වල්ලපට්ට ළග තබාගත්තාට 25,000 ක් දඩ බලපත්‍ර නොමැතිව නීතිවිරෝධි ලෙස වල්ලපට්ට කිලෝ 11ක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් වරදකරු වූ පුද්ගලයෙකුට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද(23) රුපියල් 25,000ක දඩයක් නියම කළේය. 23 June 2020
බෝම්බය පුපුරුවාගෙන මැරිලා මගේ දුව මේ රටට ලොකු ද්‍රෝහිකමක් කළා සියලු දෙනාට ආදරය කිරීමට පුරුදුවන ලෙස මුස්ලිම් ආගමේ නාමයෙන් ඉස්ලාමීය අන්තවාදීන්ගෙන් ඉල්ලා සිටින බව දෙමටගොඩ මහවිල නිවාස සංකීර්ණයේදී බෝම්බයක් පුපුරුවාගෙන මියගිය තරුණියගේ මව වන අබ්දුල් ෆරීඩා උම්මා මහත්මිය පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ හැඬු කඳුලින් සාක්ෂි දෙමින් ඊයේ (22) ප්‍රකාශ කළාය. 23 June 2020
අයියාගේ ලියුම දැක්කාම දිවිනසාගනීවී කියා සිතුණා “අයියගේ බ්‍රීෆ් කේස් එකේ තිබුණ ලියුම දැක්කාම මට හිතුණා අයියා සියදිවි හානිකර ගැනීමට සූදානම් වෙලා කියලා. මම අයියාව හොයලා හොයලා බැරිම තැන බම්බලපිටිය පොලිසියට ගිහින් කිව්වා අයියව බේරලා දෙන්න කියලා. එතකොට රෑ 11.00ට විතර ඇති. පොලිසිය මගෙන් කටඋත්තරයක් අරගෙන ජංගම නිලධාරීන් කිහිප දෙනෙක් දුන්නා අයියව හොයන්න. 23 June 2020
‘මුස්ලිම් අන්තවාදය මෙරට ක්‍රියාත්මක වන බව 2013 දී කිව්වා‘ මුස්ලිම් අන්තවාදය මෙරට ක්‍රිත්මකවීම සම්බන්ධයෙන් තමා 2013 වසරේ දී එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම්දුන් බව බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ඊයේ (18) ප්‍රකාශ කළහ. 19 June 2020
සහරාන් 2015දී හැම පක්ෂයක් එක්කම ගිවිසුම් ගැහැව්වා පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාව මෙහෙයවූ තවුහිද් ජමාද් මුස්ලිම් සංවිධානයේ නායකයා වන සහරාන් නැමැත්තා සිය අරමුණු ඇතුළත් න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරවා ගැනීමට 2015 වසරේ පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළ සියලුම දේශපාලන පක්ෂ සමඟ අවබෝධතා ගිවිසුම්වලට එළැඹීමට උත්සාහ ගෙන ඇති බව අල් අබ්දුල් ජවාද් ආලීම් මලිඋල්ලා භාරයේ ලේකම් මොහොම්මද් සහලාන් මහතා පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් (16 වැනිදා) ප්‍රකාශ කළේය. 18 June 2020
සාක්ෂිකාරියකට අධිකරණයේදී මරණ තර්ජනය කළ චූදිතයා රිමාන්ඩ් ද්විත්ව ඝාතනයක සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින චුදිත තැනැත්තෙකු විසින් තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණ ශාලාව තුළදි සාක්ෂිකාරියකට මරණීය තර්ජනය කිරීම සම්බන්ධයෙන් වු විශේෂ නඩු විභාගය හම්බන්තොට මහාධිකරණ විනිසුරු ඒ.එන්.ජයකිද අල්විල් මහත්මිය ඉදිරියේ අද (18) විභාගයට ගැණුනු අතර චුදිත හෙට (19) දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහාධිකරණ විනිසුරු වරිය නියෝග කළාය. 18 June 2020
සහරාන්ගේ ළමා කඳවුරට සල්ලි දුන් පදනමේ බුද්ධි අංශ ලොක්කෙක් පාස්කු ඉරිදා ප්‍රහාරයේ බෝම්බකරුවකු සමඟ සම්බන්ධතා පැවැත්වූ බවට සැකපිට අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා නියෝජනය කරන “සේව්ද පර්ල්” රාජ්‍ය නොවන සංවිධානයේ ආරම්භක සාමාජිකයකු ලෙස රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහීල් ඩූල් මහතා කටයුතු කරන බව ජනාධිපති නීතිඥ වසන්ත නවරත්න බණ්ඩාර මහතා කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ ඊයේ (17) සඳහන් කළේය. 18 June 2020
ෂැංග්‍රිලා හෝටලයේදී පුපුරුවා ගත්තේ අමුතු රසායනික යෙදූ බෝම්බයක් පාස්කු ඉරුදින කොළඹ ෂැංග්‍රිලා හෝටලයට එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාර දෙක සඳහා යූරියා නයිට්ට්‍රේට් නම් මෙතෙක් මෙරටින් වාර්තා නොවු රසායනික ද්‍රව්‍ය යොදා සෑදු බෝම්බ යොදාගෙන ඇති බව විශ්‍රාමික රජයේ රස පරීක්ෂක ඒ. වැලිඅංගේ මහතා පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් ඊයේ (16) ප්‍රකාශ කළේය. 17 June 2020
නිස්සංක - පාලිත දෙදෙනාගේ ප්රතිශෝධන පෙත්සම සලකා බැලීම ජූලි 8 තමන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණය හමුවේ පවරා තිබූ නඩුව සම්බන්ධයෙන් සිය නීතීඥවරුන් ඉදිරිපත් කළ මූලික විරෝධතාවය ප්‍රතික්ෂේප කරමින් , එම නඩුව විභාගයට ගැනීමට ගත් තීන්දුව අත්හිටුවන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා “ඇවන්ට් ගාඞ්” සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට සහ “රක්නා ලංකා” සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහත්වරුන් ගොනු කළ ප්රතිශෝධන පෙත්සම ලබන ජූලි 08 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය අද (16) තීන්දු 16 June 2020
ලාංකික තරුණයන් අයි එස් සංවිධානයට බඳවාගන්න කඳවුරු ගණනාවක් අයි එස් ත්‍රස්ත සංවිධානයේ අධ්‍යාපන කටයුතු බාරව සිටින ඉෂාක් නැමැත්තා ජමාතේ ඉස්ලාම් මතවාදය දැරූ වාමි සංවිධානයේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අංශය බාරව සිටි පුද්ගලයා බවත් ඔහු තරුණයන් අයි එස් සංවිධානයට බඳවා ගැනීම සඳහා මෙරට කඳවුරු ගණනාවක් පවත්වා ඇති බවත්, බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (15 වැනිදා) සාක්ෂි ලබාදෙමින් පැවසූහ. 16 June 2020
මුස්ලිම් අන්තවාදි සංවිධාන 43න් 4ක් ප්‍රධාන පාර්ශව ලෙස කටයුතු කරනවා ශ්‍රී ලංකාව තුළ මේ වන විටත් ක්‍රියාත්මක මුස්ලිම් අන්තවාදී සංවිධාන 43ක් පවතින බවත් ඉන් හතරක් ප්‍රධාන පාර්ශ්ව වශයෙන් කටයුතු කරන බවත් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධ විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පෙරේදා (13) පැවසූහ. 15 June 2020
ලංකා ගුරු සංගමය මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරයි දුප්පතුන්ට ආධාර පිණිස යැයි සදහන් කරමින් නැගෙනහිර පළාත් ගුරුවරුන්ගේ ගුරු වැටුපෙන් කොටසක් අඩු කිරීම සඳහා නිකුත් කර ඇති චක්‍රලේඛය මඟින් තම සංගමයේ සාමාජිකයන්න්ගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි සඳහන් කරමින් , එම චක්‍රලේඛය අවලංගු කරන ලෙසත් , රුපියල් ලක්ෂ පහක වන්දි මුදලක් ලබා දෙන ලෙසද ඉල්ලා ලංකා ගුරු සංගමය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද(12) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදී. 12 June 2020
එජාප මහ ලේකම් විරෝධතා ගොනු කරයි තමන් ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් 294 දෙනෙකු පක්ෂයෙන් නෙරපීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක වීම වළක්වලන වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සමගි ජන බලවේගයේ මහලේකම් හා එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ගොනු කළ පැමිණිල්ල ඉවත දමන ලෙස ඉල්ලා එම පැමිණිල්ලේ වගඋත්තරකාර එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා කොළඹ දිසා අධිකරණය හමුවේ අද (12) සිය විරෝධතා ගොනු කළේය . 12 June 2020
රාජිතගේ ප්රතිශෝධන පෙත්සම ගැන උපදෙස් ගන්න කල් දෙයි ඉකුත් වසරේ පැවති ජනාධිපතිවරණයට ආන්දෝලනාත්මක සුදු වෑන් මාධ්‍ය හමුවක් පැවැත්වූයේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටි තමන්ට ඇප ලබා දුන් කොළඹ ප්‍රධාන මහේසත්රාත්වරිය දුන් නියෝගය අවලංගු කර , තමන් යළි රිමාන්ඞ් බාරයට පත් කරමින් ඉකුත් මැයි 13 වැනිදා කොළඹ මහාධිකරණය දුන් තීන්දුව නීතිවිරෝධී බව ප්‍රකාශ කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ගොනු කළ ප්රතිශෝධන පෙත්සම ඉල්ලා අස්කර කර ගන්වාද නැද්ද සම්බන්ධයෙන් 11 June 2020
ලැක්ටෝවත්තේ පුහුණු කඳවුරෙන්ම පාස්කු ප්‍රහාරය නවත්වන්න තිබුණා පුත්තලම වනාතවිල්ලුව ලැක්ටෝවත්ත ප්‍රදේශයෙන් සොයාගත් සහ්රාන් හෂීම්ගේ පුහුණු කඳවුර පිළිබඳව වැඩි අවධානයක් යොමු කර විමර්ශන වැඩි කළා නම් පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගත යුතුව තිබුණා යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ජානක මාරසිංහ මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඊයේ (10 වැනිදා) පැවසීය. 11 June 2020
එජාපය ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉල්ලා අස්කරගනී අටවැනි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු මාස තුනක් ඉක්ම යන තෙක් නව පාර්ලිමේන්තුවක් නොකැදවීමෙන් තමන්ගේත් , රටේ ජනතාවගේත් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දු කරන්නැයි ඉල්ලා එක්සත් ජාතික පක්ෂය ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම එම පක්ෂය විසින්ම අද (09) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉල්ලා අස් කර ගන්නා ලදී. 09 June 2020
ලලිත් වීරතුංග-අනූෂ පැල්පිට ගොනුකළ අභියාචන විභාගය කල් යයි කොළඹ මහාධිකරණයෙන් වසර තුනක සිර දඩුවම් නියමව දැනට ඇප මත මුදා හැර සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට යන අය විසින් තමන් නිදොස් කොට නිදහස් කරනැනැයි ඉල්ලා ගොනු කළ අභියාචනා පෙත්සම් විභාගයට ගැනීමට ලබන ජූලි 23 වැනිදාට කල් තැබීමට අභියාචනාධිකරණය අද (09) තීන්දු කළේය. 09 June 2020
ගලගොඩඅත්තේ හිමියන්ගේ පෙත්සම් සලකා බැලීම 25ට කල් යයි ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සදහා කුරුණෑගල , කොළඹ , කලුතර සහ මොනරාගල යන දිස්ත්‍රික්ක වලින් තරග කිරීමට තම නායකත්වයෙන් යුතු ’’අපේ ජන බල පක්ෂයේ ’’ අපේක්ෂකයන් ඉදිරිපත් කල නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයා ගත් තීරණය බල රහිත කරන්නැයි ඉල්ලා බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඤානසාර හිමියන් ඇතුළු පිරිසක් විසින් ගොනු කර තිබූ රිට් පෙත්සම් සලකා බැලීම ලබන 25 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) නිය 09 June 2020
සමගි ජන බලවේගයේ නාමයෝජනා ප්‍රතික්ෂේප කරන්නැයි ඉල්ලූ පෙත්සම නිෂ්ප්‍රභයි ඉදිරි මහමැතිවරණය සඳහා සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර නිෂ්ප්‍රභ කරන ලෙසට මැතිවරණ කොමිසමට රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර තිබූ රිට් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (09) නිෂ්ප්‍රභ කළේය. 09 June 2020
දේවස්ථානයට ආරක්ෂාව සැපයීම ගැන මා සමග කතා කළේ නෑ පාස්කු ඉරුදින ප්‍රහාරයට පෙර දෙහිවල ශාන්ත මේරි දේවස්ථානයට ආරක්ෂාව සැපයීම සම්බන්ධයෙන් තමා සමඟ සාකච්ඡා කළ බවට දෙහිවල ගල්කිස්ස කොට්ඨාස භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.එම්. මුදිත පුස්සැල්ල මහතා කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ප්‍රකාශ කර ඇත්තේ සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව එම දේවස්ථානයේ මීසම්පාලක වැලිකඩආරච්චි පියතුමා පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධ විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පැවසීය. 08 June 2020
දරුවන් තුරුළු කරගෙන බෝම්බය පුපුරුවා ගත්තා දෙමටගොඩ මහවිල උද්‍යානයේ තෙමහල් නිවසේ බෝම්බකාරිය බෝම්බය පොළවේ තබා සිය දරුවන් තමා අසලට ගෙන බිම හිඳගැනීමෙන් පසු එය පුපුරුවා ගෙන ඇති බව තමාට නිරීක්ෂණයවිනැයි ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් ප්‍රියන්ත පේදුරුආරච්චි මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධ විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පැවසීය. 07 June 2020
බෝම්බකරුවෝ සාකච්ඡාවට පවුල් පිටින් කොළඹට එති ප්‍රහාරයට දින දෙකකට පෙර සහ්රාන් හෂීම් ඇතුළු බෝම්බකරුවන් තිදෙනකු ඔවුන්ගේ පවුල් පිටින් කොළඹට පැමිණ කොල්ලුපිටිය ලකී ප්ලාසා ගොඩනැගිල්ලේ පිහිටි ආරක්ෂිත නිවස්නයේ එක්රැස්වී සාකච්ඡා කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නීතිඥ සමන් වීරසිංහ මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධ විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඊයේ (04) පැවසීය. 05 June 2020
ෂැංග්‍රිලා බෝම්බකරු මැරෙන්න කලින්දා දරුවන් බදාගෙන හැඬුවා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී මරාගෙන මැරුණු බෝම්බකරු ඉල්හාම් අහමඩ් ප්‍රහාරයෙන් පැය 7කට පෙර දෙමටගොඩ මහවිල උද්‍යානයේ සිය නිවෙසට පැමිණ දරුවන් බදාගෙන හඬා වැටී පිටත්ව ගොස් ඇතැයි තම නැඟණිය පැවැසූ බව බෝම්බකරුගේ මස්සිනා සාක්ෂි දෙමින් ඊයේ (02) පැවැසීය. 03 June 2020
ජනපති නියමකළ නාමයෝජනා බාරගැනීමේ දිනය ඔහුටවත් වෙනස් කරන්න බෑ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව ජනාධිපතිවරයා නියම කළ නාමයෝජනා බාරගැනීමේ දින ජනාධිපතිවරයාටවත් ආපසු කැඳවීමේ හෝ සංශෝධනය කිරීමේ හැකියාවක් නැතැයි මැතිවරණයට පක්ෂව සහ විපක්ෂව ගොනුකර ඇති පෙත්සම් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලූ අවස්ථාවේදී අග විනිසුරු ජයන්ත ජයසූරිය මහතා කියා සිටියේය. 02 June 2020
ඌවතැන්නේ සුමන හිමිට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් 2010 ජනාධිපතිවරණයට ආසන්න දිනයකදී මාලිගාවත්ත ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ ටී-56 ගිනි අවියක් ලඟ තබා ගැනීමේ චෝදනාවට එම විහාරස්ථානයේ විහාරාධිපති ඌවතැන්නේ සුමන හිමියන් වරදකරු බවට තීරණය කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා උන්වහන්සේට ජීවිතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවම් අද (01) නියම කළේය. 01 June 2020
මැතිවරණ දිනයට එරෙහි පෙත්සම් විභාගයට ගන්නවාද නැද්ද තීන්දුව හෙට ජුනි මස 20 වැනිදා මහ මැතිවරණය පැවැත්වීම සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට අවසර දෙනවාද නැද්ද යන්න පිළිබඳ තීන්දුව හෙට (02) පස්වරු 3.00 ට ප්‍රකාශයට පත් කිරීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මීට ස්වල්ප වේලාවකට පෙර නියම කළේය. 01 June 2020
හිජාස්ගේ පෙත්සමට විරෝධතා ගොනු කරන්න නියෝග පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා සැකපිට අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවත් , ඔහුව මුදා හරින නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් වන විරෝධතා සතියක් ඇතුළත ගොනු කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (01) වැඩබලන පොලිස්පතිට සහ නීතිපතිවරයාට නියෝග කළේය . 01 June 2020
මැතිවරණ දිනයට එරෙහි පෙත්සම් විභාගය දසවැනි දිනටත් ඇරඹේ මහමැතිවරණය පැවැත්වීමට අදාළ සෞඛ්‍ය උපදෙස් ඇතුළත් මාර්ගෝපදේශන මාලාව මේ සතිය අවසන් වීම පෙර නිකුත් කරන බව නීතිපතිවරයා අද (01) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දන්වා සිටියේය. 01 June 2020
අන්තවාදීන් ගැන 2016 සිට තොරතුරු ලැබුණා පාස්කු ප්‍රහාරයට දින හතරකට පෙර තව්හිද් ජමාද් සංවිධානයේ නායන මොහොමඩ් සහරාන් ඇතුළු පාස්කු ප්‍රහාරයට සම්බන්ධවු හතරදෙනෙකු පිළිබඳ තොරතුරු එවකට සිටි පොලිස්පතිවරයාට හා හමුදාපතිවරුන්ට දැනුම් දී ඇතැයි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ සාක්කි දෙමින් බුද්ධි අංශයේ උසස් නිලධාරියෙක් හෙළි කළේය. 01 June 2020
කොමිසම වක්‍රාකාරයෙන් පෙත්සම්කරුවන්ට සහයෝගය දක්වන බව පෙනී යනවා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසුව මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කර තිබෙන බවත් යම් හෙයකින් මෙම පෙත්සම විභාගයට අවසර දී පෙත්සම විභාගය අවසන් වනතුරු අතුරු නියෝගයක් දුනහොත් මැතිවරණ පැවැත්වීමට වසර ගණනාවක් යන බවත් මින් කියැවෙන්නේ මැතිවරණ කොමිසම වක්‍රාකාරයෙන් පෙත්සම්කරුවන්ට සහයෝගය දක්වන බව යැයි මැතිවරණයට පක්ෂව සහ එරෙහිව ගොනුකර ඇති පෙත්සම් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලූ අවස්ථාවේදී 29 May 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026