IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දත් පිරවීමේදී ඔබ දැනගත යුතුම කරුණු

දිරාගිය දත් සඳහා ප්‍රතිකාර කිරීමේදී ෆ්ලෝරයිඩ් ප්‍රතිකාරය,ස්නායු පිරවුම සේම ,තාවකාලික පිරවුම, දතේ දිරාගිය කොටස් ඉවත් කර පිරවුම් ද්‍රව්‍ය මගින් පිරවීමද සිදුකෙරේ. 

මෙම ප්‍රතිකාර බොහොමයක්ම රජයේ රෝහල් මගින්ද ලබා ගත හැකියි. ඇතැම් විටෙකදී අවස්ථා සීමා සහිත විය හැකියි. පුද්ගලික අංශයේදී ඉහත ප්‍රතිකාරවල මිල සාමාන්‍ය පිරවුමකසිට ස්නායු පිරවුම දක්වා යාමේදී අනුක්‍රමිකව ඉහළ යා හැකියි. මීට හේතු වන්නේ ප්‍රතිකාර නියමිත පරිදි සිදු කිරීමට වැඩි කාලයක් ගත වීම, මිල ඉහළ උපකරණ මෙන්ම අමුද්‍රව්‍ය භාවිතය සහ ඇතැම් විටෙකදී දන්ත තාක්ෂණික ශිල්පීන්ගේද සේවය ලබා ගැනීමට සිදු වීමයි.

කුඩාවට තිබුණු කුහරය පිරවීමෙදී විශාල ලෙස පාදා ගන්නේ ඇයි?

දත දිරායන ක්‍රමය අනුව දතේ ඉහළ ස්ථරවලදී කුඩා සිදුරක් මගින් ඇතුල් වී ඇතුළත ස්ථරවලදී දෙපසට විහිදී යයි. එමෙන්ම පවතින සිදුර වටා රෝගියාට හඳුනා ගත නොහැකි ලෙස ආසාධිත පටක කොටස් පවතී.

පිරවීමට පෙරාතුව මෙකී ආසාධිත කොටස් ඉවත් කිරීම කළ යුතු වේ. එසේ නැති වුව හොත් පිරවුමට යටින් දත තව දුරටත් දිරාපත් වීමට පටන් ගනී.


දතේ සිදුරට මුලින්ම තාවකාලික පිරවුමක් යෙදුවද ටික දිනකින් නැවත කැක්කුම හට ගැනේ. එවිට දත ගැලවීමේ අවදානම හෝ වියදම් අධික ස්නායු පිරවුමක් නිර්දේශ කරන්නේ ඇයි?

අපේ රටේ දන්ත වෛද්‍ය අධ්‍යාපනය ප්‍රශස්ථ මට්ටමක පවතී. වෛද්‍යවරුන් පුහුණුව ලබන්නේ දත ආරක්ෂා කර ගැනීමට අවැසි සියලුම පියවර ගැනීමටයි. එය ඔවුන්ගේ වගකීමද වේ. එබැවින් ගැඹුරු සිදුරු සඳහා ඖෂධීය තාවකාලික පිරවුම යොදනුයේ එහි පටක ආරක්ෂා කර දත ස්නායු පිරවීමකට ලක් නොකර ආරක්ෂා කර ගැනීමේ අවසන් උත්සාහය ලෙසිනි. ඇතැම් විටෙක එය සාර්ථක වන අතර තවත් විටෙකදී එය අසාර්ථක වී වේදනා ගෙනදිය හැකියි. එවිට ස්නායු පිරවීමකට හෝ දත ගැලවීම යන ක්‍රමෝපායවලට යාමට සිදු වේ.

දත් දෙපාරක් හෝ ඊට වඩා දත් මැද්දත් දිරා යාමට පටන් ගැනේ.

මෙහිදී අවශ්‍ය වන්නේ නිසිව සහ විධිමත්ව දත් මැදීමයි. එනම් දිනකට දෙවරක් උදෑසන සහ රාත්‍රියේ නිදා ගැනීමට ප්‍රථම දත් මැදීම අනිවාර්යයි.

දත් කැඩි කැඩී යාම

මෙය බොහෝ විට ගර්භනී අවදිය හෝ ඉන් පසුව සුලබව නගන ප්‍රශ්නයකි. මීට හේතු වන්නේ එ සමයේදී ආහාර රටාව, පුරුදු වෙනස් වීම සහ දන්ත සෞඛ්‍ය පැවැත්මේ වෙනසක් සිදු වීමයි. උදාහරණ ගත්විට මෙම කාලයේදී දත් මදින විට වමනය වැනි තත්ත්ව ඇති වීම , මුල් මාසවලදී පැණි රස ආහාර පමණක් ගැනීමට හැකි වීම දැක්විය හැකියි.

ඔබ දැනගත යුතු යමක්

ඔබගේ මුඛ සෞඛ්‍යය ක්‍රමවත්ව පවත්වා ගැනීම තුළ ස්වාභාවිකව මතු වූ දත් පෙළ නිති රැක ගත හැකි වේ. එම දත් ශක්තිමත් භාවයෙන්ද යුතු වේ. අපගේ නොසැලකිලිමත්භාවය මත දත් දිරාපත් වූ විට පටකද විනාශ වී යයි.

දත පිරවීම මගින් දිරා ගිය දත සකසා ගත හැකි නමුදු එය ඔබගේ දන්ත එනමලය තරම්ම ශක්තිමත් නොවේ. පිරවූ පිරවුම වටා නැවත දිරාපත් වී යා හැකියි. එමෙන්ම පිරවුම් ගැලවී යා හැකියි.

මීට බලපාන කාරණා

අයහපත් ආහාර පුරුදු මෙන්ම අකත්‍රමවත් මුඛ සෞඛ්‍යය දිගටම පැවතීම

දත පිරවීමෙන් පසු ලැබෙන වෛද්‍ය උපදෙස් නොතකා හැරීම.

පිරවුමට යොදා ගැනෙන අමු ද්‍රව්‍ය සහ ක්‍රමවේදවල පවතින ගැටලු තත්ත්ව

අප වඩාත් උත්සාහ දැරිය යුත්තේ නිවැරැදි මුඛ සෞඛ්‍යයක් පවත්වා ගැනීමටයි. ඒ අනුව සෑමමාස 06කට වරක් වත් දන්ත වෛද්‍යවරයකු ලබා ඔබගේ දත් පරීක්ෂාවකට යොමු වන්න. එවිට දිරා යන දත් සඳහා මූලික අවස්ථාවේදීම ප්‍රතිකාර සඳහා යොමු විය හැකියි. නිවැරැදි මඟ පෙන්වීමක්ද ලැබෙනු ඇති.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (2)

දත් පිරවීමේදී ඔබ දැනගත යුතුම කරුණු

W.A.N.S.K. wijesinghe Thursday, 16 November 2023 08:31 PM

සතුටුදායකයි

:       0       5

W.A.N.S.K. wijesinghe Thursday, 16 November 2023 08:33 PM

සතුටුදායකයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 340 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1004 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site