IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


මේ දවස්වල රැකිය යුතුම සෞඛ්‍ය පුරුදු

පසුගිය මාස කිහිපය පුරාවටම සාර්ථකව මර්දනය කොට තිබුණු කොවිඩ් වසංගතය දැන් නැවතත් රට තුළ පැතිරීමට පටන් ගෙන ඇත. කෙටි කාලයක් තුළ ආසාදිතයන් දිනෙන් දින වැඩිවීම මෙන්ම පුද්ගල මරණද වාර්තාවේ.

වසංගත කාලයකදී ජනතාව විසින් රැකිය යුතු සෞඛ්‍ය පුරුදු මෙන්ම සාර්ථක එන්නත්කරණය හරහා කොවිඩ් වසංගතය මනාව මැඩ පැවැත්වීමටද හැකිවිණි. එහෙත් රටේ උද්ගතව ඇති අවිනිශ්චිත වාතාවරණය හමුවේ වසංගතය නැවත වතාවක් හිස ඔසවා ඇති බව පෙනේ.

ඒ අනුව නැවතත් වසංගතය මැඩ පැවැත්වීම සඳහා සෞඛ්‍ය අංශවල දැඩි කැපවීම මධ්‍යයේ රටක් ජනතාවක් ලෙස නැවත වතාවක් අපි එකතු වී ක්‍රියා කළ යුත්තෙමු. ඒ උදෙසා තවදුරටත් සෞඛ්‍ය අංශ මගින් හඳුන්වා දුන් සෞඛ්‍ය පුරුදුවලට අනුගත වීම සිදුවිය යුතුයි.

මුව ආවරණ නිවැරැදිව පළඳින්න

මුව ආවරණ භාවිත කිරීමේදී එය පැළැඳීමේ ක්‍රමය නිවැරැදි විය යුතුයි. එනම් නහය නිරාවරණය වී නිකට පමණක් ආවරණය වීම මින් අදහස් නොවේ.මනාව නහයත් මුඛයත් ආවරණය වන පරිදි පැළැඳීමට වගබලා ගන්න. එසේම ඔබ නිවසින් බැහැර වන කවර අවස්ථාවකදී හෝ පොදු ස්ථානයකදී වුවද මුව ආවරණය නිසිලෙස පැළැඳීමට කටයුතු කරන්න.

මුව ආවරණ බැහැර කිරීමේදී වුවද එය නිසි පරිදි බැහැර කළ යුතුයි. රෙදි මුව ආවරණ නම් නැවත නැවතත් භාවිත කළ හැකි බැවින් එය පිරිසුද කරන තෙක් ඉටි බෑගයක දමා තැබිය හැකියි. ශල්‍ය මුව ආවරණ සහ KN 95 බැහැර කිරීමේදී පරිසරයට සෘජුවේ මුදා නොහැර කසල බඳුනකට දැමිය යුතුයි.

දෑත් පිරිසුදුභාවය වසංගත කාලයකදී ඉතාම වැදගත්වේ

දෑත් අපිරිසුදුවූ ඕනෑම අවස්ථාවකදී සබන් හෝ සබන් දියර යොදා ගනිමින් දෑත් පිරිසුදු කර ගැනීම ඔබේ යුතුකමකි. සෑම තැනම දෑත් පිරිසුදු කර ගැනීමේ පහසුකම් නොතිබුණද ඔබට ඒ සඳහා සනීපාරක්ෂක දියරයක් භාවිත කළ හැකියි. ඔබ රැගෙන යන ගමන් බෑගයේ එය තබා ගැනීමටත් අමතක නොකරන්න.

ඒ වගේම අපිරිසුදු අත්වලින් මුව ආවරණය ඇස් නහය, මුඛය ස්පර්ශ කිරීමෙන් වලකින්න.

සමාජ දුරස්ථභාවය රැක ගන්න

ඉන්දන ප්‍රශ්නය හමුවේ පොදු ප්‍රවාහන සේවාවල ඇති ගැටලුකාරී තත්ත්වය මත දුරස්ථභාවය රැක ගැනීම ඉතා අපහසු වේ. ඒත් ඔබට හැකි සෑම තැනකදිම තව දුරටත් පුද්ගල දුරස්ථභාවය රැක ගැනීමට උනන්දු වන්න.

ඔබ බෝ නොවන රෝගවලින් පීඩා විඳින්නෙකුද?

දියවැඩියාව,කොලේට්‍රෝල් වැනි රෝගාබාධවලට දිගුකාලීනව ගොදුරු වූවකු නම් ඒ රෝගවලට නිසි ඖෂධ නොවැරැදීම ගන්න. නියමිත මාත්‍රාව සේම නියමිත වෙලාවට බේත් හේත් ගැනීමත් අත්‍යවශ්‍යයි. එවිට රෝග තත්ත්ව මනාව පාලනය කර ගැනීමට පුළුවනි.

එන්නත් මාත්‍රා ලබා ගන්න

රටේ පසුගිය කාලෙදි දැඩිව පැතිරුණු කොවිඩ් වසංගතය මර්දනය සඳහා එන්නත්කරණ වැඩසටහනෙන් සිදු වූයේ ඉමහත් සේවයකි. මේ වනවිට එන්නතේ සිව්වැනි මාත්‍රාවද ලබා දීමක් සිදු කෙරේ. ඔබට ළඟම ඇති රජයේ රෝහල මගින් එකී එන්නත් මාත්‍රාව දැන් ලබා ගත හැකියි.

සිරුර ලෙඩ නොකරවන ප්‍රතිශක්තිය ලැබෙන ආහාර වර්ග අනුභව කරන්න.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

මේ දවස්වල රැකිය යුතුම සෞඛ්‍ය පුරුදු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1426 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1300 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 469 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site