රූපවාහිනීය පැවරීමේ ගැසට්ටුව ගැන උපදෙස් ගන්න නීතිපතිට කල්දෙයි ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ජනාධිපතිවරයා යටතට ගෙන ඇති බවට ප්‍රකාශිත අති විශේෂ ගැසට් නිවේදනය බලශූන්‍ය කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයාගේ උපදෙස් ලබා ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (20) නීතිපතිවරයාට කල් ලබා දුන්නේය. 20 September 2019
හේමසිරි- පූජිත ගැන නීතිපතිගේ ප්රතිශෝධන ඇයැදුමේ තීන්දුව ඔක්තෝබර් 9 දා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට හෝ එම ප්‍රහාරයේ බලපෑම අඩුකර ගැනීමට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබ සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු ගන්වා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට ඇප නියම කරමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ලබාදුන් නියෝගයට එරෙහිව නීතීපතිවරයා ඉදිරිපත් කර ඇති ප්රතිශෝධන ඇයැදුම්පත සම්බන්ධ තීන්දුව ලබන ඔක්තෝබර් 9 වැනිදා ප් 20 September 2019
ලිංගික අතවර කළ රගර් ක්‍රීඩකයන් දෙදෙනා වසර 10 ක් හිරේ කොළඹ ප්‍රධාන පෙළේ පිරිමි පාසලක ජිම්නාස්ටික් ක්‍රීඩාව සඳහා රැදී සිටි අවුරුදු 6 1/2 ක බාලවයස්කාර පිරිමි ළමයකුට බරපතල ලිංගික අතවර කිරීමේ හා ඒ සඳහා ආධාර දීමේ චෝදනාවට වරදකරු වූ එම පාසලේම රගර් කණ්ඩායමේ සාමාජිකයින් ලෙස කටයුතු කළ රගර් ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා වසර 10 බැගින් බරපතල වැඩ සහිත සිර දඬුවම් අද (19) නියම කළේය. 19 September 2019
'අලි නඩුව' විභාග කරන්න මහාධිකරණයට බලයක් නැතැයි මුලික විරෝධතාවයක් වනජීවී දෙපාර්තමේන්තුවේ තිබු අලි ලියාපදංචි කරන පොත කූට ලෙස වෙනස්කර බලපත්‍ර නොමැති අලි 5 දෙනෙකු ළඟ තබා ගත් බවට චෝදනා කරමින් නීතීපති පවරා ඇති නඩුව විභාග කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලට බලයක් නොමැති බව විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුජ පේ‍්‍රමරත්න මහතා අද (18) මුලික විරෝධතාවයක් ඉදිරිපත් කළේය. 18 September 2019
ඇවන්ට්ගාඩ් නඩුවෙන් ගෝඨාභය ඇතුළු 8 දෙනා නිදහස් ගාලූවරායේ නවතා තිබූ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යෑමට ඇවන්ට්ගාඩ් සමාගමට අවසර ලබා දීම මගින් ශ්‍රී ලංකා රජයට රුපියල් බිලියන 11.4 පාඩුවක් සිදුකරන ලදැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම මඟින් කෙළඹ මහේස්ත්‍රාත් අධිකරණය පවත්වා ගෙන යන නඩු විභාගයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් අට දෙනා නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය අද (12) නියෝග කළේය. 12 September 2019
එම්. ජී. ෂුගර් සමාගමේ හිමිකරු ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ සාක්කි දෙයි ශ්‍රී ලංකාවාසීන් පාරිභෝජනය කරන සමස්ථ සීනි ප්‍රමාණයෙන් සියයට 92 ක්ම පිටරටින් ආනයනය කරන හෙයින් ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස කන්තලේ සීනි සමාගම ආරම්භ කිරීමට අදහස් කළ බව එම්. ජී. ෂුගර් පෞද්ගලික සමාගමේ හිමිකරු වන කේ. ඩිප්පයියා නාගරාජා මහතා පළමුවැනි විශේෂ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සාක්කි දෙමින් අද (10) පැවසීය. 10 September 2019
හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී - දැව සංස්ථා සභාපතිගේ නඩුව හෙට සිට විභාගයට හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයාට එරෙහි නඩුව හෙට සිට (10) විභාග කිරීම ආරම්භ කිරීමට පළමුවැනි විශේෂ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (9) තීරණය කළේය. 09 September 2019
බොරැල්ල ඕඅයිසී අනතුරට ලක් කළ රියදුරාට ඇප බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරකට ලක් කර පළා ගිය ඩිෆෙන්ඩර් රථයේ රියදුරා වශයෙන් කටයුතු කළ පුද්ගලයාට එරෙහි අධිචෝදනා පත්‍ර බාරදුන් කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ඔහු ඇප මත මුදාහැරීමට අද (5) නියම කළේය. 05 September 2019
මහින්දානන්දට එරෙහි නඩුවේ පැමිණිල්ලේ ලේඛන විත්ති පාර්ශ්වයට බාරදෙයි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා සහ හිටපු සතොස ගබඩා පාලකවරයාට එරෙහි නඩුවේ පැමිණිල්ලේ ලේඛන විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විත්ති පාර්ශ්වයට අද (30) බාර දුන්නේය. 30 August 2019
අලි පැටවා ළඟ තබා ගත්තැයි කියන තුනකට ඇප බලපත්‍රයක් නොමැතිව අලි පැටවකු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් වැඩ තහනමකට ලක්වී සිටින කොළඹ හිටපු අතිරේක මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනාට අධිචෝදනා පත්‍ර බාරදුන් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා එම අලි පැටවාගේ අයිතිකරු බව කියන පළමු විත්තිකරු හැර සෙසු විත්තිකරුවන් තිදෙනා පෙර ඇප මත මුදා හැරීමට අද (30) නියම කළේය. 30 August 2019
මරණ දඬුවම නියමවූ සිරකරුවෝ 5 කගෙන් ප්‍රකාශ ගන්න සීඅයිඩීයට අවසර මරණීය දණ්ඩනය නියමවූ සිරකරුවන් පස් දෙදෙනකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජීවිතයට තර්ජනයක් සිදු කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාරය වෙත ගොස් ප්‍රකාශ ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දෙන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (20) වැලිකඩ සහ අගුණකොලපැලැස්ස බන්ධනාගාර අධිකාරිවරුන් වෙත නියෝග කළාය. 20 August 2019
රුපියල් 10,620 ක් බලෙන් ලබාගත්තැයි කියන පොලිස් නිලධාරියෙකුට ඇප අයිස් මත්ද්‍රව්‍ය විකුණන ස්ථානයකදී පොලිස් නිලධාරියකු ලෙස පෙනී සිටිමින් රුපියල් 10620ක මුදලක් බලෙන් ලබා ගත්තැයි කියන කෙසෙල්වත්ත පොලිසියේ හිටපු පොලිස් කොස්තාපල්වරයා රුපියල් ලක්ෂ 2ක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (20) නියෝග කළාය. 20 August 2019
ශානි අබේසේකරගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස කළ ඉල්ලීම කල් යයි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු ඇතුලු සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීම ඕනෑකමින් නොකර හැරියැයි කියන සිද්ධියකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසට කළ ඉල්ලීමකට අදාළ නියෝගය ලබන 23 වැනිදා ලබා දිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (20) තීරණය කළාය. 20 August 2019
මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමයේ නව නිලධාරී මඬුල්ල පත්කෙරේ මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමයේ 2019/2020 වර්ෂය සදහා නව නිලධාරී මඬුල්ලක් මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමයේ මහසභා රැස්වීමේදී පත් කර ගන්නා ලදී. 12 August 2019
ගෝඨාගේ ප්රතිශෝධන පෙත්සමේ තීන්දුව අගෝ. 30 දාට කල්යයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගොනු ඇති ප්රතිශෝධන පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම ලබන අගෝස්තු 30 වැනිදා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය අද (26) තීන්දු කළේය. 26 July 2019
විල්පත්තු නඩුව ගැන වන සංරක්ෂණ ජනරාල්ගෙන් කරුණු විමසන්නැයි නියෝග විල්පත්තු රක්ෂිත වනාන්තර කලාපයට ආසන්නයේ පිහිටි මරිච්චකට්ටු, කල්ලාරු රක්ෂිතය එළිපෙහෙළි කරන බවට පැවසෙන තොරතුරුවල සත්‍යතාවයක් තිබේද යන්න පිළිබඳව වන සංරක්ෂණ අධ්යක්ෂ ජනරාල්වරයාගෙන් කරුණු විමසා ලබන සිකුරාදා (19) අධිකරණයට වාර්තා කරන ලෙස අභියාචනාධිකරණය අද (15) නීතිපතිවරයාට නියම කළේය. 15 July 2019
හතරවැනි සාක්කිකාරියට නොතිසී ලංකාදීප මාධ්‍යවේදිනී රේඛා තරංගනී මහත්මියට එරෙහිව මොරටුව පොලිසිය විසින් පනවන ලද මොරටු අධිකරණයේ විභාග වන නඩුව අවසාන වශයෙන් විභාගය සඳහා අගෝස්තු 30 යළි කැඳවන ලෙසත් පැමිණිල්ලේ හතරවැනි සාක්ෂිකාරියට නොතිසි නිකුත් කරන ලෙසත් මොරටුව අතිරේක දිසා විනිසුරු දමින්ද රාමනායක වැලිගොඩපිටිය මහතා අද (31) නියෝග කළේය. 31 May 2019
මාරවිල මහේස්ත්‍රාත්ගෙන් කොස්වත්ත පොලීසියට අවවාද බරපතල පනත් තුළින් සාක්ෂි සනාථ නොකර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම තුළින් ජනතාව අපහසුතාවයට පත් නොකරන ලෙසට මාරවිල මහේස්ත්‍රාත් සිරිමෙවන් මහේන්ද්‍ර රාජා මහතා විවෘත අධිකරණයේදි (29) කොස්වත්ත පොලිසියට දැඩි ලෙස අවවාද කළේය. 29 May 2019
හිටපු ඇමැති සරත් කුමාරට එරෙහි නඩුව අගෝස්තු 05ට කල්යයි මීගමු කලපු සංවර්ධනයට මහා භාණ්ඩාගාරයෙන් ලබා දුන් රුපියල් කෝටියකට අධික මුදලක් අවභාවිත කරමින් පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අවසන් රැළිය මීගමු නගර සභා ක්‍රීඩාංගනයේ පැවැත්වූ බවට හිටපු ධීවර කටයුතු නියෝජ්‍ය ඇමති සරත් කුමාර ගුණරත්න මහතා ඇතුළු හයදෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණ දෙකක පවරා ඇති නඩු ලබන අගොස්තු 05 වැනිදා යළි කැඳවීමට මහාධිකරණ විනිසුරුවරු අද නියම කළහ. 27 May 2019
ලංවිම විරෝධතා වළකාලන වාරණයක් ඉල්ලා පැමිණිල්ලක් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය විසින් ආරම්භ කර ඇති අකුරට වැඩ කිරීමේ විරෝධතා ව්‍යාපාරය වළකාලන වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාරිභෝගික අයිතිය සුරැකීමේ ව්‍යාපාරයේ කැඳවුම්කරු රංජිත් විතානගේ මහතා කොළඹ දිසා අධිකරණයේ පැමිණිල්ලක් ගොනු කර ඇත. 17 May 2019
බෝම්බ ප්‍රහාරයෙන් දරුවන් අහිමිවූ පියකුගෙන් වගකිවයුත්තනට එරෙහිව පෙත්සමක් බුද්ධි අංශ මඟින් දැනුම්වත් කර තිබියදීත් නොබෝදා සිදුවූ ප්‍රහාරය මඟින් මිනිස් ජීවිත අහිමි වූයේ පොලිස්පති ඇතුළු වගඋත්තරකරුවන් නිසි රාජකාරී යුතුකම් පැහැරහැරීම හේතුවෙන් බව සඳහන් කරමින් ඔවුන්ට එරෙහිව අපරාධ නඩුවක් ගොනු කරන ලෙස ඉල්ලා මෙම ප්‍රහාරයෙන් දරු දෙදෙනා අහිමි වූ පියෙකු සහ හෝටල් හිමියෙකු මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ගොනු කරනු ලැබූහ. 29 April 2019
චීන ජාතිකයින්ගේ ප්රතිශෝධන පෙත්සමට විරෝධතා කැඳවයි ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් තමන්ට අනිවාර්ය සිර දඩුවම් පමුණුවමින් දෙන ලද නියෝගය නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා චීන ජාතිකයින් 14 දෙනෙකු ඉදිරිපත් කරන ලද ප්රතිශෝධන අයදුම් පත්‍ර 14ක් සළකා බැලූ දකුණු පළාත් බද ගාල්ල මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.පි.එස් නිශ්ශංක මහතා (05)දින නොතිසි වාර්තා සහ විරෝධතා කැඳවිමට අද(03) නියම කළේය 03 April 2019
සත්‍ය ගවේෂකයන්ගේ රිට් පෙත්සම කල්යයි පළාත් සභා මැතිවරණය වහාම පැවත්වීමට අදාළ පියවර ගැනීමට මැතිවරණ කොමිසමට නියෝගය කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ සාමාජිකයින් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ රිට් පෙත්සම සලකා බැලීම ලබන ජූනි 3 වැනිදා තෙක් කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (2) නියෝග කළේය. 02 April 2019
දෙවැනි විශේෂ මහාධිකරණය විවෘත කෙරේ දෙවැනි විශේෂ මහාධිකරණය අද (14) අළුත්කඩේ මහාධිකරණ සංකීර්ණ පරිශ්‍රයේදී විවෘත විවෘත කෙරිණි. 14 March 2019
තංගල්ල හිටපු සභාපති ඇතුළු සිව්දෙනාගේ අභියාචනය ඉල්ලා අස් කරගනී තංගල්ල ද නේචර් හෝටලයේදී බි්රතාන්ය ජාතික කුරාම් ෂෙයික් නැමැත්තා මරා දමා ඔහුගේ පෙම්වතිය දුෂණය කරන ලදැයි චෝදනාවට කොළඹ මහාධිකරණය මඟින් තංගල්ල ප්‍රදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් විදානපතිරණ ඇතුළු චූදිතයින් සිව් දෙනෙකුට නියම කර ඇති වසර 20ක සිර දඬුවමට එරෙහිව නීතිපතිවරයා සහ විත්තිකරුවන් විසින් ගොනු කළ අභියාචන පෙත්සම් දෙක අද ( 13) ඔවුන් විසින් ඉල්ලා අස් කර ගන්නා ලදී. 13 March 2019
මාධ්‍යවේදිනිය ඡායාරූප ගත්බව දුටුවේ නැතැයි සාක්කිකරු කියයි ’මාධ්‍යවේදිනිය ඡායාරූප ගන්නවා මා දුටුවේ නෑ. මම එනවිට ඇය අතිරේක මහේස්ත්‍රාත්තුමාගේ නිලරථය නවත්වන ගරාජය ළඟ රැඳී සිටියා’ ලංකාදීප මාධ්‍යවේදිනී රේඛා තරංගනී මහත්මියට එරෙහිව මොරටු අධිකරණයේ ඡායාරූප ගැනීමේ සිද්ධියට අදාළ නඩුවේ සාක්ෂි ලබා දෙමින් පො.සැ (5664) රංජිත් මහතා(11)මොරටුව අතිරේක මහේස්ත්‍රාත් ආර්. බී. එච්. ඩී. ආර්. වැලිගොඩපිටිය මහතා හමුවේ පැවසීය. 13 March 2019
හිරුණිකාට එරෙහි නඩු විභාගය අප්‍රේල් දක්වා කල් යයි දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ තරුණයෙකු පැහැරගෙන ගොස් පහර දී සාපරාධී ලෙස බිය ගන්වන ලද බවට පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහි නඩුව ලබන අපේ‍්‍රල් මස 24 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහෙන්ද්‍රන් මහතාට අද (12) නියම කළේය. 12 March 2019
ගෝඨා ගොනු කළ රීට් පෙත්සම් විභාගය කල් යයි වීරකැටිය මැදමුලන ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ ස්මාරකය හා කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයේ මුදල් මිලියන 33.9 ක මුදලක් සාපරාධී ලෙස පරිහරණය කිරීම ඇතුළු අධි චෝදනා 7කට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ තමන්ට එරෙහිව ගොනු කර ඇති නඩුව විභාගයට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගොනු කළ රිට් පෙත්සම මේ මස 26 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය අද (12) දින නියම කළේය. 12 March 2019
මහින්ද ඇතුළු පිරිසට එරෙහිව ගොනුකළ රිට් පෙත්සම ඉල්ලා අස් කරගනී 2018 ඔක්තෝබර් 26 වැනිදා හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු එවකට අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන්ගේ පත්වීම් අභියෝගයට ලක් කරමින් වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 දෙනා ගොනු කළ රිට් පෙත්සම අද (12) අභියාචනාධිකරණය හමුවේ ඉල්ලා අස් කර ගන්නා ලදී. 12 March 2019
ගාමිණි සෙනරත් නඩුවේ විත්ති පාර්ශවයේ ඉල්ලීම ගැන තීන්දුව 27 වැනි දා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කළ ගාමිණි සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනා විත්ති වාචක නොකැඳවාම නිදහස් කරන්නැයි විත්ති පාර්ශවයෙන් කළ ඉල්ලීම පිළිබඳ තීන්දුව ලබන 27 වැනිදා ප්‍රකාශයට පත් කරන බව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අද (11) දැනුම් දුන්නේය. 11 March 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026