අයි.එස්. ත්‍රස්ත අනතුර ගැන හිටපු ඇමැති සාගලට වාර්තාවක් දුන්නා ශ්‍රී ලංකාවේ ස්ථානගත විය හැකි යැයි සිතූ අයි.එස්. ත්‍රස්ත ක්‍රියා වැළැක්වීම සඳහා අටවැදෑරුම් සංකල්ප පත්‍රිකාවක් සකස් කර එවකට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතාට ලබාදුන් බව යුද හමුදා බුද්ධි අධ්යක්ෂ මණ්ඩලයේ විශේෂ සාක්ෂිකරුවෙක් පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ඊයේ (7) ප්‍රකාශ කළේය. 08 July 2020
රංජිත් මද්දුම බණ්ඩාර ගොනු කළ පෙත්සම විභාගයට ගන්නවාද නැද්ද නියෝගය මේ මස 21 දා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් 99 දෙනෙකු පක්ෂයෙන් නෙරපීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක වීම වළාක්වලන වාරණ නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ දිසා අධිකරණය දුන් තීන්දුවට එරෙහිව සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ගොනු කර ඇති අභියාචන පෙත්සම විභාගයට ගන්නවාද නැද්ද යන්න පිළිබඳ නියෝගය මෙම මස 21 දින ප්‍රකාශයට පත් කරන බව සිවිල් අභියාචන මහාධිකරණය අද (07) දැනුම් දුන්නේය. 07 July 2020
රන්ජන් රාමනායකගේ ප්‍රකාශය හිතාමතාම කළ එකක් මහාමාර්ග හා මාර්ග සංවර්ධන හිටපු රාජ්‍ය අමාත්‍ය සහ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක විසින් විනිසුරුවරුන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශය හිතාමතාම කළ ප්‍රකාශයක් බව ඔහු විසින්ම අධිකරණයේ දී පිළිගෙන ඇතැයි රාමනායක මහතාට එරෙහි අධිකරණ අපහාස නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (06) කැඳවූ අවස්ථාවේදී ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න මහතා පැවසීය. 06 July 2020
සහරාන්ගේ අන්තවාදී වැඩ 2018දී අධිකරණයට කිව්වා කාත්තන්කුඩි ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව මෙහෙය වූ සහරාන් හෂීම් නමැත්තා සිදුකළ මුස්ලිම් අන්තවාදී ක්‍රියා පිළිබඳව 2018 වර්ෂයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට තමා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්යක්ෂ ලෙස කටයුතු කළ සමයේ බී වාර්තාවක් මගින් කරුණු වාර්තා කළ බව පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් විශේෂ කාර්යය බළකායේ අණදෙන නිලධාරී වරුණ ජයසුන්දර මහතා ඊයේ (2) ප්‍රකාශ කළේය. 03 July 2020
රථවාහන නීති කැඩූ රියැදුරන් 23කට ලක්ෂ 7ක දඩ රථවාහන නීති කඩ කරමින් රිය පැදවු පුද්ගලයන් 23 දෙනෙකු අධිකරණය ඉදිරියේ වරදකරුවන්වීම හේතුවෙන් ඔවුන්ට රුපියල් 730,000ක දඩ මුදලක් ගෙවන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (02) දා නියෝග කළේය. 02 July 2020
බෝම්බකරුගේ සමාගමට සහනමිලට තඹදීමෙන් සිදුවූ අලාභය කියන්න බෑ පාස්කු ඉරුදින සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මොහොමඩ් ඉන්ෂාෆ් අහමඩ් නමැත්තාට අයත් තඹ නිෂ්පාදන සිදු කළ කොලෝසස් පුද්ගලික ආයතනයට අමු ද්‍රව්‍ය ලබාදුන් කාර්මික සංවර්ධන මණ්ඩලයේ අලෙවි අධ්යක්ෂ ධුරයෙන් තමාව ඉවත් කළේ ඇයි දැයි අද වනතුරු තමා නොදන්නා බව එම මණ්ඩලයේ අධ්යක්ෂ සරත් උදයසිරි මහතා පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ඊයේ (01) ප්‍රකාශ කළේය. 02 July 2020
වැලිකඩ පහරදීමට ගෝඨාභය අණදුන් බව අධිකරණයේදී පිළිගන්නැයි මර්වින් කිව්වා වැලිකඩ පහරදීම සිදුවුණේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයක් අනුව කියලා පිළිගත්තොත් ඉක්මනට එළියට එන්න පුළුවන් කියලා හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා බන්ධනාගාරයේදී තමා හමුවී කිව්වේයැයි හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා මහතා ඊයේ (01) පැවසීය. 02 July 2020
වාරණය නොදුන්නාට එරෙහිව රංජිත් මද්දුම බණ්ඩාර ඉහළ අධිකරණයට යයි තමා ඇතුළු එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් 99 දෙනෙකු පක්ෂයෙන් නෙරපීම වලක්වාලන වාරණ නියෝගය ලබා දීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ දිසා අධිකරණය ලබා දුන් තීන්දුව බලරහිත කරන්නැයි ඉල්ලා සමගි ජනබලවේගයේ මහලේකම් හා එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ගොනු කළ අභියාචන පෙත්සම ලබන 06 වැනිදා සලකා බැලීමට සිවිල් අභියාචනාධිකරණය අද (02) නියම කළේය. 02 July 2020
බාලවයස්කාර දැරිය අපයෝජනය කළ සිව්දරු පියා හිරගෙට බාල වයස්කාර දැරියක වරින්වර අපයෝජනය කළ බවට අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා 5ක් ලබා සිටි විත්තිකරුවෙකු, එකී අධිචෝදනා පහටම වරද පිළිගැනීමෙන් පසු වසර 30ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් අනුරාධපුර අංක දෙක මහාධිකරණයේ විනිසුරු, උතුරු මැද පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරු ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා අද (2) නියම කළේය. 02 July 2020
හිටපු විශ්‍රම වැටුප් අධ්‍යක්ෂක ඇතුළු විශ්‍රාමිකයින් 95 ක් රීට් පෙත්සමක් ගොනු කරයි සියලුම රජයේ විශ්‍රාමිකයින්ගේ වැටුප් විෂමතා ඉවත් කරනතුරු තමන්ට ප්රදානය කළ විශ්‍රාම වැටුප් දීමනාව අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය මඟින් තම අයිතිවාසිකම් කඩ වී ඇති බව සඳහන් කරමින් , එම තීරණය අඩංගු චක්‍රලේඛය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු විශ්‍රම වැටුප් අධ්‍යක්ෂක ජනරාල් , විශ්‍රාමිකයින්ගේ අයිතීන් සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු ඇතුළු රජයේ විශ්‍රාමිකයින් 95 දෙනෙකු අද (01) අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කරනු ලැබූහ. 01 July 2020
’ගොනා කෝවිලේ රාජා’ගේ ගිනි අවිය රජයේ රස පරීක්ෂකට ලබාදීමට නියෝග මිනුවන්ගොඩ බල්ලපාන ප්‍රදේශයේ දි පොලිසිය සමඟ වු වෙඩි හුවමාරුවේ දී මියගිය ’ගොනා කෝවිලේ රාජා’ නැමැති සැකකරු සන්තකයේ තිබූ ගිනි අවිය රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කරන ලෙස මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් කේසර .සි.ඒ.සමරදිවාකර මහතා අද(01)මිනුවන්ගොඩ පොලිසියට නියම කළේය. 01 July 2020
- ව්‍යාජ ඔප්පුවකින් ඉඩමක් විකුණන්න හැදූ 5ක් හිරගෙට කොල්ලුපිටිය සමුද්‍ර මාවතේ පිහිටි රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩමක් ව්‍යාජ ඔප්පුවක් මඟින් පිටස්තර පුද්ගලයකුට විකිණීමේ චෝදනාවන්ට වරදකරු වූ එකම පවුලේ සිව්දෙනෙකු ඇතුළු පස්දෙනෙකුට බරපතල වැඩ සහිත 67 වසරක සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා මෙම වංචනික ඉඩම් විකිණීම හේතූවෙන් අගතියට පත් පාර්ශවයට රුපියල් කෝටි 1 1/2කට ආසන්න වන්දියක් ගෙවීමට අද (01) නියම කළේය. 01 July 2020
‘ඉංගිරිය පොලීසියේ හිටපු සැරයන්වරයකු ගොනු කළ අභියාචන පෙත්සම ඉල්ලා අස් කරගනී‘ සැකපිට අත්අඩංගුවට ගත් තරුණයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ වරදට වසර 8 ක බරපතල වැඩසහිත සිර දඬුවම් නියම කරමින් තමන්ට දුන් මහාධිකරණ තීන්දුව බලරහිත කරන ලෙස ඉල්ලා ඉංගිරිය පොලීසියේ හිටපු සැරයන්වරයෙකු ගොනු කළ අභියාචන පෙත්සමක් අද (01) අභියාචනාධිකරණයේදී ඉල්ලා අස් කර ගන්නා ලදී. 01 July 2020
‘පාස්කුදා ප්‍රහාරය දුරකතනයෙන් දැන්වුවාම ජනපතිතුමාට කතා කරගන්නත් බැරි වුණා‘ ජනාධිපති ආරක්ෂක අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ තමා වෙත එවකට හිටපු රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානි නිලන්ත ජයවර්ධන මහතා පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාවට පසුබිම් වූ තොරතුරු දැනුම්දී තිබුණද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සිදුවන බව දැනුම් නොදීම දෝෂ සහගත කරුණක් බව දකුණු පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොහාන් සිල්වා මහතා පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශන කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඊයේ (30 වැනිදා) ප්‍රකාශ කළේය. 01 July 2020
‘නිශ්ශංක සේනාධිපති ඇතුළු පිරිස අල්ලන්න ගත් තීරණයට මා විරුද්ධ වුණා‘ ලිපි ගොනුවක් විවෘත කර නැති, විමර්ශන අවසන් නොකළ කාරණාවක් සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම නීතිමය වශයෙන් වැරදි ක්‍රියාමාර්ගයක් නිසා ඇවන්ගාඩ් සිදුවීම සම්බන්ධයෙන් නිශ්ශංක සේනාධිපති ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමට ගෙන තිබූ තීරණයට තමන් විරුද්ධ වුණා යැයි හිටපු නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් මහතා ඊයේ (30) පැවසීය. 01 July 2020
ඊ.ටී.අයි සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවන්නැයි ඉල්ලීමක් තැන්පතුකරුවන්ගේ මුදල් ආපසු ගෙවීම පැහැර හැර ඇති ඊ.ටී.අයි මූල්‍ය සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව අද (30) ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය. 30 June 2020
ටයරයක දමා පුද්ගලයකු පිළිස්සී යැයි අත්අඩංගුවට ගත් තිදෙනා රදවා ප්‍රශ්න කරන්න අවසර දඹුල්ල ඉහල ඇරැවුල ගෝනවැව ප්‍රදේශයේ දී ටයර් දමා පුළුස්සා පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් තුන්දෙනා රඳවා ගෙන ප්‍රශ්න කිරීම සඳහා දඹුල්ල මහේස්ත්‍රාත් සෙනරත් බණ්ඩාර ඉලංගසිංහ මහතා දඹුල්ල පොලීසියට අද (30) අවසර ලබාදීම දුන්නේය. 30 June 2020
ඇවන්ට්ගාඩ් නඩුව සැප්තැම්බර් සිට විභාගයට ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමේ සිද්ධියට අදාළව “ඇවන්ට් ගාඩ්” සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ඇතුළු විත්තිකරුවන් 08 දෙනෙකුට එරෙහි නඩුව ලබන සැප්තැම්බර් මස 02 වැනිදා සිට විභාග කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (30) තීරණය කළේය. 30 June 2020
තිළිණ ගමගේ නඩුවේ වැඩිදුර විභාගය කල් යයි බලපත්‍රයක් නොමැතිව අලි පැටවකු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් වැඩ තහනමකට ලක්වී සිටින කොළඹ හිටපු අතිරේක මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනාට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය ලබන ජුලි 03 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (30) නියම කළේය. 30 June 2020
අල්ලස් ගත් යක්කලමුල්ල හිටපු තාක්ෂණික නිලධාරියා වසර 12 ක් හිරේට කොන්ක්‍රීට් කළ අතුරු මාර්ගයකට අදාළ වියදම් ඇස්තමේන්තුව සකස් කරදීම සඳහා කොන්ත්රාත්කරුවකුගෙන් රුපියල් 8000 ක අල්ලසක් ඉල්ලා ලබාගැනීමේ චෝදනාවන්ට වරදකරු වු යක්කලමුල්ල ප්‍රාදේශිය සභාවේ හිටපු තාක්ෂණික නිලධාරියාට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා වසර 12 ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය. 30 June 2020
කාන්තාවක අපයෝජනය කර-රන්මාලය කොල්ල කෑ අයෙක් හිරගෙට ගම්පහ යක්කල ප්‍රදේශයේ දි කාන්තාවක අපයෝජනය කර ඇගේ රන්මාලය කොල්ලකෑ බවට වන චෝදනා දෙකට වරදකරු වූ විත්තිකරුට බරපතල වැඩ ඇතිව වසර 17 ක සිරදඬුවමක් ගම්පහ මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා අද(30) නියම කළේය. 30 June 2020
තවුහිද් ඉන්දීය නායකයා අසාදු ලේඛනයට දමා ලංකා ගමන නැවැත්තුවා අසාමාන්‍ය විලාසයකින් ඉස්ලාම් ආගම ලංකාව තුළ ප්‍රචාරය කරන බව වාර්තා වූ නිසා ලංකාවට පැමිණීමට නියමිතව සිටි තවුහිද් ජමාද් සංවිධානයේ ඉන්දීය නායකයා අසාදු ලේඛනයට ඇතුළු කර ඔහුගේ ලංකා සංචාරය තමා මැදිහත්ව වළක්වා දැමූ බව රාජ්‍ය බුද්ධි සේවා හිටපු අධ්යක්ෂ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධර්මගුප්ත ගජනායක මහතා පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඊයේ 29 වැනිදා පැවසීය. 30 June 2020
වැඩබලන පොලිස්පතිවරයා වෙනුවෙන් නීතිපති ඉදිරිපත් නොවේ වැඩතහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා ගොනු කළ රිට් පෙත්සමේ වගඋත්තරකරුවෙකු වන වැඩබලන පොලිස්පතිවරයා වෙනුවෙන් තමන් පෙනී නොසිටින බව නීතීපතිවරයා අද (29) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. 29 June 2020
අත්අඩංගුවේ සිටි සැකකරුවන්ට හෙරොයින් ජාවාරමට අනුබල දුන්නැයි දෙදෙනකු රිමාන්ඩ් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරින් සමඟ එක්ව හෙරොයින් ජාවාරම් කිරිමේ චෝදනා සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිස් ස්ථානය බාරයේ සිටින සැකකරුට ආදාර අනුබල දිමේ චෝදනා සම්බන්ධයෙන් අධිකරණ යට ඉදිරිපත් කෙරුණු සැකකරුවන් දෙදෙනෙකු ලබන 08 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් කේසර සමරදිවාකර මහතා අද(29) නියම කළේය. 29 June 2020
නැ’හිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක-ආණ්ඩුකාරවරියට නොතීසි යවන්නැයි නියෝග ලංකා ගුරු සංගමය ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් නැගෙනහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක, නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය ඇතුළු වගඋත්තරකරුවන්ට යළි නොතීසි දන්වා යවන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය අද(29) පෙත්සම්කාර පාර්ශවයට නියම කළේය. 29 June 2020
‘සහරාන් සුෆී මුස්ලිම්වරුන් බියගන්වන්න ගිනි අවි භාවිතා කළා‘ ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායකයා වූ සහ්රාන් හෂීම් සූෆි මුස්ලිම්වරුන් බිය ගැන්වීම සඳහා ගිනි අවි භාවිත කළ බවත් 2009 වර්ෂයේ දී කාත්තන්කුඩි ප්‍රදේශයේ තරුණයන්ට ගිනි අවි පුහුණුව ලබාදුන් බවත් සන්ඩේ ටයිම්ස් පුවත්පත් මාධ්‍යවේදී ක්‍රිස්ටෝපර් කමලේන්ද්‍රන් මහතා පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් පෙරේදා (24) ප්‍රකාශ කළේය. 26 June 2020
‘කොමිසම ආවාට මට ඇති චෝදනා නොදැන සාක්කි දෙන්න බෑ‘ නිශ්ශංක සේනාධිපති යන අයගේ පැමිණිල්ලක් සම්බන්ධයෙන් දේශපාලන පලිගැනීම් පිළිබඳ කොමිසම හමුවට මා වගඋත්තරකරුවකු ලෙස කඳවා තිබුණත් මට තිබෙන චෝදනාව කුමක්දැයි මා දන්නේ නැහැ. චෝදනාව කුමක්ද? මෙතෙක් කොමිසමේ කැඳවූ සාක්ෂි මොනවාද යන්න සම්බන්ධයෙන් නොදැන සාක්ෂි ලබාදෙන්න බැහැ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා දේශපාලන පලිගැනීම් පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ පැවැසීය. 26 June 2020
සිසුවෙකුට පහර දුන් විදුහල්පතිවරයෙකුට වසර පහක අත්හිටවූ සිර දඬුවමක් පාසල් සිසුවෙකුගේ වම් කනට පහරදී අඩන්තෙට්ටම් සිදුකළ බවට අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ලැබ සිටි විදුහල්පතිවරයෙකු එකී චෝදනාවට වරද පිළි ගැනීමෙන් පසුව ඔහුට වසරක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කළ අනුරාධපුර අංක දෙක මහාධිකරණයේ විනිසුරු සහ උතුරු මැද පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරු ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා එම සිර දඬුවම වසර පහකට අත් හිටුවීමට අද (25) නියෝග කළේය. 25 June 2020
මරාගෙන මැරුණ ඊබ්රාහිම්ගේ හඬ පටයක් එළියට ‘අපි හැමෝටම මැලේසියාවට යන්න මම ටිකට්පත් මිලදී ගත්තා. ඒත් මම එන්නේ නෑ. ඔබ හිතනවා නම් මැලේසියාව හොඳ තැනක් කියලා මාමාත් එක්ක එහේ යන්න. ශ්‍රී ලංකාව ආරක්ෂිතයි නම් මෙහේ ඉන්න’ යැයි සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරුණු මොහොමඩ් ඊබ්‍රහිම් ඉන්සාෆ් අහමඩ් පාස්කු ප්‍රහාරයට දින හතරකට කලින් සිය බිරිඳ අමතා පටිගත කළ ‘හඬපටයක’ සඳහන්ව ඇත. 25 June 2020
ෂැංග්‍රිලා බෝම්බකරුට නීතියට පිටින් අබලි ද්‍රව්‍ය ශ්‍රී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් අබලි ද්‍රව්‍ය නිකුත් කිරීමේ මාර්ගෝපදේශයට පටහැනිව කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ මරාගෙන මැරුණු ඉන්සාන් අහමඩ්ගේ ‘‘කොලොසස් සමාගම’’ට වැඩි ප්‍රමාණයක් අබලි ද්‍රව්‍ය ලබා දී ඇති බව විමර්ශනවලදී අනාවරණය විනැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකක III ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රවීන්ද්‍ර විමලසිරි මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (23) සාක්ෂි දෙමින් පැවසීය. 24 June 2020
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026