝග හෝ අසාත්මිකතා සම්බන්ධයෙන් ඇති සායනවලටද ඔබව යොමු කෙරෙනු ඇත.

ඩයි වර්ග භාවිතයේදී දී ඇති උපදෙස් පිළිපදින්න

යම් පුද්ගලයකුට PPD රසායනිකය නිසා කිසිඳු අසාත්මිකතාවක් මතු නොවුණද ඩයි භාවිතයේදී ලබා දී ඇති උපදෙස් අනුව කටයුතු කිරීම ඉතාම වැදගත්ය. එනම් මූලිකවම ඩයි යොදනුයේ හිස් කබලට නොව හිසකෙස් මතයි. කිසිඳු ලෙසකින්වත් ඩයි වර්ග හිස්කබලේ ආලේප කිරීම සුදුසුම නැත.

එමෙන්ම තෙල්, දූවිලි,කුණු රහිත වියළි හිසකෙස් මතුපිට ඩයි ආලේප කර ඉවත් කළ යුතු වෙලාවටම සොදා හැරිය යුතු වේ.

එක් වර්ගයකට ඇති අසාත්මිකතාව වෙනත් ඩයි සඳහාත් පවතීද?

නිෂ්පාදනය වෙනස් කළ පමණින් ඩයි සඳහා ඇති අසාත්මිකතාව මඟ හරවා ගැනීමට නොහැකියි. සියලුම ඩයි වර්ගවල සංයුතිය ගෙන බැලීමේදී රසායනික ද්‍රව්‍ය ඉතා වැඩියි. එබැවින් එක් ඩයි වර්ගයක් පුද්ගලයකුට අසාත්මිකතාවක් ගෙන දුනහොත් වෙනත් නිෂ්පාදනයකට මාරු වීමට උපදෙස් දීමටවත් නොහැකියි. අනෙක් සියලුම ඩයි වර්ග සඳහා ද මෙබඳු පුද්ගලයන්ට ඇත්තේ අසාත්මිකතාවක් සඳහා අවදානමක් පමණි.

අද වෙළෙඳපොළේදී PPD රහිත ,ඇමෝනියා රහිත යනුවෙන් ලේබල් ගසා අලුත් ඩයි වර්ග හඳුන්වා දුන්නද අනෙක් රසායනික සංඝටක ගත් කල අසාත්මිකතා ගෙනදීමට පුළුවන. එබැවින් ඩයි සඳහා අසාත්මිකතා ඇති පුද්ගලයන්ට දිය හැකි උපදෙස් වනුයේ රසායනික සංයෝග ඇති ඩයි වර්ග භාවිතයෙන් හැකිතාක් ඉවත් වන ලෙසයි.

ඩයි වෙනුවට හෙනා සුදුසුද?

හෙනා ගත්තද රතු හා දුඹුරු වර්ණ ස්වාභාවික හෙනා වර්ණ ලෙස සැලකේ. කලු හෙනා ස්වාභාවිකව වර්ණක කාණ්ඩයට අයත් නොවන අතර මේවායෙහිද PPD සහ ඇමෝනියා අන්තර්ගත වේ. ස්වාභාවික කලු හෙනා නොමැති අතරම කලු හෙනාද සෞඛ්‍යාරක්ෂිත නොවන බව මතක තබා ගත යුතු වේ.

ඩයි භාවිත කරන්නන්ට පොදු උපදෙස්

♦ එක් ඩයි වර්ගයක් භාවිතයේදී අසාත්මිකතා මතු වනවිට ඩයි භාවිතයෙන් වහා ඉවත් වන්න.

ඒ වෙනුවට වෙනත් ඩයි නිෂ්පාදනයක් සඳහා මාරු නොවන්න. මන්ද සියලුම ඩයි වර්ගවල සංයුතිය පොදුයි. වෙනත් කිසිදු ආදේශකයක්ද නොමැති බව දැන ගන්න. අසාත්මිකතා දුරු වීමෙන් මරණය පවා සිදු විය හැකියි. ඩයි ෂැම්පුවල පවා අසාත්මිකතා වැඩියි.

♦ අප ඉහතින් සඳහන් කළ කලු පැහැති ඇඳුම් පැළඳුම්, කලු පැහැ ඔරලෝසු පටි සඳහා අසාත්මිකතා දක්වන පුද්ගලයන් දුඹුරු පැහැති වර්ණවලට මාරු වන්න.

♦ සුදු හිසකෙස් කලු පැහැ කිරීම උදෙසා ඩයි ආලේප කළ පුද්ගලයන් අව්වට නිරාවරණය වීමද සුදුසු නොවේ. තමන් ආලේප කළ ඩයි විශේෂය අව්ව සමග ප්‍රතික්‍රියා කිරීම නිසා කැසීම, රතු වීම ඉදිමීම ආදී විවිධ සංකූලතා පැන නැගිය හැකියි.

♦ ඒ වගේම කාලයක් තිස්සේ හිසකෙස්වල ඩයි ආලේප කළ පුද්ගලයන්ටද සුදු කබර වැනි සුදු පැහැ ලප හිස් කබලේ හට ගැනීම සිදු වේ. එසේම හිසකෙස්වලටද දරුණු හානි ගෙනදේ. හිස කෙස් ඉක්මනින් කැඩී යාමට, පළුදු වීමට,ශක්තිමත්භාවය ගිලිහී යාම සිදුවේ. එබැවින් සුදු හිසකෙස් කළු කිරීම උදෙසා ඩයි වර්ග භාවිත කිරීමේදි බොහෝ කල්පනාකාරී වන්න. ඔබගේ නිරෝගී සෞඛ්‍යයට තර්ජනයක් නොවන ලෙසට පරෙස්සමින් සහ හොඳ අවබෝධයකින් ඩයි භාවිත කිරීමටත් වලබලා ගන්න.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (2)

සුදු කෙස් කළු කරන්නේ බලාගෙනයි

Tharushika Subodani Tuesday, 16 August 2022 06:18 AM

සුදු කෙස් වලට කරන්න වෙන විසදුමක් නැද්ද? කිසිම ඩයි වර්ගයක් මට පාවිච්චි කරන්න බෑ.

:       4       7

Harshe Tennakoon Friday, 19 August 2022 03:24 PM

ගොඩක් වටිනා ලිපියක්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1426 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1300 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 469 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site