ගම්මන්පිලගේ නඩුව ජුලි 5 වැනි දා යළි කැඳවයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට එරෙහිව පවරා ඇති නඩුව ලබන ජුලි මස 5 වැනිදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොළ මහතා නියම කළේය. 11 March 2019
පළාත් මැතිවරණ පවත්වන්නැයි බලධාරීන්ට එරෙහි පෙත්සම් විභාගය කල් යයි කාලසීමාව අවසන් වීමෙන් පසුව විසුරුවා හැර ඇති සියලූම පළාත් සභාවල මැතිවරණ වහාම පැවැත්වීමට පියවර ගන්නා ලෙසට මැතිවරණ කොමසාරිස්වරයා ඇතුළු බලධාරීන්ට නියෝග කරන්නැයි ඉල්ලා සබරගමුව සහ උතුරුමැද පළාත් සභා වල හිටපු මහ ඇමතිවරුන් ගොනු කළ රිට් පෙත්සම් ලබන 11 වැනිදා සළකා බැලීමට අභියාචනාධිකරණය අද (05) නියම කළේය. 05 March 2019
ඉත්තෑවකු මැරූ දෙදෙනෙකුට 60දහසක දඩ රාජකදළුව මානවේරිය වැව් රක්ෂිතයේදී උගුලක් අටවා ඉත්තෑවෙකු මැරූ සැකකරුවන් දෙදෙනෙකුට හලාවත මහේස්ත්‍රාත් දිසා විනිසුරු මංජුල රත්නායක මහතා අද ( 01 ) රුපියල් 60,000ක බැගින් දඩ මුදලක් ගෙවීමට නියම කර තිබේ. 01 March 2019
විල්පත්තුවේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට අදාළ තීන්දුව කල් යයි විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපය තුළ ඉදිකර තිබෙන අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සමට අදාළ තීන්දුව ප්‍රකාශ කිරීම අගෝස්තු මස 6 වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය අද (27) නියම කළේය. 27 February 2019
මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධියේ සැකකරුවන් 13 වැනිදා තෙක් රිමාන්ඩ් බුදු පිළිමේ කැඩිමේ සිද්ධියේ සැකකරුවන් මාර්තු 13 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාවනැල්ල මහෙස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා අද 27 නියෝග කළේය. 27 February 2019
රන්ජන්ට එරෙහිව පුරවැසියකුගෙන් පැමිණිල්ලක් රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සිය ෆේස් බුක් ගිණුමේ පසුගිය පෙබරවාරි 13 දින ගුවන් හමුදා විශ්‍රාමිකයන් කිහිප දෙනෙක් සමග සජීවී සංවාදයක් පවත්වමින් රාජ්‍ය ආරක්ෂාවට හානිකර ප්‍රකාශ කරමින් ත්‍රිවිධ හමුදාව විවේචනය කරමින් හමුදා සේවය පොදු මහජනයාට සහ හමුදා සේවයට එන්නට බලාපොරොත්තුවන අයට එපා කරවමින් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා නීතිමය පියවර ගන්නැයි අද (27) ජී.පී. නිස්සංක යන අය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානයට පැමිණිල්ලක් 27 February 2019
මිලියන 540 ක අල්ලස් නඩුවේ පරීක්ෂණ අවසන් අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් චුදිතයන් වූ හිටපු ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන අයවළුන් සම්බන්ධයෙන් පරික්ෂණ අවසන් කර ඇතැයි අල්ලස් කොමිසම අද (26) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ කරුණු ඉදිරිපත් කරනු ලැබීය. 26 February 2019
ඇමැති අර්ජුනගේ ආරක්ෂක නිලධරයාට ඇප ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රය තුළට අයුතුව ඇතුළු වී කළහකාරී ලෙස හැසිරීමේ සිද්ධියක් අවස්ථාවේදී සිදුවු වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාස හතරක කාලයක් සැකපිට රිමාන්ඩ් බාරයට පත්කර සිටි අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ආරක්ෂක නිලධාරියා ලෙස සේවය කළ ඇමැති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයා ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා අද (26) නියම කළේය. 26 February 2019
ඇවන්ට්ගාඩ් නඩුව අප්‍රේල් 29 ට කල්යයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් 8 දෙනාට එරෙහිව පවරා ඇති නඩුව ලබන අප්‍රේල් 29 වැනි දා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (26) නියෝග කළාය. 26 February 2019
තවත් අල්ලස් නඩුවක් 7 වැනිදාට කල්යයි අල්ලස් නඩුවකට අදාළව සැකකරුවන් ලෙස නම් කර ඇති හිටපු අගවිනිසුරු මොහාන් පීරිස්, අභියාචනාධිකරණ විනිසුරු ඒ.එම්.එන්.ඩී. නවාස් සහ විදුලිබල අමාත්‍යංශයේ හිටපු ලේකම් එන්.එන්.පී. ෆර්ඩිනැන්ඩු මහතා සම්බන්ධ නඩුව ලබන 7 වැනි දා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (26) නියම කළාය. 26 February 2019
රංජන්ට එරෙහි පැමිණිල්ල නැවත කැඳවීම මාර්තුවේදී අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ල මාර්තු මස 13 වැනිදා නැවත කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. 26 February 2019
කොතල හිඹුටු ගෙන ගිය ජීප් රිය වෙන්දේසි කිරීම අත්හිටුවයි කොතළ හිඹුටු කැබලි කිහිපයක් නීති විරෝධීව ප්‍රවාහනය කළ ප්‍රාඩෝ වර්ගයේ අධි සුඛෝපභෝගි ජීප් රථය රාජ සන්තක කිරීමට හිගුරක්ගොඩ මහේස්ත්‍රාත් සනත් නානායක්කාර මහතා ලබාදී තිබූ නියෝගය මාර්තු මස 26 වන දින තෙක් තාවකාලිකව අත්හිටුවීමට පොළොන්නරුව මහාධිකරණ විනිසුරු එස් ඒ අයි එස් සුරවීර මහතා නියෝග කළේය. 26 February 2019
වසර 17කට පසු අළුත්කඬේ නීතීඥ සංගමයට සභාපතිවරියක් අළුත්කඬේ මහෙස්ත්‍රාත් අධිකරණ නීතීඥ සංගමයේ නිලවරණයේදී 2019/2020 වර්ෂය සඳහා නව නිලධාරී මඩුල්ල නිතරඟයෙන් තේරී පත්වූ අතර වසර 17ක කාලයකට පසු කාන්තා නීතීඥවරියක එහි සභාපතිවරිය ලෙස තේරී පත්වීම විශේෂ සිදුවීමක් විය. 25 February 2019
අභියාචනය බාරගැනීම ප්‍රතික්ෂේප කරයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු හත්දෙනෙකුට එරෙහි නඩුව විභාග කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට බලය නොමැති බවට විත්ති පාර්ශවයෙන් ඉදිරිපත් කළ මුලික විරෝධතාවය ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව අභියාචනය බාරගැනීම ප්‍රතික්ෂේප කළ බව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ සභාපති විනිසුරු සම්පත් අබේකොන් මහතා අද (22) දැනුම් දුන්නේය. 22 February 2019
කන්කසන්තුරේ නාවික හමුදා නිලධාරියකු අත්අඩංගුවට කොටහේන ප්‍රදේශයේ දී පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගැනීමේ සිද්ධියට අදාළව කන්කසන්තුරේ නාවික හමුදාවේ නිලධාරියකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 22 February 2019
සිංහරාජයෙන් ශාක කොටස් ගෙන යාමට තැත්කළ විදේශිකයන්ට කෝටියක දඩයක් සිංහරාජ වනාන්තරයෙන් සත්ත්ව සහ ශාක කොටස් පිටතට රැගෙන යාම සම්බන්ධයෙන් චෝදනා 37 කට වරද පිළිගත් ස්ලෝවැකියානුවන් පස් දෙනෙකුට අද (13) රුපියල් එක්කෝටි අට ලක්ෂ හතළිස් දහසක දඩයක් නියම කළ කලවාන මහේස්ත්‍රාත් ඩිලාන් වීරවර්ධන මහතා බරපතල වැඩ සහිතව මාස තුනක දඩුවම්ක් නියම කර එය වසර දහයකට අත්හිටුවීය. 13 February 2019
ඝාතන චෝදනාවට වරදකරුවන් වූ 9 කට මරණ දඩුවම පුද්ගල ඝාතන චෝදනාවට වරදකරුවන් වූ එකම පවුලේ අයියා මලෝ ඇතුළු නව දෙනෙකුට හලාවත මහාධිකරණ විනිසුරු ඉවෝන් ප්‍රනාන්දු මෙනෙවිය අද (8) මරණීය දණ්ඩනය නියම කරණු ලැබුවාය. 08 February 2019
අල්ලස් ගත් හිටපු කම්කරු නිලධරයකුට සිරදඬුවම් සේවකයින්ට අතීකාල නොගෙවීම සම්බන්ධයෙන් නීතී මඟින් කටයුතු නොකර සිටීම සඳහා ආයතනයකින් රුපියල් ලක්ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වු කොළඹ හිටපු කම්කරු නිලධාරීවරයාට වසර 08 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය රුපියල් 20,000/-ක දඩයක් ද ඔහු යටත් කළාය. 07 February 2019
ගෝල්ෆේස් කෝට් නිවාසයේ සේවය කළ පුද්ගලයා ඝාතනය කර ඇතැයි හෙළිවෙයි ගෝල්ෆේස් කෝට් තට්ටු නිවාසයේ සිව්වැනි මහලේ නිවසක විදේශ යුවළකගේ රියැදුරු ලෙස සේවය කරමින් සිටියදී අතුරුදන් වූ බව කියන ශ්‍රී ලාංකිකයකු වූ අශෝක සිරිවර්ධන යන අය ඝාතනය කර ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පි‍්‍රයන්ත ලියනගේ මහතා ඉදිරියේ අද (06) කරුණු අනාවරණය කළේය. 06 February 2019
දෙවසරක සිරදඬුවම් දුන් ගුරුවරිය ගැන අභියාචනයක් පාසල් දරුවකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුරුණෑගල මහාධිකරණයෙන් වසර දෙකක බරපතල වැඩ සහිතව සිරදඬුවම් නියම වූ පාසල් ගුරුවරිය සම්බන්ධ නඩු තීන්දුව පිළිබඳ අභියාචනයක් ඉදිරිපත් කරන බව ලංකා ගුරු සේවා සංගමය පවසයි. 05 February 2019
බනිස් ගෙඩියක ඇල්පෙනෙත්තෙන් බේකරි හිමියාට වැඩ වරදී බනිස් ගෙඩියක තිබූ ඇල්පෙනිත්තක් උඩු තල්ලේ ඇණුනු කාන්තාවකට රුපියල් 10,000ක වන්දියක් ගෙවන ලෙස දිවයිනේ ප්‍රධාන පෙළේ බේකරි නිෂ්පාදන ආයතනයකට නියම කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියම කොට තිබූ වන්දි මුදල රුපියල් 100,000 දක්වා වැඩි කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහෙන්ද්‍රන් මහතා අද (31) නියම කළේය. 31 January 2019
මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කළ 11 දෙනා යළි රිමාන්ඩ් මාවනැල්ල සහ අවට බුදු පිළිමවලට හානි කිරිමේ සිද්ධියට අදාළ සැකකරුවන් එකොළොස් දෙනා ලබන 13 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාවනැල්ල මහේස්ත්‍රත් උපුල් රාජකරුණා මහතා අද (30) නියෝග කළේය. 30 January 2019
‘ලටෙක්’ හිටපු සභාපති නිදොස් කොට නිදහස් ඉඩමක් ලබාදෙන බව පවසමින් ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටියක මුදලක් ලබාගෙන වංචා කළ බවට ‘ලටෙක්’ හිටපු සභාපති රවී වෙත්තසිංහ මහතාට එරෙහිව පවරා තිබු නඩුවකින් කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඔහු නිදොස් කොට නිදහස් කළේය. 29 January 2019
කෝටි 100 මත්ද්‍රව්‍ය ජාවාරම් කළ පස් දෙනා රිමාන්ඩ් රුපියල් කෝටි 100කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 90ක් ජාවාරම් කළැයි කියන ඇමෙරිකානු ජාතිකයින් දෙදෙනා ඇතුළු විදේශීය සැකකරුවන් තිදෙනා සහ ශ්‍රී ලාංකික සැකකරුවන් දෙදෙනා ලබන 8 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පි‍්‍රයන්ත ලියනගේ මහතා අද (29) නියෝග කළේය. 29 January 2019
පහන් තක්ෂිලාවේ සල්ලි වංචාව: සහකාර අධ්‍යක්ෂකට අතින් ගෙවන්න වෙයි උතුරු මැද පළාතේ පාසල් දරුවන්ගේ සාරධර්ම ප්‍රවර්ධනය කිරීම සඳහා පහන් තක්ෂිලාව වැඩමුළු පැවැත් වූ බව පවසමින් වංචා කර ඇති රුපියල් 315,000 ක මුදල 2019 වසරේ මාර්තු මස 31 වන දිනට පෙර රජයට ගෙවන ලෙස උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්යක්ෂ උපාලි අනුරුද්ධ ජයලත් මහතා උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ හිටපු බුද්ධ ධර්ම හා සාර්ධර්ම විෂය සහකාර අධ්යක්ෂ පී. එස්. රාජාසිංහ මහතාට ලිඛිතව දැනුම්දී ඇත. 21 January 2019
ටෙලිකොම් ආයතනයට අතුරු නියෝගයක් තරුණ නව නිපැයුම්කරුවෙකු නිර්මාණය කර පරීක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට බාර දුන් අධි වෝල්ටීයතාවයෙන් සහ අකුණු සැර වලින් ආරක්ෂා කිරීමේ සංහෘත පරිපථයක අඩංගු තොරතුරු කිසිවක් හෙළි නොකරන ලෙස හෝ එම තොරතුරු උපයෝගී කිරීම වළකාලමින් වාණිජ මහාධිකරණ විනිසුරු ඇම්.අශාන් ආර් .මරිකාර් මහතා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට අද (21) අතුරු නියෝගයක් නිකුත් කළේය. 21 January 2019
බේරුවල සිද්ධියේ තවත් සිව් දෙනෙක් රිමාන්ඩ් රුපියල් මිලියන 277 ක් වටිනා හෙරොයින් කිලෝග්‍රෑම් 231 ක් බේරුවල මුහුදේ දී අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට අදාළ තවත් සැකකරුවන් සිව් දෙනෙකු අද (18) අධිකරණයට බාරවිය. 18 January 2019
කොකේන් ජාවාරම්කරුට මරණ දඬුවම් කොහුවල ප්‍රදේශයේ කොකේන් මත්ද්‍රව්‍ය බේදා හරිනු ලැබු ජාවාරම් කරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද(17) මරණ දඬුවම නියම කළේය. 17 January 2019
අධිවේගී මඟේදී ව්‍යාපාරිකයා පැහැරගත් තිදෙනා රිමාන්ඩ් අහංගම නගරයේ ව්‍යාපාරිකයෙකු පැහැරගෙන යමින් සිටියදී දක්ෂිණ අධිවේගී මාර්ගයේදී අත්අඩංගුවට ගත් පුද්ගලයින් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 22 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද(16) නියෝග කළේය. 16 January 2019
ආගමන - විගමන නීති කැඩූ චීන්නු දෙදෙනාට අධි චෝදනා ආගමන විගමන නිති උල්ලංඝනය කරමින් ලංකාව තුළ රැුදී සිට උපයාගත් ආකාරය හෙළිකළ නොහැකි අන්දමින් මෙරට බැංකු ගිණුමක රුපියල් කෝටි 96කට ආසන්න මුදලක් තැන්පත් කළැයි කියන සිද්ධියකට අදාළ චීන ජාතිකයින් දෙදෙනා සම්බන්ධයෙන් කොළඹ 16 January 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026