IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


ප්‍රසූතියට සූදානම් වන ගැබිනි මවට උපදෙස්

රටේ මේ වනවිට පවතින අවිනිශ්චිත සමාජීය, ආර්ථික තත්ත්වය සහ ප්‍රවාහන සේවාවේ ගැටලුකාරී තත්ත්වය නිසා දරු ප්‍රසූතිය සඳහා සූදානම් වන මවක් ඒ සඳහා වෙනදාට වඩා වැඩි අවධානයක් යොමු කිරීම ඉතාම වැදගත්ය.

ඒ අනුව පහත උපදෙස් ඔවුන් සඳහායි

ඔබ මතක තබා ගත යුතු විශේෂිතම කරුණ වන්නේ, දරු ප්‍රසූතිය සඳහා සුදුසුම ස්ථානය රෝහල බවයි. ඒ සඳහා අවැසි සියලුම පහසුකම් ද සහිත ස්ථානය රෝහල බැවින් කිසිවිටෙකත් නිවෙස් ගත දරු ප්‍රසූති සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිර්දේශ කරනු නොලැබේ. එවැනි තත්ත්ව සිදුනොවීම සඳහා ගර්භනී මවුවරු තම ප්‍රදේශයට අදාළ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය සමග සාකච්ඡා කොට සුදුසු සැලසුම් සකසා ගත යුතුයි.

නිවෙස් තුළ සිදුවන දරු ප්‍රසූතිවලදී මවගේ ජීවිතයටත් අලුත උපන් දරුවාගේ ජීවිතයටත් සංකූලතා ඇති වීමේ අවදානම බොහෝ ඉහළයි. දරු ප්‍රසූතියෙන් අනතුරුව අධි රුධිර වහනය වැනි සංකූලතා මවගේ ජීවිතයට ඇති වීමේ අවදානමක් පවතී. ඒ හරහා විසබීජ ශරීරගත වීම සහ ශ්වසන අපහසුතා අලුත උපන් දරුවාගේ ජීවිතයට වුව ද බරපතළ අවදානම් තත්ත්ව ඇති කළ හැකියි.

දැනට ලංකාවේ සිදුවන දරු උපත්වලින් 99.9% ක්ම රෝහල් තුළ සිදු වීම නිසා ඉහත කී සංකූලතා බොහෝ සෙයින් වලක්වා ගැනීමට හැකි වී ඇත. එය මාතෘ මරණ සහ ළදරු මරණ අවම රටක් ලෙස නිරන්තර ඇගයීමට ලක්වීමට හැකි වන මට්ටමට ළඟා වීමට විශාල පිටුබලයක් වී තිබේ.

පවතින වාතාවරණය නිසා හදිසි අවස්ථාවක දී රෝහලක් වෙත ගමන් කිරීම ගැටලුවක් වනු ඇතැයි සැකයක් වේ නම්, අදාළ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී තුමා/ තුමිය සමඟ සාකච්ඡා කොට දරු ප්‍රසූතිය සඳහා නියමිත දිනට පෙර වුව ද රෝහල්ගත වී අදාල සේවාවන් සපයා ගැනීමට යොමුවිය හැකියි.

මෙහිදී මතක තබා ගත යුතු තවත් වැදගත් කාරණයක් වනුයේ ගර්භනී කාලය තුළදී කිසිදු සංකූලතාවක් නොපෙන්වන මවකට වුව ද ප්‍රසූතිය සම්බන්ධ සංකූලතා ඕනෑම අවස්ථාවක දී ඇතිවිය හැකි බවයි. එම නිසා එවැනි හදිසි අවස්ථාවක රෝහල් ගත වන ආකාරය පිළිබඳව තම ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය සහ පවුලේ අනෙක් අය සමග සාකච්ඡා කොට සුදුසු ක්‍රියාදාමයක් මුල සිටම පිළියෙළ කර තබා ගැනීම වැදගත් වනු ඇති.

ගර්භනී මවුවරුන් දරු ප්‍රසූතියේ ලක්ෂණ සහ ඇති විය හැකි සංකූලතාවල ලක්ෂණ පිළිබඳව ඉතා හොඳින් දැනුම්වත් විය යුතුයි. මේ පිළිබඳව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනගෙන් අවශ්‍ය තොරතුරු ලබාගත හැකි අතර මෙවැනි අවදානම් තත්ත්වයක ලක්ෂණ පහළ වූ විගස හැකි ඉක්මනින් රෝහල් ගත විය යුතුයි. තමාට ප්‍රවාහන සේවා සපයා ගත නොහැකි අවස්ථාවක දී සුවසැරිය ගිලන් රථ සේවාව හරහා එම පහසුකම් ලබා ගැනීමට හැකියාව ඇත. එවැනි දුෂ්කර අවස්ථාවක දී තවදුරටත් කාලය අපතේ නොයවා හැකි ඉක්මනින් 1990 අංකය හරහා මෙම සේවාව සමග සම්බන්ධ වීමට කටයුතු කිරීම ඉතා වැදගත්. පැය 24 පුරාම මෙවැනි හදිසි අවස්ථාවක දී සේවා සැපයීමට රජයේ රෝහල් බැඳී සිටින බැවින්, හැකි ඉක්මනින් රෝහලට යොමු වුවහොත් අදාල සේවා නොඅඩුව ලබාගත හැකි වනු ඇත. එය ඔබගේත් සිඟිත්තාගේත් ජීවිත සුරක්ෂිතතාව උදෙසා ඉවහල් වේ.

(සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ තොරතුරු ඇසුරින් සැකසිණි)

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

ප්‍රසූතියට සූදානම් වන ගැබිනි මවට උපදෙස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1426 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1300 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 469 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site