(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
තැන්පතුකරුවන්ගේ මුදල් ආපසු ගෙවීම පැහැර හැර ඇති ඊ.ටී.අයි මූල්‍ය සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව අද (30) ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.
අහිමි වූ සිය තැන්පතු මුදල් ආපසු ගෙවන ලෙසට ශ්‍රී ලංකා මහ බැංකුවට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඊ.ටී.අයි. තැන්පත්කරුවන් පිරිසක් විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (30) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය නොවන ආයතන අංශය වෙනුවෙන් මෝසමක් ඉදිරිපත් කරමින් සොලිසිටර් ජනරාල් සංජය රාජරත්නම් මහතා මෙම ඉල්ලීම කළේය.
මෙම පෙත්සම අගවිනිසුරු ජයන්ත ජයසූරිය, එල්.ටී.බී දෙහිදෙණිය සහ එස්.තුරෙයිරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියෙහි කැඳවිණි.
එහිදී පෙත්සම්කාර ඊ.ටී.අයි තැන්පත්කරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ ස්වාධීන සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ විජේදාස රාජපක්ෂ මහතා මහ බැංකුව කළ එම ඉල්ලීමට විරෝධය පළ කළේය.
පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ්‍ය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ ඊ.ටී.අයි සමාගමේ කටයුතු පිළිබඳව සොයාබලන ජනාධිපති කොමිසම හමුවේ මේ දිනවල විවිධ ආන්දෝලනාත්මක කරුණු හෙළිදරව් වෙමින් පවතින හෙයින් එම තත්ත්වය වසන්කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් නීතිපතිවරයා හරහා මෙම මෝසම ඉදිරිපත් කර තිබෙන බවය.
ආයතනය තුළ සිදුවන අක්‍රමිකතා පිළිබඳව වසර ගණනාවක් නිහඬව බලා සිටි ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන් , අදාළ සමාගම අත්හිටුවීමට තැන්පත්කරුවන්ද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එකඟ වූ බවට ඊ.ටී.අයි සමාගමේ කටයුතු පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවට ගොස් පෙන්වීම සඳහා නීතිපතිවරයා මාර්ගයෙන් මෙම මෝසම ඉදිරිපත් කර ඇති බවද ජනාධිපති නීතීඥ විජේදාස රාජපක්ෂ මහතා කියා සිටියේය.
ඊ.ටී.අයි සමාගමේ කටයුතු පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ වැදගත් කරුණු මේ වනවිට අනාවරණය වෙමින් පවතින බවත් , ඒවා යටපත් කිරීමේ අරමුණින් මෙම ඉල්ලීම මහ බැංකුව විසින් සිදු කරන බවද ජනාධිපති නීතීඥ විජේදාස රාජපක්ෂ මහතා කියා සිටියේය.
අදාළ මූල්‍ය සමාගම මහ බැංකුවේ අධීක්ෂණය යටතේ පැවති මූල්‍ය සමාගමක් බවත් , ඒ පිළිබඳව විශ්වාසයෙන් තැන්පතුකරුවන්ගේ මුදල් තැන්පත් කර ඇති බවත් , මහ බැංකුව සිය වගකීම නිසි පරිදි ඉටු නොකිරීම නිසා තැන්පතුකරුවන්ට මුදල් අහිමි වූ බවද ජනාධිපති නීතීඥවරයා අධිකරණයට වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
කෙසේ වුවද මහබැංකුව කළ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් මේ අවස්ථාවේදී නියෝගයක් නොකරන බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේය.
ඒ අනුව පෙත්සම සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 25 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.
ඊ.ටී.අයි සමාගම සතු වත්කම් අත්පත් කරගෙන මුදල් අහිමි වී සිටින තැන්පත්කරුවන්ගේ තැන්පත් මුදල් ආපසු ගෙවන වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ලෙස ශ්‍රී ලංකාව මහ බැංකුවට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා එම මුදල් අහිමි වූ තැන්පත්කරුවන්ගේ සංගමය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කරනු ලැබ ඇත.
මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්
‘‘කලණ ගුණ ඇති උතුම් මිතුරන් ඇසුරු කරමු‘‘ ආදර්ශ පාථය කරගත් සමබුදු තෙමගුල රාජ්‍ය උත්සවය අද සිට වැනි 16 වැනි දින දක්වා නුවරඑළිය ඛේන්ද්‍ර කරගනිමින් පැවැත්
අම්පාර ගෝනගල මහා විද්‍යාලයේ සහ කෑගල්ල දැදිගම පැරකුම්බා මහා විද්‍යාලයේ සිසුන් හට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන Vision වැඩසටහනට සහභාග
ජාතික යොවුන් සේනාංකය මගින් පවත්වන පුහුණු පාඨමාලා වලට සම්බන්ධ වී සිටින තරුණ තරුණියන්ට වෘත්තීය මාර්ගෝපදේශය ලබා දෙන දීප ව්‍යාප්ත වැඩමුළු මාලාවේ වයඹ වැඩ
කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එකතු වීමට සමගි ජන බලවේගයේ නායකයෙකු අදිමදි කිරීම හේතුවෙන් විප
විජයදාස රාජපක්ෂ මහතාට අපහාසයක් සිදුවන අසත්‍ය, වෛරී සහ ද්වේශ සහත ප්‍රකාශ හා සාකච්ඡා සමාජ මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරීම වළක්වමින් චමුදිත සමරවික
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ඊ.ටී.අයි සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවන්නැයි ඉල්ලීමක්