IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


මුල් අවදියේදීම හඳුනා ගත යුතු ‘ඔටිසම්’

ඔටිසම් කියන වචනය ඇසෙද්දි පවා බහුතරයක්ම බියක් දක්වති. මෙම තත්ත්වය නිවැරැදිව තේරුම් ගෙන අවබෝධ කර ගැනීම තුළ තමා තුළ සැඟවී ඇති වෙනත් විභවයක් සහිත දරුවකු සමාජයට දායාද කළ හැකි වේ.

ඔටිසම් යනු

මෙය බෙහෙවින්ම සංකීර්ණ වූ තත්ත්වයකි. ඔටිසම් තත්ත්වයට ගොදුරු වූ දරුවකු ගතහොත් ඒ දරුවාගේ බාහිරින් මුහුණෙන් හෝ ශාරීරිකවත් කිසිඳු වෙනස් ලක්ෂණයක් නොපෙන්වයි. එනම් හිසෙහි පිහිටීමේ යම් අසාමාන්‍යතාවක්, ඇස් දෙක ප්‍රමාණයෙන් විශාලව පිහිටීම ,උස අඩු වීම වැනි හඳුනා ගත හැකි කිසිඳු ලක්ෂණයක් නොමැත. මොවුන් වර්ධනය අතින් වුවත් කාලයක් යනතුරුම සාමාන්‍ය පරිදි වේ. මෙයාකාරයෙන් මවුපියන්ට පැහැදිලිව හඳුනා ගත හැකි කිසිඳු ලක්ෂණයක් ඔටිසම් දරුවන්ගේ දක්නට නැත. ඔටිසම් දරුවකු කුඩා වියේදී ඇවිදීම වුවද පසුබැස්මක් නැතුව සිදු කරයි. මේ වයසේ පසුවන දරුවන්ගේ චාලක ක්‍රියාවල වර්ධනය ගැන පමණක් මවුපියෝ සොයා බලති. ඒත් ඔටිසම්වල ප්‍රධාන ප්‍රශ්නය තියෙන්නේ සමාජශීලීව තව කෙනකු සමඟ සම්බන්ධ වීමේ සහ අදහස් ප්‍රකාශ කිරීමේදී මතුවන ගැටලු සම්බන්ධවයි. මෙම තත්ත්වය ( Social Development ) සාමාන්‍යයෙන් මවුපියන්ට හඳුනා ගැනීම දුෂ්කර වේ.

අපේ රටේ කුඩා දරුවන් තමන්ගේ එදිනෙදා අවශ්‍යතා සපුරා ගැනීම උදෙසා මවුපියන් මත යැපේ. දරුවා තම මව දෙස බැලුවත්, සිනහ වුවත් අපේ මවුවරු දරුවන්ට වචනයක්වත් පැවසීමට ඉඩ නොතබමින් සියලු ඕනෑ එපාකම් නොපිරිහෙළා ඉටු කරති. මෙම තත්ත්වය මත දරුවා මව සමග සිනාසේද නැද්ද යන්න මවට ප්‍රශ්නයක් නොවිය හැකියි. මව තම දරුවා සමඟ කතා කරමින් කැවීම පෙවීම ආදී සියලු වැඩ කටයුතු ඉටු කරන හෙයින් දරුවාගේ බර පිළිබඳ ප්‍රශ්නයක් මතු වන්නේත් නැති තරම්ය. මෙහිදී ඔටිසම් වැනි තත්ත්වයක් ගැන සැකයක් මතු වන්නේද නැත. එවිට ඔටිසම් හඳුනා ගැනීමේ අපහසුතාව තවත් සංකීර්ණත්වයට පැමිණේ.

ඔටිසම් නිර්වචනයේදී සමාජශීලී හා අන්තර් ක්‍රියා හා සන්නිවේදන ගැටලුවට අමතරව ඔවුන් නිතර නිතර සිදු කරන ක්‍රියාවලි පවතී. සාමාන්‍යයෙන් බිළිඳකු අතපය ගැසීම මාස 06 සිට සිදු කරයි. එහෙත් ඔටිසම් දරුවකු එකී වයසේදී නොකඩවාම අතපය ගසනු ලැබීම විශේෂ ලක්ෂණයකි. මෙම ක්‍රියාකාරකම නිරෝගී දරුවකුගෙන් පරිභාහිර වෙනස් යැයි මවුවරු කිසිලෙසකින්වත් නොසිතති. එය තවත් තීව්‍ර වන්නේ පවුලේ පළමු දරුවාට ඔටිසම් තත්ත්වය ඇත්නම් පෙර දරුවන් නොමැති කම මත මවුපියන්ට තත්ත්වය ගැන නිසි අවබෝධයක් නැත.

සාමාන්‍යයෙන් කුඩා දරුවෝ සෙල්ලම් කරන විට කුඩා වාහන බිම තල්ලු කිරීම සාමාන්‍ය පුරුද්දකි. එහෙත් ඔටිසම් දරුවකු වාහන බිම තල්ලු කරන ගමන් එහි රෝද කැරකෙන දිහාවට වැඩි අවධානයක් ලබා දේ. මේ වයසෙදි වුවත් මෙවැනි තත්ත්ව හඳුනා ගැනීම මවුපියන්ට අපහසු වේ. ඒකාකාරී හැසිරීම් රටා නිසා ඔටිසම් තත්ත්වය තවත් සංකීර්ණ වීම ඊට හේතුවයි. එවගේම ඔටිසම් දරුවකු ශබ්දවලට බිය වීමත්, බිය වී හැඩීමත් අනෙකුත් ලක්ෂණ වේ. ඒත් මෙවැනි අවස්ථාවලදී වුවද මවුවරු සිතනුයේ තම දරුවා වයසින් කුඩා නිසා ඔවුන් ප්‍රතිචාර දක්වනුයේ එයාකාරයෙන් බවයි. එහෙත් මෙය අධි සංවේදීතාවක් කියා හඳුනා ගැනීමට ඔවුන්ට නොහැකියි. එසේම සමාජශීලී වීමට බිය වූ විටත්, අමුත්තන් ඉදිරියෙදිත් බියගුලුකමක් දැක්වීමත් සිදු කරයි.

තත්ත්වය හඳුනා ගැනීමේ නිර්ණායකය

ඔටිසම් හඳුනා ගැනීමේ හොඳම නිර්ණායකය නම් දරුවාගේ සංවර්ධනය ගැන මනා අවබෝධයකින් කටයුතු කිරීමයි. අපේ ඇතැම් මවුවරුන්ට මෙන්ම සෞඛ්‍ය සේවයේ නියුතු වූවන්ටත් ළමා සංවර්ධනය ගැන ඇති අවබෝධය ගැන නම් සතුටු විය නොහැකියි.

ඔටිසම් ලක්ෂණ හඳුනා ගත හැක්කේ කොපමණ කල් සිටද?

ඔටිසම් තත්තවය ගැන මනා අවබෝධයක් ඇත්තකුට දරුවකු කුඩා කලෙයේ සිටම ඒ පිළිබඳ හඳුනා ගත හැකියි. එය විද්‍යාත්මකව සනාථ කොට ඇති පරිදි නම් සාමාන්‍යයෙන් දරුවකු ඔටිසම් තත්ත්වයට ගොදුරුව ඇත්නම් මාස 06සිට එකී ලක්ෂණ පෙන්නුම් කරයි.සාමාන්‍යයෙන් කුඩා දරුවකු තමන්ගේ මව සමඟ සිනා සීම අරඹනුයේ මාස දෙකේදී සිටයි. මාස 04 වනවිට තම මව කතා කරන විට ප්‍රතිචාරාත්මකව සිනහ වේ. මාස 06 වනවිට ඕනෑම දරුවකු වටපිටාවේ සිටින පිරිස් සමගත් හිනැහේ. ඔවුන් තමා දෙස නොබැලුවත් කෙසේ හෝ අවධානය දිනා ගනී. ඒත් ඔටිසම් දරුවකු තුළින් මෙවැනි ක්‍රියාකාරකම් බලාපොරොත්තු විය නොහැකියි. මෙවැනි සාමාන්‍ය ක්‍රියාකාරකම් ඉදිරියේදී ඔටිසම් දරුවකු තම අත් දෙක දෙස බලමින් හුදෙකලාවේ හිඳීමට ප්‍රියතාවක් දක්වයි. මවුපියන් වුවද තම දරුවාගේ මෙම හැසිරීමේ කිසිඳු වෙනසක් නොදකින අතර සාමාන්‍යයැයි සිතති.

ඔටිසම් දරුවකු සෙනඟ වැඩිපුර ගැවසෙන තැනකදි වඩාත් කලබල වෙයි. බෙහෙවින් හැඩීම, නළවා ගැනීමටත් අපහසු පරිදි හැඩීම ප්‍රබල වීම, නිදි කරවීමට වුණත් අපහසු වීම දැකිය හැකි වේ. බොහෝවර දරුවාව නැළවීමට මවට සිදු වේ. මේ තත්ත්වය ඇති වන්නේ නැළවීම වැනි සංවේදනවලට දරුවාගේ ඇති ආශාව නිසයි. මව විසින් දරුවා නැළවීමේ ඉරියව්වට දරුවා ඉතා සංවේදී වීමයි. මෙවැනි ලක්ෂණ මුල් කාලයේ සිටම දරුවා තුළින් පෙන්නුම් කෙරේ.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

මුල් අවදියේදීම හඳුනා ගත යුතු ‘ඔටිසම්’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1426 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1300 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 469 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site