විදෙස්ගත ලාංකිකයන් ගෙන්වා ගන්න - නාගානන්දගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පීඩාවට පත්ව විදේශ ගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගන්නා ලෙස රජය වෙත නියෝගයක් කරන ලෙස ඉල්ලා නීතීඥභාවය තාවකාලිකව අත්හිටුවා ඇති සිවිල් ක්‍රියාධරයෙකු වන නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසකම් පෙත්සමක් ගොනු කර ඇත. 27 July 2020
අනුර කුමාර-ශානි අබේසේකර කොමිසමට කැඳවීම තාවකාලිකව අත්හිටුවයි ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා කළ පැමිණිල්ලකට අදාළව ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර යන මහත්වරුන් දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට කැඳවීම තාවකාලිකව අත්හිටුවීමට එම ජනාධිපති කොමිසම අභියාචනාධිකරණය හමුවේ අද (27) එකඟතාවය පළ කළේය. 27 July 2020
මීගමු හිටපු බන්ධනාගාර අධිකාරීගේ වරෙන්තුවේ තීන්දුව සඳුදා හිටපු මීගමුව බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ මහතා අත්අඩංගුවට ගැනීමට නිකුත් කළ වරෙන්තුව ක්‍රියාත්මක කිරීම වළකාලන අතුරු නියෝගය ලබා දෙනවාද නැද්ද යන තීන්දුව ලබන සඳුදා (27) ප්‍රකාශයට පත් කිරීමට අභියාචනාධිකරණය අද (24) නියම කළේය. 24 July 2020
බුවනෙකබාහු රාජසභා මණ්ඩපයට සිදුවී ඇති හානිය ගැන කුරුණෑගල මහෙස්ත්‍රාත් වාර්තාවක් ඉල්ලයි කුරුණෑගල ‘බුවනෙක හෝටලය’ පවත්වාගෙන ගිය බුවනෙකබාහු රාජසභා මණ්ඩපයට හානි සිදුකොට ඇත්තේ හිතාමතාද? යන්න මෙන්ම ඉන්සිදුවී ඇති හානිය හා එය පිළිසකර කිරීමට ගතවන කාලය පිළිබඳ ලබන 31 වැනිදාට පෙර වාර්තාවන් ඉදිරිපත් කරන ලෙස පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයාට හා ජාතික ගොඩනැඟිලි පරීක්ෂණ ආයතනයේ අධ්යක්ෂ ජනරාල්වරයාට නියම කළ කුරුණෑගල මහෙස්ත්‍රාත් ඒ.ඩී.සී.එස්. හේවාවසම් මහතා මෙහි අවට ඇති සී.සී.ටී.වී. කැමරා දර්ශන ලබා ගන්නා ලෙස පොලිසියට අද (23) නියම කළේය. 23 July 2020
ලලිත් වීරතුංග - අනුෂ පැල්පිට ගොනුකළ පෙත්සම විභාගයට මිලියන 600 ක් වැය කරමින් සිල්රෙදි බෙදා දීමේ සිද්ධියට එවකට ජනාධිපති ලේකම්ව සිටි ලලිත් වීරතුංග මහතා අදාල මුදල් විදුලි සංදේශ ගිණුමට බැර කළත් ඒවා ඔහුගේ පෞද්ගලික පරිහරණයට ලබා ගෙන නැතැයි ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන අය විසින් ගොනු කළ අභියාචනා පෙත්සම් අද (23) අභියාචනාධිකරණය විභාගයට ගත් අවස්ථාවේදී ඒ මහත්වරුන් වෙනුවෙන් පෙනි සිටි නීතීඥ කංචන රත්වත්ත මහතා කියා සිටියේය. 23 July 2020
මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරිගේ පෙත්සම සළකා බැලීම හෙට රැඳවියකුගේ පරිහරණය සඳහා ශීතකරණයක් දුන්නැයි චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් , තමාට එරෙහිව නිකුත් කළ වරෙන්තුව ක්‍රියාත්මක වීම බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු මීගමුව බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ මහතා ගොනු කළ සංශෝධන රිට් පෙත්සම හෙට ( 24) සලකා බැලීමට අභියාචනාධිකරණය අද ( 23) දින නියම කළේය. 23 July 2020
නිවසේ සුරතලා හොර්ටන්තැන්නට රැගෙන ගිය යුවළට දඩ හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය තුළට සුනඛයෙකු රැගෙනයාමේ චෝදනාවට වරද පිළිගන්නා ලද දෙදෙනෙකු හට එක් අයෙකුට රුපියල් 20,000 බැගින් රුපියල් 40,000 ක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (23) නියෝග කළේය. 23 July 2020
මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අත්අඩංගුවට ගන්න නියෝග මීගමු බන්ධනාගාරය තුළ සිදුවු දුෂණ ක්‍රියාවන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළව එහි හිටපු බන්ධනාගාර අධිකාරීවරයා, ප්‍රධාන ජේලර්වරයා ඇතුළු නිලධාරීන් සිව්දෙනෙකු වරෙන්තු මත අත්අඩංගුවට ගන්නා ලෙස නීතීපතිවරයා අපරාධ පරීෂණ දෙපාර්තමෙන්තුවේ අධ්යක්ෂවරයාට අද (22) උපදෙස් දුන්නේය. 22 July 2020
මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරිගෙන් රිට් පෙත්සමක් රැඳවියකුගේ පරිහරණය සඳහා ශීතකරණයක් දුන්නැයි චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු මීගමුව බන්ධනාගාර අධිකාරී පී. ඩබ්ලිව්. ඩබ්ලිව්.යූ.පී. ඒ. සම්පායෝ මහතා විසින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත. 22 July 2020
ගල්කිස්ස මුහුදු තීරය ගොඩකළ බලධරයන් උසාවියට කැඳවයි වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් , පරිසර අමාත්‍යවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට ලබන සැප්තැම්බර් 22 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි අභියාචනාධිකරණය අද (21) නොතීසි නිකුත් කළේය. 21 July 2020
රංජිත් මද්දුම බණ්ඩාරගේ අභියාචනය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරයි එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් 99 දෙනෙකු පක්ෂයෙන් නෙරපීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක වීම වළාක්වලන වාරණ නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ දිසා අධිකරණය දුන් තීන්දුවට එරෙහිව සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ගොනු කර ඇති අභියාචන පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය අද (21) තීන්දු කළේය. 21 July 2020
කුරුදු පොලු නඩුව සැප්තැම්බර් 30 වැනිදා විභාගයට කුරුදු පොලු නඩුව ලබන සැප්තැම්බර් 30 වැනිදා විභාගයට ගන්නා බවත් එදිනට සියලුම සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවත් මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද (20) නියෝග කළේය. 20 July 2020
රතුපස්වල නඩුව සැප්තැම්බර් 11 වැනිදා විභාගයට වැලිවේරිය නගරයේ උද්ඝෝෂණයක නිරත වූ රතුපස්වල ප්‍රදේශයේ ජනතාවට වෙඩි තබා පහරදී තිදෙනකු ඝාතනය කිරීම ඇතුළු අධි චෝදනා 94 ක් යටතේ යුද හමුදා බ්‍රිග්‍රේඩියර් අරුණ දේශප්‍රිය ගුණවර්ධන ඇතුළු හමුදා සාමාජිකයන් සිවුදෙනකුට විරුද්ධව නීතිපතිවරයා විසින් ගම්පහ මහාධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුව සැප්තැම්බර් මස 11 වැනිදාට විභාගයට ගැනීමට අද (17) වැනිදා නියම කෙරිණි. 17 July 2020
ඇවන්ගාඩ් සභාපතිගේ ප්රතිශෝධන පෙත්සමේ අතුරු නියෝගය 31 දා ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සහ විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු යන මහත්වරු ඉදිරිපත් කළ ප්රතිශෝධන පෙත්සමේ අතුරු නියෝගය පිළිබද තීන්දුව හා එම පෙත්සම විභාගයට ගන්නවාද ? නැත්ද යන්න ලබන 31 වන දා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද (17) දින නියම කළේය. 17 July 2020
හිටපු වැටුප් අධ්යක්ෂ ජනරාල් ඇතුළු 95 ක් ගොනු කළ පෙත්සම සළකා බැලීමට යයි විශ්‍රාමිකයින් සඳහා වැඩි කරන ලද විශ්‍රාම වැටුප් දීමනාව වහාම ගෙවන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂක ජනරාල්වරයෙකු වන කේ. ඒ. තිලකරත්න මහතා ඇතුළු විශ්‍රාමිකයින් 95 දෙනෙකු විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සම සලකා බැලීම සදහා ලබන සැප්තැම්බර් මස 29 දා කැඳවීමට අභියාචනාධිකරණය අද (17) දින නියම කළේය. 17 July 2020
වරද පිළිගත් හොර දොස්තරට අත්හිටවූ සිරදඬුවම් ව්‍යාජ වෛද්‍යවරයකු ලෙස පෙනී සිටිමින් නීතිවිරෝධී ගබ්සා කිරීමේ කටයුතුවල යෙදුණු පුද්ගලයෙකුට එරෙහිව සෞඛ්‍ය නිලධාරීන් බිබිල අධිකරණයේ පවරා තිබූ නඩුවක් විභාග කළ මහෙස්ත්‍රාත් බුවනෙක රාජකරුණා මහතා වරද පිළිගත් සැකකරුට රුපියල් 25,000 ක දඩයක්ද, වසර දෙකක අත්හිටවූ සිරදඬුවමක්ද නියම කළේය. 17 July 2020
රජයේ සේවකයෙකුට පහරදීමේ චෝදනාවෙන් සැකකරු නිදහස් රජයේ සේවකයෙකුගේ රාජකාරියට බාධා කර සාපරාධී බලහත්කාරය පෑම යන චෝදනා සම්බන්ධයෙන් පැවති නඩු විභාගයේදි එම චෝදනාවට අදාළ සැකකරුව ගම්පහ මහෙස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද (16) නිදොස් කොට නිදහස් කළේය. 16 July 2020
දැරිය අපයෝජනය කළාට වසර 36ක සිර දඬුවමක් දස වසරකට පෙර බාලවයස්කාර දැරියකට අවස්ථා තුනකදී බරපතල අපයෝජනය කිරීම් සම්බන්ධව චෝදනාලද පුද්ගලයෙකු වරදකරු කළ, රත්නපුර පළාත්බද මහාධිකරණ ශාලා අංක එකෙහි විනිසුරු නවරත්න මාරසිංහ මහතා එම විත්තිකරුට එරෙහි චෝදනා තුනටම වෙන් වශයෙන් දඩුවම් නියම කළ අතර, එක් චෝදනාවකට වසර 12ක් බැගින් සිරදඩුවම් නියම කර චෝදනා තුනටම වසර 36 ක සිරදඩුවම් නියම කළේය. 16 July 2020
පාස්කුදා ප්‍රහාරය දැනුම් නොදුන්නාට කාදිනල්තුමන් මට දොස් කිව්වා පාස්කු ඉරුදින දේවස්ථානවලට බෝම්බ ප්‍රහාර එල්ල වන බව දැනගෙන ඒ පිළිබඳ කිසිදු දැනුම්දීමක් නොකිරීම සම්බන්ධයෙන් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා තමාට දෝෂාරෝපණය කළ බව හිටපු විශේෂ ආරක්ෂක දිසාව බාර විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති දූෂන් ප්‍රියලාල් මහතා පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ඊයේ (14 වැනිදා) පැවැසීය. 15 July 2020
ජනපති කොමිසමට එරෙහිව අනුරගෙන්-ශානිගෙන් රිට් පෙත්සම් දෙකක් ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති කළ පැමිණිල්ලට අනුව දේශපාලන පලිගැනීම් පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ තමන්ට එරෙහිව සිදු කරන විමර්ශන අත්හිටුවන්නැයි ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානයක සහ රහස් පොලිස් අධ්යක්ෂ ශානි අබේසේකර යන මහත්වරු අද (13) අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සම් දෙකක් ගොනු කළහ. 13 July 2020
කංජිපානිගෙන් අයිතිවාසිකම් පෙත්සමක් තමන්ට පාතාලයෙන් හා බන්ධනාගාර තුලින් ජීවිත තර්ජන පවතින බවත් , දැනට තමන් රදවා සිටින බූස්ස බන්ධනාගාරය තුලද එවැනි තර්ජන ඇති හෙයින් ජීවිත සුරක්ෂිතතාවය ඇති වෙනත් බන්ධනාගාරයකට මාරු කර යවන්නැයි ඉල්ලා වසර 6 ක බරපතල වැඩසහිත සිරදඩුවම් විදින පාතාල නායක කංජිපානි ඉම්රාන් නැමැත්තා අද (13) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම්ක් ගොනු කළේය. 13 July 2020
කොරෝනාවෙන් මියගිය අය ආදාහනයට එරෙහිව පැනවූ ගැසට්ටුවේ පෙත්සම් කල්යයි කෝවිඞ් 19 වෛරසය ආසාදනය වී මරණයට පත්වන්නන්ගේ සිරුරු ආදාහනය කිරීමෙන් සිය මූලික අයිතිවාසිකම් කඩවන බවත් , වයිරසයෙන් මියගිය අයගේ සිරුරු ආදාහනය කළ යුතු බවට රෙගුලාසි පනවමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා මුස්ලිම් දේශපාලන පක්ෂ නායකයින් වන රාවුෆ් හකීම් , රිෂාඞ් බදුද්දීන් ඇතුළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීව 13 July 2020
රාඩා නඩුවෙන් ටිරාන් අලස් නිදහස් සුනාමියෙන් හා යුද්ධයෙන් පීඩාවට පත් වී සිටින උතුරු නැගෙනහිර ජනතාවට නිවාස ඉදිකරදීම සඳහා මහා භාන්ඩාගාරයෙන් ‘රාඩා’ආයතනය වෙත නිකුත් කළ රුපියල් කෝටි 17 කට ආසන්න මුදලකින් එකඳු හෝ නිවසක් ඉදිනොකර එම මුදල් අවභාවිතා කළ බවට චෝදනා ලැබ සිටි හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා ඇතුළු සිව්දෙනෙකු කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා විසින් නිදහස් කරන ලදී. 10 July 2020
පාඨලීට එරෙහිව නීතිපති මහධිකරණයේ නඩු පවරයි රාජගිරිය ප්‍රදේශයේ 2016 වසරේදී සිදු වූ රිය අනතුරට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පක රණවක මහතාට සහ එවකට වැලිකඩ හිටපු පොලිස් ස්ථානාධිපති සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල මහතාට මෙන්ම පාඨලී චම්පක රණවක මහතාගේ රියදුරු වශයෙන් කටයුතු කළ බව කියන දිලුම් තුසිත කුමාර නමැත්තන්ට එරෙහිව නීතීපතිවරයා විසින් කොළඔ මහාධිකරණය හමුවේ අද (10) නඩු පවරන ලදී. 10 July 2020
හිරුණිකාට එරෙහි නඩුවේ විභාගයට දින නියම වෙයි දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳ සැලක සේවය කළ තරුණයෙකු පැහැරගෙන ගොස් පහර දී සාපරාධී ලෙස බිය ගන්වන ලද බවට හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහි නඩුව ලබන නොවැම්බර් 23 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය අද (10) නියම කළාය. 10 July 2020
කරුණා අම්මාන්ගේ ප්‍රකාශ වලින් සිදු වූ හානියට වන්දියක් ඉල්ලා පෙත්සමක් කරුණා අම්මාන් උතුරු නැගෙනහිර ප්‍රදේශයේ ස්ථාන දෙකකදී මාධ්‍යයට කර ඇති ප්‍රකාශ වලින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ සම්මුති පනත යටතේ වරදක් සිදුකර ඇති බවත් , ඔහු වහා අත්අඩංගුවට ගන්නා ලෙසට වැඩබලන පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් , එම ප්‍රකාශ වලින් සිදු වූ හානියට රුපියල් ලක්ෂ 10 ක වන්දියක් ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ අද (10) රීට් පෙත්සමක් ගොනු කෙරිණි. 10 July 2020
හිජාස් හිස්බුල්ලාගේ පෙත්සම 22 දා වැඩිදුර සළකා බලයි පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා සැකපිට අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවත්, ඔහුව මුදා හරින නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 22 වැනිදා වැඩිදුර සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) නියම කළේය. 10 July 2020
සහරාන් සමග පැය දෙකහමාරක් කතාකර රහසිගතව පටිගත කළා මුස්ලිම් අන්තවාදය සම්බන්ධයෙන් සකස් කළ නිබන්ධනයක් මගින් සහරාන් හෂීම්ගේ අන්තවාදී ක්‍රියා ගැන දැනගෙන සිටි බැවින් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය එල්ලවීමට ආසන්න කාලයේ සහරාන් හා මුස්ලිම් අන්තවාදී ක්‍රියා පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ බව යුද හමුදා බුද්ධි අධ්යක්ෂ මණ්ඩලයේ විශේෂ සාක්ෂිකරුවෙක් පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඊයේ (9) ප්‍රකාශ කළේය. 10 July 2020
ඉස්ලාම් අන්තවාදී දේශකයන් 100ක් සැරින් සැරේ ලංකාවට ආවා වරින් වර ලංකාවට පැමිණ ඉස්ලාම් අන්තවාදී දේශන පැවැත්වූ විදේශීය දේශකයන් සීයයකට අධික පිරිසක් පිළිබඳ බුද්ධි තොරතුරු තමාට වාර්තා වූ බව හිටපු ජාතික බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණ මහතා පාස්කු ඉරු දින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ඊයේ (8 වැනිදා) ප්‍රකාශ කළේය. 09 July 2020
ඇවන්ට්ගාඩ් සභාපතිට චෝදනා කර ඇත්තේ දේශපාලන අරමුණකින් බව උසාවියේ කියයි ඇවන්ට් ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති හා රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු යන අයට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර ඇත්තේ දේශපාලනික අරමුණකින් යැයි ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ එරාජ් ද සිල්වා මහතා අද (8) අභියාචනාධිකරණය හමුවේ කියා සිටියේය. 08 July 2020
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026