IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


ඩෙංගු රතු එළි නැවතත්

ඩෙංගු යනු වයිරසයක් මගින් බෝවන, වයිරසය ආසාදිත මදුරුවකු වාහකයකු ලෙස ක්‍රියා කරන රෝගී තත්ත්වයකි. කලින් කලට හිස ඔසවනවා පමණක් නොව පුද්ගල මරණ අනුපාතයද ඉහළට ඇද දමන රෝගයකි. තවත් මෙවැනිම කාලවකවානුවකදී යළිඳු වතාවක් ඩෙංගු මර්දනය කරනු වස් පහත ලිපිය පළවේ.

ඩෙංගු ව්‍යාප්තියේ නවතම තතු දෙස බලද්දී මේ වසරේ ජනවාරි මාසය වනවිට ඩෙංගු රෝගීන් 8963ක් වාර්තා වී ඇත. ඒ අනුව විශේෂයෙන්ම බස්නාහිර පළාත ආවරණය කරමින් කොළඹ, ගම්පහ, කළුතර යන දිස්ත්‍රික්කත් පුත්තලම, යාපනය සහ කල්මුණේ යන දිස්ත්‍රික්කවලින්ද ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත.

වයිරසය ආසාදිත මදුරුවා

මෙම රෝගී තත්ත්වය මදුරුවන් හරහා සම්ප්‍රේෂණය වන වයිරසයක් මගින් හට ගැනේ. මෙම වයිරසය ඊඩිස් ගණයේ ගැහැනු මදුරුවන් මගින් පතුරවනු ලබයි. මදුරුවන් තුළට මෙම වයිරසය ඇතුළු වන්නේද වයිරසය ශරීර ගතවූ පුද්ගලයකුට දෂ්ට කිරීමෙනි.

ඩෙංගු වයිරසය බෝ කරන මදුරු වාහකයෝ

අපේ රටේ ලංකාවේ ඩෙංගු වයිරසය සම්ප්‍රේෂණය කළ හැකි මදුරු විශේෂ දෙකක් හඳුනා ගෙන ඇත. එයින් ඊඩිස් ඊජිප්ටයි ( Aedes aegypti) ප්‍රාථමික වාහකයා ලෙසත් ඊඩිස් ඇල්බොපික්ටස් ( Aedes albopictus ) ද්විතීක වාහකයා ලෙසත් සැලකේ. දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකින්ම පාහේ මෙම මදුරු විශේෂ සැලකිය යුතු ඝනත්වයකින් වාර්තා වේ.

ඉහත මදුරු විශේෂ දෙකම උදේ කාලයේ හිරු උදාවී පැය කිහිපයක් යනතුරුද සවස් කාලයේ හිරු බැසීමට පැය කිහිපයකට පෙරද වැඩිපුර දෂ්ට කිරීම සිදු කරයි.

ඩෙංගු රෝග ලක්ෂණ

උණ, ඇඟපත වේදනාව, ඔළුවේ කැක්කුම, ඇස් යට වේදනාව, වමනය සහ ඔක්කාර ගතිය, මුත්‍රා පිටවීම අඩු වීම ආදී රෝග ලක්ෂණ මතු වීමට හැකියි. මෙම රෝග ලක්ෂණ අනෙකුත් රෝගවලටද පොදු විය හැකිය.

ඩෙංගු තහවුරුව

මේ දිනවලදී කිසිවකුට හෝ උණ වැළඳී ඇත්නම් ඒ ගැන සැලකිලිමත් වීම අත්‍යවශ්‍යයි. උණ වැළඳී පැය 24ක් ගතවන විටම වෛද්‍යවරයකු හමුවී රෝගය නිර්ණය කර ගත යුතු වේ. ගර්භනී මවක් නම් උණ ගැනී පළමු දිනයේදීම වෛද්‍යවරයකු හමු වී ප්‍රතිකාර ගත යුතුය.

වෛද්‍යවරයකු හට සායනික ලක්ෂණ සහ රුධිර පරීක්ෂණවලින් (full blood count, Dengue NS1 Antigen test) රෝගය තහවුරු කර ගත හැකියි. ඩෙංගු වැළඳුණු මුල් අවස්ථාවේදීම හඳුනා ගැනීම තුළ අතුරු ආබාධ වලක්වා ගත හැකිය. එනම් ඩෙංගු රක්තපාතය ,කම්පන වැනි දරුණු සංකූලතා දක්වා තත්ත්වය දරුණු වීම වලක්වා ගත හැකියි.

සුදුසු නුසුදුසු ඖෂධ

ඩෙංගු රෝගයට හිතුමතයට බෙහෙත් භාවිතය සුදුසු නැත. උණට පැරසිටමෝල් ඖෂධය පමණක් නියමිත මාත්‍රාවෙන් ලබා ගත යුතු බව නිර්දේශයයි. එසේ නොමැතිව අනෙකුත් කිසිඳු වේදනා නාශක ( NSAIDS and Steriods ) නොගත යුතු වේ. එසේ නොවුණහොත් පිටතින් ගන්නා විවිධ ඖෂධ නිසා ඩෙංගු රෝගයේ සංකූලතා වැඩි විය හැකිය.

රෝගියා වෙනුවෙන්

උණ වැළඳුණ විට විවේකීව කාලය ගත කළ යුතුය. ශරීරය වෙහෙසන ක්‍රීඩා සහ ව්‍යායාම් වැනි ක්‍රියාකාරකම්වලින් වැලකිය යුතුය. සාමාන්‍ය ආහාර වේලක් ලබා ගත හැකිය. සාමාන්‍ය පරිදි දියර පානය සුදුසු වේ. කිලෝ ග්‍රෑම් 50ට වැඩි පුද්ගලයන් සාමාන්‍යයෙන් පැයකට මිලිලීටර් 100ක් වන පරිදි පාන වර්ග ගත යුතුය. ළමයින්ට ඔවුන්ගේ බර අනුව දියර ප්‍රමාණ තීරණය කෙරේ.

සුදුසු, නුසුදුසු ආහාර පාන

රෝගියකුගේ පෝෂණයද ඉතාම වැදගත්ය. ඩෙංගු රෝගියකුට නම් සාමාන්‍ය සමබල ආහාර වේලක් ලබා ගැනීමට පුළුවන. පාන වර්ග ගැන විමසීමේදී වෛද්‍ය නිර්දේශයට අනුකූලව නිසි ප්‍රමාණය ලබා ගන්න. මේ සඳහා ජලය පමණක් නොව පලතුරු යුෂ ,ජීවනී, තැඹිලි සහ කැඳවුවද පානය කළ යුත්තේ නිර්දේශිත පරිමාවට අනුකූලවය.

එසේම රතු දුඹුරු පැහැති ආහාර සහ දියර වර්ග ලබා නොගත යුතුයි. උදාහරණ ලෙස බීට්රූට් , තේ සහ කෝපි පාන රෝගය සුව වනතුරු නොගත යුතුය.

ඩෙංගු මර්දනය

ඩෙංගු මදුරුවන් බෝවීම වැලැක්වීම උදෙසා නිවස සේම කාර්යාල පරිශ්‍රය මෙන්ම පාසල්ද පිරිසුදු විය යුතුය.

ඔබ භාවිතයෙන් ඉවත ලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල්, ටින් ආදිය නිසි පරිදි බැහැර කරන්න. නැතහොත් ප්‍රතිචක්‍රීකරණය කරන්න.

ඉවත ලන එවැනි අයිතම වතුර නොරැඳෙන පරිදි විනාශ කරන්න.

වැහි පිහිලිවල සිරවී ඇති කොළ රොඩු ඉවත් කර නිතර පිරිසුදු කරන්න.

වතුර ටැංකි, බැරල්, මල් බදුන් , ශීතකරණ තැටි පිරිසුදු කිරීමේදී බුරුසුවකින් අතුල්ලා පිරිසුදු කරන්න.

හැකි සෑම විටෙකම අවට වැසි වතුර රැඳිය හැකි තැන් සොයා බලා පිළියම් යොදන්න

ළිං සහ ටැංකිවලට මදුරුවන්ට ඇතුල් විය නොහැකි ලෙස දැල් යොදා ආවරණය කිරීම

සතියකට වරක්වත් නිවස කාර්යාලය සහ පාසල් වටපිටාව සුද්ධ පවිත්‍ර කොට මදුරුවන් බෝවිය හැකි ස්ථාන විනාශ කර දැමිය යුතුය.

විමසිලිමත්කම සේම වටපිටාවේ පිරිසුදුතාව නිසා ඩෙංගු යනු වලක්වා ගත හැකි රෝගයකි. එබැවින් නොපමාව සියලුම දෙනා උදෙසා අපි අපිම යුතුකම් ඉටු කරමු.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

ඩෙංගු රතු එළි නැවතත්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 27975 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18185 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10884 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 656 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 196 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 853 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site