IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


පෙරිටෝනියල් කාන්දුවේ වාසි සහ අවාසි

පෙරිටෝනියල් ඩයලිසිස් ක්‍රමය භාවිතයේදී නිවැරැදි වෛද්‍ය උපදෙස් මත ක්‍රමානුකූලව සහ නිසි පුහුණුවකින් අනතුරුව කළ යුතු බව මතක තබා ගන්න. කිසිදු විස බීජයක් උදර කුහරය අභ්‍යන්තරයට ඇතුළු නොවන අයුරින් තරලය ඇතුළු කිරීම සහ ඉවත් කිරීම ඔබ සතු වගකීමයි. නැතහොත් උදර කුහරයට ඇතුළුවන බැක්ටීරියා නිසා උග්‍ර ආසාදන තත්ත්ව මතු විය හැකිය.

සුළු ආසාදනයක් නම් උදර කුහරයට ඇතුළු කරන ප්‍රතිජීවක මගින් පාලනය කළ හැකිය.

ඒත් තත්ත්වය බරපතළ නම් ඩයලිසිස් නළය උදර කුහරයෙන් ඉවත් කිරීමට පවා සිදු වේ. මෙහි ඇති තවත් සංකූලතාවක් වනුයේ ඩයලිසිස් නළය අවහිර වීම හෝ අවතැන් වීමයි. මෙවන් තත්ත්වයකදී අලුතෙන් නළයක් නැවත වතාවක් දැමීමට සිදු වේ.

තවද ඩයලිසිස් සඳහා භාවිත කරන විශේෂිත වූ තරලයේ සීනි අඩංගු වේ. එබැවින් දියවැඩියාව ඇති රෝගීන්ගේ ඉන්සියුලින් අවශ්‍යතාවද ඉහළ යා හැකිය. පරිතාන පටලය ආධාරයෙන් රුධිරය පිරිසුදු කෙරෙන බැවින් පටල ක්‍රියාකාරිත්වයේ ඇති වන වෙනස්කම් නිසා රුධිරය පිරිසුදු කිරීම අපේක්ෂිත ආකාරයෙන් සිදු නොවීමද තවත් සංකූලතාවකි.

වාසි

hemodialysis ක්‍රමයට වඩා ඉතිරි වී තිබෙන වකුගඩු ක්‍රියාකාරීත්වය  ඒ මට්ටමින්ම බොහෝ විට රඳවා තබා ගැනීමේ හැකියාව ඇත.

වෙනත් ශාරීරික දුර්වලතා ඇති පුද්ගලයන්ට ද ප්‍රශ්නයකින් තොරව යොදා ගත හැකි වීම

තමන්ට නිවසේදී සිදු කළ හැකි අතර දෛනික රාජකාරීවලදනිරත වීමට හැකියාව ලැබේ.

විශාල කාලයක් වැය කිරීමට අවශ්‍ය නැත.

මීට අමතරව මෙම ක්‍රමයේදී දිනකට තරල ලීටර් 8ත් 10ත් අතර සංඛ්‍යාවක් අවශ්‍ය වේ. සතියකට ප්‍රමාණවත් තරම් හෝ ද්‍රාවන ගබඩා කිරීමේ පහසුකම්ද රෝගීන් සතු විය යුතුය.

එමෙන්ම පිරිසිදු ජලයෙන් දෙඅත් සෝදා ගැනීමෙන් මේ ඇසුරින් ඇති වන්නාවූ ආසාදන අවම කර ගැනීමට පුළුවනි. විශේෂයෙන්ම මේ සඳහා වෙන් කර ගත් වෙනම කාමරයක් රෝගියාට තිබිය යුතුය.කෙසේ වුවද ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටකට මෙකී ක්‍රම දෙකම ඉතා  වියදම් අධික ප්‍රතිකාරයි. මෙබැවින් වකුගඩු රෝග මූලික අවස්ථාවේදීම හඳුනා ගෙන හැකි තරම් එයට ඇති අවදානම් තත්ත්ව වළක්වා ගැනීමත් යන කාරණා ද්විත්වයට අවදානය ලබා දිය යුතු වේ.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

පෙරිටෝනියල් කාන්දුවේ වාසි සහ අවාසි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1426 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1300 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 469 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site