IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


ලැජ්ජා වුණොත් අමාරුවේ බෙහෙත් කළොත් ලෙඩ සුව වේ

පුංචි දේ පුංචි තැනින් කඩා ගත්තේ නැත්නම් පිළිලයක් වෙනවා. එහෙම වුනාම ඒකෙන් කරදර විදින්න වෙන්නේ තමන්ටමයි. මේ කතාව ලෙඩ රෝග සම්බන්ධයෙන් නිතර අහන්න ලැබෙන දෙයක්. විශේෂයෙන් අපේ කාන්තාවෝ වයසට යෑමත් සමඟ තමන් ගැන දක්වන උනන්දුව සාමාන්‍ය වෙනවා. තමන්ගේ ලෙඩ රෝග ගැන එතරම් උනන්දුවක් දක්වන්නේ නැහැ. නමුත් ශාරීරික වෙනස්වීමක්, රෝගයක් හෝ යම්, අපහසුතාවයක් දැනේ නම් කාන්තා ඔබ මූලික අවදියේම ප‍්‍රතිකාර ස`දහා යොමුවීම අතිශයින්ම වැදගත් වේ.

ලැජ්ජාවට ලෙඩ හංගන්න එපා

කාන්තා ඔබ ඔබට ඇතිවන ඕනෑම රෝගයක් පිළිබ`ද වෛද්‍යවරයකු මුණ ගැසී ප‍්‍රතිකාර ගැනීමට බිය විය යුතු නැත. සමහර රෝග ඉතා සුළු සැත්කම් මගින්ද සම්පූර්ණයෙන් ම සුව කළ හැකිය. ස්කෑන් පරීක්‍ෂණ මගින් සහ රුධිර පරීක්ෂා මඟින් රෝගය හඳුනාගෙන ලැපරොස්කොපි වැනි ඉතා සුළු කැපුමකින් කරන සැත්කම් ද අද බහුලව සිදු කෙරෙයි. එම නිසා රෝගයක් බරපතළ වනතුරු බලා නොසිට මුල් අවධියේම ප‍්‍රතිකාර ස`දහා යොමුවී ප‍්‍රතිකාර ගැනීමේ වාසිය ඇත්තේ ඔබටය. නිශ්චිතවම රෝගය සහ එහි තත්ත්්වය හඳුනාගෙන ප‍්‍රතිකාර කර සුවය ලබාදිය හැක්කේ වෛද්‍යවරයාට පමණක් බැවින් ලැජ්ජාවීමෙන් සිදුවන්නේ රෝගය බරපතළවීම පමණි.

කාන්තාවන් මැදිවිය සහ වයස්ගතවීමේදී සුලබව දක්නට ඇති ගර්භාශ පහත්වීම

ගර්භාශය පහත්වීම කාන්තාවන් මැදිවිය සහ වයස්ගතවීමේදී සුලබව දක්නට ඇති රෝගී තත්ත්්වයකි. මෙම රෝගී තත්ත්වය ආරම්භ වන්නේ මුත‍්‍රාශය පහත්වීමෙනි. හිටගෙන සිටින විට යෝනි මාර්ගයෙන් පිටතට කුඩා බෝලයක් මෙන් මතු වී ඇඳේ හාන්සි වූ විට නොපෙනී යයි. එය රෝගයේ මුල් අවස්ථාවයි. නිදාගෙන සිටිනවිටද යෝනි මාර්ගයෙන් පිටතට බෝලයක් පැමිණීම බරපතළ ය. මෙම බෝගය සමහරවිට නැවත ඇතුළට යන්නේ නැත. එය ඉතා අපහසු තතත්වයකි. එවිට මළපහ කිරිම, මූත‍්‍ර පිට කිරිම ද අපහසු ය. එමෙන්ම එම බෝයේ කෙළවර තුවාල වී රුධිරය සහ දියර ගලයි. එය තවත් අපහසුතා ගෙන දෙයි. එබැවින් පළමු අවස්ථාවේදී ම ප‍්‍රතිකාර සඳහා යොමුවීම වදගත් ය.

ඉර ඉසිලීම, තැටමීම, සුව නොකරගත් දිගුකාලීන කැස්ස වැනි හේතු නිසා මෙම රෝගී තත්ත්වය තවත් වැඩි වේ.

ප‍්‍රතිකාර

සැත්කම් කිරීමට නොහැකි බොහෝ වයස්ගත සහ වෙනත් රෝග ඇති කාන්තාවන්ට වළලූ (ප්ලාස්ටික්* දමා තත්ත්වය පාලනය කරයි. සැත්කමක් මගින් සුව කරගත හැකිය. එසේ නැතහොත් ගර්භාශය ඉවත් කරයි. මුත‍්‍රාශය පමණක් පහත් වී ඇත්නම් විශේෂ ව්‍යායාම මගින් ද සුව කරගත හැකිය.

හු`ගක් කාන්තාවන් බියවන සුදයාම බරපතළ රෝගයක්ද?

සුදයාමේ රෝගී තත්ත්වය ඇතිවන්නේ ‘කැන්ඩිඩා’ නමින් හැඳින්වෙන දිලීරය යෝනි මාර්ගය තුළ වැඞීම හේතුවෙනි. මෙම දිලීරය වර්ධනය වන්නේ ජලය සහ තෙතමනය ඇති ඇතිවීම නිසයි. සුදයාමේ තත්ත්වය වර්ධනයවීමට එය බලපායි.

මේ තත්වය මඟ හරවා ගන්නේ කොහොමද?

යට ඇ`දුම් භාවිතයේදී නයිලෝන් මිශ‍්‍රිත යට ඇඳුම් භාවිත නොකරන්න. හැමවිටම කපු මිශ්‍රීත රෙද්දෙන් මැසූ යට ඇඳුම් පමණක් තෝරාගන්න. සති දෙකකට වරක්වත් යෝනි ප‍්‍රදේශයේ රෝම ඉවත් කරන්න. හැකි තරම් සේදීම අඩු කරන්න. සෝදන විට නිතර සබන් දැමීම සුදුසු නැත. සේ¥ පසු ටිෂූ කඩදාසියකින් හොඳින් පිස දා වියළිව තබාගන්න.

සුදයාමට ප‍්‍රතිකාර?

සුදයාම ස`දහා ඖෂධ තිබුණත් ඒවා භාවිතයට ගැනීමෙන් අනතුරුව තම පෞද්ගලික පිරිසුදුබව රැුක ගැනීමට උනන්දු නොවුනොත් නැවතත් සුදයාම ඇතිවිය හැකිය. එය ඉතා පහසුවෙන් සුව කළ හැකි රෝගයකි. විවාහක කාන්තාවකට නම් යෝනි මාර්ගයට ඇතුළු කිරීමට පෙති ලබාදෙන අතර අවිවාහක අයට ගිලින පෙති ලබාදෙයි. මෙය පහසුවෙන් සුව නොවන අවස්ථාවලදී එම දියර රසායනගාරවලට යවා වැඩිදුර පරීක්‍ෂණ පවත්වා වෙනත් රෝගී

ලිංගික සබ`දතා වලදී ඔබත් වේදනා විදිනවද?

ලිංගික සබ`දතා වලදී වේදනාව අවස්ථා දෙකකදී ඇති වේ. එනම් පුරුෂ ලිංගය යෝනියට ඇතුළු කිරීමේදී සහ පසුභාගයේදී ය.ලිංගික සම්බන්ධතාවලදී ඇතිවන වේදනාව පහසුවෙන් සුව කළ හැකි රෝග තත්ත්වයකි. මෙම ගැටලූව බොහෝවිට ඇතිවන්නේ විවාහ වූ අලූත ය.

මානසික බිය, කන්‍යා සිවියේ තද ගතිය, හේතුවෙන් යෝනි මාර්ගය තදින් වැසී යාම මේ වේදනාවට හේතු වේ. එමෙන්ම ලිංගික සම්බන්ධතා පිළිබඳව ඇති වැරදි මත සහ බිය නිසා සැමියාට ඉඩ නොදීමද මෙම වේදනාවට හේතු වෙයි. වෛද්‍ය උපදෙස් මගින් මෙම වේදනාව නැති කර ගැනීමට අවශ්‍ය මගපෙන්වීම ලබාගත හැකිය. ඒ සඳහා විශේෂිත ව්‍යායාම තිබේ. මානසික ප‍්‍රතිකාර ද අවශ්‍ය ය.

උපදෙස් - නාරි හා ප‍්‍රසව විශේෂඥ වෛද්‍ය ආර්.එන්.ජී.ඒ. රාජපක්‍ෂ

(සටහන නයනා උදයංගනී)

 



අදහස් (0)

ලැජ්ජා වුණොත් අමාරුවේ බෙහෙත් කළොත් ලෙඩ සුව වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 27551 30

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18179 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10881 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 640 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 192 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 849 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site