
අපි මේ ගත කරන්නේ ඉතාම දුෂ්කර අවදියක් බවට කිසිදු විවාදයක් නැත. ආහාර පාන මෙන්ම හැම දේම මිල ඉහළය. එපමනක්ද නොව බොහෝ දෑ හිඟ වෙමින් පවතී. එබඳු කාලයකට අපි හැඩ ගැහෙන්නේ කොහොමද, නිරෝගීතාව රැක ගන්නේ කෙසේද ?
අපි විවිධ ආහාර පරිභෝජනය කරන්නෙමු. ආහාර රටා පුද්ගලයාගෙන් පුද්ගලයාටද වෙනස් වේ. කුසගින්න නිවා ගැනීම ආහාර ගැනීමේ ප්‍රධාන අරමුණ වන අතර සිරුරට සුවතාවද ලබා ගැනීම මින් අපේක්ෂිත අනෙකුත් අරමුණු වේ.
අප ගන්නා අහාර මගින් ශරීරය ලෙඩ නොවී පවත්වා ගත හැකියි. එසේනම් එකම ආහාර වට්ටෝරුව ඉවත් කර විවිධ ආහාර ගැනීමට පුරුදු වන්න. අප ගන්නා ආහාරවල අන්තර්ගත පෝෂණ ගුණය නිසාවෙන් සිරුර ලෙඩ නොවී තබා ගත හැකියි.
සුදු ලූණු යනු එසේ අප නිතරම ආහාර රසවත් කිරීමට යොදා ගැනෙනා දෙයකි. බහුතරයක් දෙනා කැමැති නොවූවද මෙහි ගුණ ගැන ඇසුවොත් ඔබ පුදුම වනවා නොඅනුමානයි.
අන්තර්ගත ගුණ
හෙළ වෙදකමේදී මෙන්ම ජාත්‍යන්තර පරීක්ෂණවලින්ද තහවුරු කර ඇති පරිදි සුදුලූණු යනු ඖෂධීය ප්‍රතිඔක්සිකාරකයකි. ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කරයි. බැක්ටීරියා , වයිරස සහ දිලීරවලට එරෙහිව ක්‍රියා කිරීමේ විස්මිත හැකියාවෙන් පිරිපුන්ය. හෙළ වෙදකමට අනුව නම් ශරීර බර අඩු කරයි. පරිවෘත්තීය ක්‍රියාවලිය දියුණු කරයි. ආසාදනවලින් ආරක්ෂා කරදේ. සෙම් සහිත රෝගීන්ට ගුණදායකයි. සුදු රුධිරාණු සෛල උත්තේජනය කරයි. වයිරස විරෝධි බැක්ටීරියා නාශකයකි. කොලෙස්ට්‍රෝල් අඩු කරයි. මෙහිදී නරක කොලෙස්ට්‍රෝල් අඩුකර හොඳ කොලෙස්ට්‍රෝල් වැඩි කරන නිසා හෘදයාබාධ, ආගාතය වැනි රෝග අවදානම පහත හෙළයි.
එසේම දියවැඩියා රෝගීන්ට විරෝධීකාරකයක් වන බැවින් සීනි මට්ටම ස්ථාවර කර දේ. ශරීර අභ්‍යන්තරයේ සිටින විවිධ පණුවන් අන්ත්‍රවලින් පළවා හරී.
මේ ටිකත් මතක තබා ගන්න
♦ ශරීරයට කෙතරම් ගුණදායක වුවද ලබා ගත යුත්තේ නිසි ප්‍රමාණවලිනි.
♦ දිනපතා ආහාරයට ගැනීම වෙනුවට වරින් වර එකතු කර ගැනීමෙන් එහි ප්‍රමිතිය රැක ගත හැකියි.
♦ අධිකව ලබා ගැනීමට වඩා නිසි ප්‍රමාණය ඉතා වැදගත්ය.
♦ මෙය තනිකර ආහාරයට එකතු කරනවාට වඩා කල්පවත්නා ආහාරවලට මිශ්‍ර කිරීමෙන් ප්‍රමිතිය වුවද වෙනස් කර ගත හැකි වේ.
මේ අනුව නිසි මඟ පෙන්වීම හා නිවැරැදි යහ පුරුදු නිසා නොදන්නා බොහෝ පෝෂණ ගුණ සිරුරට ලබා ගත හැකි වේ.
-සටහන- මාධවී ධර්මරත්න
2025 දෙසැම්බර් මස 18
340
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1004
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බෙහෙත් හිඟ කාලෙදී ප්‍රතිශක්තිය වඩවමු