පරිඝනක දත්ත සොරා නොගත් බව ජනපතිගේ පෞද්ගලික ලේකම් කියයි
කෝට්ටේ නගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරයාගේ පරිගණකයේ තිබූ දත්ත නීතීවිරෝධී ආකාරයෙන් ලබාගැනීමේ චෝදනාවට තමන් නිවැරදිකරුවන් බව කෝට්ටේ නගර සභාවේ හිටපු නගරාධිපති, ජනාධිපති පෞද්ගලික ලේකම් ජනක රණවක මහතා සහ කෝට්ටේ නගර සභාවේ හිටපු පරිගණක ක්‍රියාකරුවකු කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා හමුවේ අද (09) පැවසුහ.