IMG-LOGO

2024 මැයි මස 03 වන සිකුරාදා


අවදානම දැනගන්න - අදම ක්‍රියාත්මක වෙන්න

ලෝක දියවැඩියා දිනය මෙම 14 වැනිදාට යෙදී තිබේ. ඒ වෙනුවෙන් ලොව පුරා විවිධ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වෙන අතර මෙරටද ඒ වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වේ. ලෝක ජනගහනයෙන් මිලියන පන්සියයක් තරම් අති විශාල පිරිසක් මේ වනවිටත් දියවැඩියා රෝගයට ගොදුරු වී සිටින අතරඑයිනුත් සංවර්ධනය වෙමින් පවතින සහ දුප්පත් රටවල ජනයා අතර ඉතා බරපතළ ලෙස මෙම රෝගයට ගොදුරු වෙමින් තිබේ. මේ වනවිට අපේ රටද දියවැඩියා රොගීන් බහුල රටක්බවට පත්වෙමින් තිබෙන අතර එම සංඛ්‍යාව රටේ ජනගහනයෙන් 23% ක් තරම් ඉහළ අගයක් ගන්නාබව අලුත්ම වාර්තා පෙන්වා දෙයි.

මොකක්ද මේ දියවැඩියාව?

අපේ සිරුරේ ග්ලූකෝස් මට්ටම පාලනය කරන්නේ ඉන්සියුලින් හෝමා්නයයි. දයවැඩියොව යනු ඉන්සියුලින් හෝමෝනය අඩුවීම හෝ ක්‍රියාකාරිත්වය අඩුවීමයි. එම නිසා ශරීරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ යයි. දියවැඩියාව සිරුරේ දිගුකාලීන පරිවෘත්තීය රෝග තත්ත්වයකි. එය සිරුරේ සියලුම අවයවලට බලපෑම් කරන රෝගයකි. හෘදය, ස්නායු, වකුගඩු, දෙපා, ඇස් ආදී අවයව ඒ අතර ප්‍රධාන වේ.

ප්‍රභේද 3 ක්

දිවැඩියාව ප්‍රභෝද තුනකි.

එනම් පළමු වර්ගයේ දියවැඩියාව (Type 01)

දෙවැනි වර්ගයේ දියවැඩියාව(Type 02)

ගර්භිණී සමයේ දියවැඩියාව

මීට අමතරව වෙනත් රෝගවල ප්‍රතිඵලයක් ලෙස හෝ ගන්නා ඖෂධ හේතුවෙන්ද දියවැඩියාව ඇතිවන රොගීහු සිටිති.

පළමු වර්ගයේ දියවැඩියාව

විශේෂයෙන්ම ළමුන් අතර දක්නට ලැබෙන්නේ පළමු වර්ගයේ දියවැඩියාවයි. දියවැඩියා රෝගයට ගොදුරු වන්නන්ගෙන් සියයට 5ක් පමණ පළමු කාණ්ඩයේ දියවැඩියාවට ගොදුරු වූවන් ය.

අග්න්‍යාසය මගින් ශරීරයේ ඉන්සියුලින් හෝමෝනය නිෂ්පාදනය ඇනහිටීමෙන් පළමු කාණ්ඩයට අයත් දියවැඩියාව ඇති වේ. එහිදී ඉන්සියුලීන් නිෂ්පාදන සෛල ක්‍රම ක්‍රමයෙන් විනාශ වීමෙන් ශරීරයේ ඉන්සියුලීන් හෝමෝනය නිපදවීම අඩපණ වේ.

පළමු කාණ්ඩයේ දියවැඩියා රෝගීන්ට රෝගය පාලනය වෙනුවෙන් මුඛයෙන් ලබාදෙන ඖෂධ ප්‍රමාණවත් නොවන අතර ඉන්සියුලින් හෝමෝනය එන්නත් මගින් ජීවිත කාලයම ලබාදීමට සිදු වේ.

දෙවැනි වර්යේ දියවැඩියා රෝගීන් (Type 2) 

දෙවන කාණ්ඩයේ දියවැඩියාව ඇතිවීමට මූලිකම හේතුව ලෙස ස්ථුලතාව දැක්විය හැකි ය. ක්‍රියාශීලී නොවනා ජීවන රටාව, වැරදි ආහාරපාන භාවිතය, අධික සීනි අධික පීෂ්ටය අදික ආහාර ගැනීම, ව්‍යායාම මදිකම, මානසික ආතතිය ආදී කරුණු මෙම වර්ගයේ දියවැඩියා ඇතිවීමට මූලිකම හේතුවක් වේ.

දියවැඩියා රෝගීන් අතරින් 90%කට වඩා සිටින්නේ දෙවැනි වර්ගයේ දියවැඩියා රෝගීන් ය.

ගර්භිණි කාලයේ දියවැඩියා රෝගීන්

ගැබිනි සමයේදී දියවැඩියාවට ගොදුරු වුවත් දරු ප්‍රසුතියෙන් පසුව එම තත්ත්වය පහව යයි. එහෙත් එම මවුවරුන්ට පසුකාලීනව දියවැඩියාව වැලඳිමේ අවදානම ඉහළ ය.

රෝග ලක්ෂණ මොනවාද?

අධික පිපාසය

වැඩිපුර මූත්‍ර පිටවීම

තොහොට්ටුව සහ බර අඩුවීම

තුවාල සුවවිම කල් ගතවීම හෝ සුව නොවීම

රෝග ලක්ෂණ නැතිවත් හැදෙන්න පුළුවන්

කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වා වුවද දියවැඩියාව වැලඳී තිබිය හැකි ය. මෙහි ඇති බරපතළම තත්ත්වය එයයි.

දියවැඩියාව හොයන පරීක්‍ෂණ

නිරාහාර රුධිර පරීක්ෂණය (පැය 8-10 ක්) & -> 126 mg/dL mg/dL

HBA HBA1c ->6'5]

ඍඊී RBS ^Random blood sugar&  අහඹු රුධිර පරීක්ෂණය >200 mg/dL mg/dL

නිරාහාර රුධිර පරීක්ෂාවේ ප්‍රතිඵල අනුව නිරෝගී අයෙකුට රුධිර ගත සීනි ප්‍රමාණය 100පටරැාක අඩු අගයක් ගන්නා අතර පූර්ව දියවැඩියා තත්ත්වයේදී 100පටරැාක - 125 පටරැාක අගයක් ගැනේ. නිරහාර රුධිර පරීක්ෂාවේ අගය 125පටරැාක වැඩි අගයක් ගැනීම දියවැඩියා රෝගියෙකුගෙන් වාර්තා වෙන අගයකි.

අවදානම් අය කවුද?

මව හෝ පියාට දියවැඩියාව ඇත්නම්

අදික බර සහ ස්ථුලතාවයෙන් පෙළයි නම්

ගර්භිණියක් නම්

ක්‍රියාශීලී අඩු නම්

අධිකව මානසික ගැටලුවලට මුහුණ දී සිටින්නේ නම්

සෞඛ්‍යමත් නොවන ආහාර රටාවක් ඇති උදවිය

මත්පැන්, දුම්වැටි හෝ වෙනත් මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්

වළක්වා ගන්න පුළුවන්ද?

සෞඛ්‍යමත් ආහාර පුරුදු සහ ව්‍යායාම සහිත ක්‍රියාශිලී දිවියක් ගත කරන පුද්ගලයෙකුට දියවැඩියා අවදානම අඩුය. විශේෂයෙන්ම උසට සරිලන බරක් පවත්වාගෙන යාම ඉතා වැදගත් ය. එමෙන්ම සිරුරේ සීනි මට්ටම සමබරව පවත්වා ගැනීම ද ඉතා ම අවශ්‍ය ය.

දියවැඩියාව හැදෙන වයස වෙනස්වෙලා

මීට පෙර දියවැඩියා රෝගයට ගොදුරු වූයේ මැදි වයස පසුකළ අය අතරින් වුවද මේ වනවිට වයස අවුරුදු 15 සිට 30 අතර වයසේ පසුවන්නන්ද මෙම රෝගයට ගොදුරුවන බවක් පෙනේ. විශේෂයෙන්ම රජයේ රෝහල්වල සායනවලට එන තරුණ පිරිස් ක්‍රමයෙන් වැඩිවෙමින් තිබේ. එය ඉතා අවදානම් තත්ත්වයකි.

හදිසි හෘදයාබාධවලට ප්‍රධාන හේතුව

දියවැඩියාව ඇති පුද්ගලයෙකුට හෘදයාබාධයක් ඇතිවීමේ අවදානම ඉතා ඉහළය. මේ නිසා දියාවැඩියා රෝගීන් වැඩිපුරම මිය යන්නේ හෘදයාබාධවලට ලක්වීමෙනි. නිහඬ මාරයා ලෙස දියවැඩියාව හඳුන්වන්නේද එබැවිනි.

ඊට අමතරව දියවැඩියාව නිසි ලෙස පාලනය නොකළහොත් වකුගඩු අකර්මණ්‍යවීම, ඇසේ සුද ඇතිවීම සහ අන්ධබව, ස්නායු රෝග, අංශභාගය, දෙපා අහිමිවීම, සුව නොවන තුවාල ඇතිවීම, සිරුර කෘෂවීම ආදී සංකූලතා රැසක් ඇති වේ.

පාලනය කරන්න පුළුවන්

දියවැඩියාව ඖෂධ, ආහාර සහ ව්‍යායාම මගින් සම්පූර්නයෙන් ම පාලනය කළ හැකිය. විශේෂයෙන් ම මුලින්ම හඳුනා ගතහොත් ඉතා අඩු ඖෂධ මාත්‍රාවකින් සහ ස්‍යෙඛයමත් දිවි පැවැත්මකට හුරුවීමෙන් සංකූලතා රහිතව නිරෝගීව ජීවත්වීමේ හැකියාව ලැබේ.

බෙහෙත්වලට වකුගඩු නරක් වෙනවද?

දියවැඩියා රෝගයට ලබාදෙන ඖධවලට වකුගඩු නරක්වෙනවා යැයි සමාජයේ ඇති මතයේ කිසිදු සත්‍යතාවක් නැත.එහෙත් දියවැඩියාව නිසි ලෙස පාලනය නොකිරීම නිසා වකුගඩු අකර්මණ්‍ය විය හැකිය.

දියවැඩියා රෝගීන්ට දෙන ප්‍රධාන ඖෂධය වන්නේ මෙට්ෆොමින් ^Metformin ය. මෙම ඖෂධයට වකුගඩු හානි නොවේ. මෙම ඖෂධය මගින් වකුගඩු ක්‍රියාකාරිත්වය වැඩි කළ හැකි ය.

ඉන්සියුලින්(Insulin)

ශරීරය තුළ නිපදවන ඉන්සියුලින් හෝමෝනය, බාහිරව නැවත ශරීරයට ලබාදීම සිදු කරයි. එම එන්නත වකුගඩුවලට හෝ වෙනත් අවයවයකට බලපාන්නේ නැත.

ඉලක්කමක් විතරක් නොවෙයි

තමන්ට දියවැඩියාව ඇත්දැයි සොයාගත හැක්කේ රුධිර පරීක්‍ෂාවකින් ලැබෙන ඉලක්කම් අගයකිනි. මේ නිසාමදෝ බොහෝදෙනා මේ ඉලක්කම ගැන ඒ තරම් තැකීමක් කරන්නේ නැත. මේ නිසා සිදුවන්නේ රෝගය නොතකා හැරීමය. එය ඉතා බරපතළ තත්ත්වයකි. එබැවින් ඔබ දියවැඩියා අවදානමෙන් මිදුණු අකෙු යැයි කිසිවිටෙකත් නොසිතන්න.

සීනි, තෙල්, ශුද්ධ කළ පිටි සහිත ආහාරවලින් ඈත්වෙන්න

ව්‍යායාම කරන්න.

අනවශ්‍ය ලෙස අවිවේකී වීමෙන් වළකින්න.

නොමිලයේ රුධිර පරීක්‍ෂාවක් කරගන්න - රෝහලට යන්න

ඔබ වයස අවුරුදු 35 ට වැඩි අයෙකු නම් ප්‍රදේශයේ මහ රෝහලේ හෝ මූලික රෝහලේ පිහිටුවා ඇති බෝ නොවන රෝග කල් තියා හඳුනා ගැනීමේ මධ්‍යස්ථාන වන ‘සුව දිවි මධ්‍යස්ථාන’ වෙත ගොස් රුධිර පරීක්‍ෂාවක් කරගන්න. ඔබ අවුරුදු 35 ට වඩා අඩු අයෙකු වුවත් අවදානම් සාධක සහිත නම් පරීක්‍ෂා කරගන්න.

උපදෙස් - සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ අරුන්දිකා සේනාරත්න

ශ්‍රී ලංකා අන්තරාසර්ග රෝග සම්බන්ධ වෛද්‍ය ආයතනයේ සභාපතිනී, ජයවර්ධනපුර රෝහලේ අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දිමුතු ටී. මුතුකුඩ

උදේශිකා නෙලුම්දෙනිය

 



අදහස් (0)

අවදානම දැනගන්න - අදම ක්‍රියාත්මක වෙන්න

ඔබේ අදහස් එවන්න

සුව දිවියට අත්වැලක්

රට පුරාම පැතිරෙන 'ටීනියා'
2024 අප්‍රේල් මස 19 518 1

ටීනියා දිලීර ආසාදනය රට පුරා වේගයෙන් ව්‍යාප්තවෙමින් තිබෙනවා. හිතුමතේ ඔසුහල්වලින් ඖෂධ වර්ග රැගෙන ආලේප කිරීමට වැඩිදෙනා පුරුදුවීම හේතුවෙන් ටීනියා මර්ද


මුලින් හැඳුනා ගැනීමෙන් පිළිකාව පරදන මග
2024 මාර්තු මස 21 542 0

පිළිකා රෝගය කලින් කඳුනා ගනීමෙන් නිට්ටාවටම වුව සුව කරගත හැකි රෝගයකි.. එහෙත් නොසැලකිලිමත්කමෙන් හෝ නොදැනුවත්බවින් සිටියහොත් එසේ සුව කරගත හැකි අවස්ථා මග


බෙහෙත්වල ගුණ නැති කරන කෑම බීම ගැන දන්නවාද?
2024 මාර්තු මස 06 1363 0

පුද්ගලයකු කායිකව හෝ මානසිකව රෝගී වූ විට හොඳම විසඳුම නිසි ප්‍රතිකාරයක් සඳහා යොමුවීමයි. එහෙත් ඖෂධ ප්‍රතිකාර ගත් පමණින්ම රෝගයක් සුවවෙන්නෙ නැහැ. ඒ සඳහා තව


ලාදුරුවලින් බේරෙන්නෙ මෙහෙමයි
2024 පෙබරවාරි මස 20 721 0

මෙරට ලාඳුරු රෝගීන් සොයාගැනීම ඉහළ ගොස් තිබේ. පසුගිය වසරේ ලාඳුරු රෝගින් 1500කට අධික සංඛ්‍යාවක් අලුතින් වාර්තා වී තිබෙන අතර එයින් 173 දෙනෙකු පාසල් දරුවන් ය.


මව රැකියාවට ගියත් මුල් මාස හය දරුවාට මව්කිරි පමණක් ලබා දෙන්නේ කොහොමද
2024 ජනවාරි මස 20 555 0

අලුත උපන් බිළිඳාගේ පූර්ණ පෝෂණයට අවශ්‍යය වන එකම ආහාර වේල වන්නේ මව්කිරි ය. එම නිසා දරුවාගේ වැඩීමට, බුද්ධිවර්ධනයට හා ප්‍රතිශක්තිකරණය සඳහා මුල් මාස හය නිව


උණ දවස් දෙකකට වඩා වැඩි නම් බෙහෙත් ගන්න
2024 ජනවාරි මස 10 562 0

පසුගිය කාලයේ පැතිර ගිය ඔමික්‍රෝන් රෝගයේ ම අනු ප්‍රභේදයක් වන න්‍භග 1 ප්‍රභේදය මේ වනවිට ලෝකය පුරාම ඉතා ශීඝ්‍රයෙන් පැතිර යමින් තිබේ. එම රෝගය මෙරටටත් පැමිණ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 456 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1879 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1673 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site