IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මාරවිල මහේස්ත්‍රාත්ගෙන් කොස්වත්ත පොලීසියට අවවාද

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

බරපතල පනත් තුළින් සාක්ෂි සනාථ නොකර සැකකරුවන් අධිකරණයට  ඉදිරිපත් කිරීම තුළින් ජනතාව අපහසුතාවයට පත් නොකරන ලෙසට මාරවිල මහේස්ත්‍රාත් සිරිමෙවන් මහේන්ද්‍ර රාජා මහතා විවෘත අධිකරණයේදි  (29)  කොස්වත්ත පොලිසියට දැඩි ලෙස  අවවාද  කළේය. 
 
කොට්ටරාන් මුල්ල ප්‍රදේශයේ පසුගිය 13  දින ඇතිවු නොසන්සුන්තාවයට සම්බන්ධ යැයි පවසමින් ඉන් පසුව පළුවැල්ගාල ගම්මානයේ නිවසක රැදි සිටි බව පවසමින් පාසල් සිසුන් සිව් දෙනෙකු හා රෝගී පුද්ගලයකු ඇතුළු 31 දෙදෙනෙකු කොස්වත්ත පොලිසිය මගින්  16 දින මාරවිල ‍අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. 
 
 එසේ අධිකරණයට ඉදිරිපත් කර තිබු සැකකරුවන් 31 දෙනා 2019 අප්‍රේල් 22 දින අති විශේෂ ගැසට් පත්‍රයේ 2150 / 541  මහජන ආරක්ෂණ ආඥා පනතේ  5 වන වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් සකසන ලද නියෝගයට යටත්ව  IV ජේදයේ 25 වන වගන්තිය ප්‍රකාරව නියෝජ්‍ය පොලිස්පතිවරයකු විසින් නඩු පවරා තිබිණි.
 
පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත් කර තිබු සැකකරුවන්  අදාල  පනත මගින් අධිකරණයට ඉදිරිපත් කර  තිබු අතර ඒ අනුව  සැකකරුවන් 31 දෙනා  29 දක්වා  බන්ධනාගාර ගත කිරීමට මාරවිල  මහේස්ත්‍රාත්වරයා නියෝග කර  තිබිණි.
 
සැකකරුවන් යළි  ( 29 ) දින බන්ධනාගාරයේ සිට මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදි කොස්වත්ත පොලිසිය මගින් නිතිපති උපදෙස් මත  මහජන ආරක්ෂණ ආඥා පනත ඉවත් කරමින් වාර්තාවක් මගින් දණ්ඩ නීති සංග්‍රහයේ 140 හා 145 යටතේ නඩු පැවරීමට කටයුතු කර තිබුණී.
 
 දණ්ඩ නීති සංග්‍රහයේ 140 හා 145 වගන්ති යටතේ අධිකරණයට ඉදිරිපත් කර තිබු සැකකරුවන් 31 දෙනාට මාරවිල මහෙස්ත්‍රාත් සිරිමෙවන් මහේන්ද්‍ර රාජා මහතා විසින් එක් අයකට රුපියල් 50000 ( පනස් දහස බැගින් ) ශරීර ඇප එකක් නියම කරමින් ඇප මත මුදා හැරිමට පොලිසියට නියෝග කෙරුණී . 
 



අදහස් (0)

මාරවිල මහේස්ත්‍රාත්ගෙන් කොස්වත්ත පොලීසියට අවවාද

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 79 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 733 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 354 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site