IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


කාලෙට ඔබින සෞඛ්‍යමත් ආහාර

අත්‍යවශ්‍ය දෑ මෙන්ම ආහාර පාන මිල ගණන්ද ඉහළ ගොස් ඇති සමයක නිරෝගීව සිටීමට අපි පෝෂණීය ආහාර වේලක් ගත යුතුයි. එම ආහාර වේල ඉහළ මිල ගණන් යටතේ නොව ලෙහෙසියෙන් වත්ත පිටියෙන්ම සොයා ගත හැකි දෑවලින් සපුරා ගත හැකි බව ඔබ මොහොතකටවත් සිතුවාද?

කොස්වලින් ආහාර වර්ග 200ක්

එවන් පෝෂ්‍යදායී ආහාරයක් ලෙස මේ දිනවල සුලබව දැකගත හැකි කොස් හැඳින්වීමට පුළුවන. කොස්වලින් රසවත් වෑංජනයක්, කොස් තම්බා ආහාරයට ගැනීම, කොස් මැල්ලුම සේම කොළ කැඳ ලෙසත් ,දලු සම්බෝලයක් පරිද්දෙනුත් ආහාරයට ගත හැකියි. මෙවැනි ආහාර අතිශය ගුණදායී මෙන්ම සිරුරේ මනා ක්‍රියාශීලීත්වයටද ඉතා අවශ්‍ය වේ. ඛනිජ, විටමින් පදාර්ථ නොඅඩුව ලැබේ. කොස්වලින් ආහාර වර්ග 200ක් පමණ සාදා ගත හැකියි.

එසේම ආහාර කල්තියා ගැනීමේ ආරක්ෂිත ක්‍රමවේද ගැනත් ඔබ දැනුම්වත්ව තිබීම අදවන් ආහාර අර්බුද කාලයකට හොඳින්ම ගැලපේ.

කුඩා බිම්කඩක වුවත් වගා කරන්න

කුඩා ඉඩ කොටසක වුවද වගා කළ හැකි වන පරිදි ඔබ සුළු හෝ උත්සාහයක් ගන්න.

නිවසට වෙළෙඳපොළෙන් එළවළු රැගෙන ඒමේදී එළවළු ඇට,අපතේ නොයවා කුඩා බඳුන්වල සිටුවා ගත හැකියි. උදාහරණයක් ලෙස තක්කාලි, මාළු මිරිස්,බණ්ඩක්කා සඳහන් කළ හැකිය. වස විසෙන් තොරව ගෙවත්තෙන් ලබා ගන්නා එළවළු පෝෂණ ගුණයෙන්ද අනූනයි.

ආහාර නිසි කළමණාකරණය

අපගේ පරිභෝජනයට සෑහෙන පමණ ඇති ස්වාභාවික ආහාර නිසි විදිහට කළමණාකරණය, මෙන්ම ආරක්ෂිතව කල් තබා ගැනීමේ ක්‍රම අනුගමනය කළහොත් දිනෙන් දින ඔඩු දුවන ආහාර අර්බුදයට පිළියමක් සේම සිරුරේ ප්‍රතිශක්තිය නැංවීමටද හැකි වනු ඇති. ආහාර මිල ඉහළ ගොස් ඇති මෙවන් වකවානුවක ආහාර අපතේ නොයවා ගුණදායී බවින් යුත් නැවුම් ආහාර පාන පරිභෝජන රටාවකට හුරු වන්න.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

කාලෙට ඔබින සෞඛ්‍යමත් ආහාර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1426 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1300 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 469 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site