( තිළිණි ද සිල්වා )
පළාත් සභා මැතිවරණය වහාම පැවත්වීමට අදාළ පියවර ගැනීමට මැතිවරණ කොමිසමට නියෝගය කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ සාමාජිකයින් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ රිට් පෙත්සම සලකා බැලීම ලබන ජූනි 3 වැනිදා තෙක් කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (2) නියෝග කළේය.
මෙම පෙත්සම බුවනෙක අලූවිහාරේ , එල්.ටී.බී දෙහිදෙණිය සහ ප‍්‍රීති පද්මන් සූරසේන යන ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අතර එහිදී මෙම නියෝග ලබා දෙන ලදී.
සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ සාමාජිකයින් වන නීතීඥ දිනේෂ් සඳරුවන් ජයවීර මහතා ඇතුළු නම දෙනෙකු විසින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති ඇතුළු සාමාජිකයින් නම් කරනු ලැබ ඇත.
නීතීඥ පේ‍්‍රමනාත් සී.දොළවත්ත මහතා විසින් ගොනු කර ඇති පෙත්සමේ මෙසේ ද සඳහන් වේ.
එබැවින් අදාළ වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද, පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ පියවර ගැනීම නියෝග කරමින් රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සමින් ඉල්ලා සිටී.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සත්‍ය ගවේෂකයන්ගේ රිට් පෙත්සම කල්යයි