IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


ඇවන්ට්ගාඩ් නඩුව සැප්තැම්බර් සිට විභාගයට

(මනෝප්‍රිය ගුණසේකර)
 
ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමේ සිද්ධියට අදාළව “ඇවන්ට් ගාඩ්” සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ඇතුළු විත්තිකරුවන් 08 දෙනෙකුට එරෙහි නඩුව ලබන සැප්තැම්බර් මස 02 වැනිදා සිට විභාග කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (30) තීරණය කළේය.
 
 නීතීපතිවරයා විසින් ඉදිරිපත් කොට ඇති නඩුවේ ඇතැම් චෝදනා ගොනු කර ඇති ආකාරය නීතීවිරෝධී බව සඳහන් කරමින් විත්තිකරුවන් වෙනුවෙන් ඉදිරිපත් කළ මුලික විරෝධතාවය ප්‍රතික්‍ෂෙප කළ විනිසුරු මඩුල්ල නඩුව විභාග කිරීමට තීරණය කළේය.
 
එලෙස තීරණය කරන ලද්දේ මහාධිකරණ විනිසුරුවරුන් වන ධම්මික ගනේපොළ (සභාපති) ආදිත්‍ය පටබැඳිගේ සහ මංජුල තිලකරත්න යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි.


2014 අප්‍රේල් 07 වැනිදා සිට 2015 ඔක්තොම්බර් මස 06 වැනිදා දක්වා කාලයේ ඉන්දියන් සාගරය, රතු මුහුද හික්කඩුව සහ කොළඹදී නීත්‍යනුකූල බලපත්‍ර නොමැති ස්වයංක්‍රීය ගිනි අවි සහ උණ්ඩ ලඟ තබාගැනීම සඳහා කුමන්ත්‍රණය කිරීම ඒ අනුව ටී-56, 84 එස් සහ එල්.එම්.ජී. වර්ගයේ ගිනි අවි 816ක් සහ උණ්ඩ 2,02,935ක් නීතී්‍යානුකූල බලපත්‍ර නොමැතිව ලඟ තබාගැනීම මෙන්ම 2015 සැප්තැම්බර් 23 වැනිදා සිට 2015 ඔක්තොම්බර් මස 06 වැනිදා දක්වා කාල සීමාව තුළදී ඉන්දියන් සාගරය, රතු මුහුද හික්කඩුව සහ කොළඹදී නීත්‍යනුකූල බලපත්‍ර නොමැති ස්වයංක්‍රීය ගිනි අවි සහ උණ්ඩ ප්‍රවාහණය කිරීම සඳහා කුමන්ත්‍රණය කිරීම සහ ඒ සඳහා ආධාර හා අනුබල දුන් බවට විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා තිබිණි.
 

ගිනි අවි ආඥා පනත යටතේ සහ පුපුරණ ද්‍රව්‍ය ආඥා පනත යටතේ දඬුවම් ලැබිය යුතු වරදවල් විත්තිකරුවන් විසින් සිදු කොට ඇති බව නීතීපතිවරයා විසින් චෝදනා පත්‍රයේ සඳහන් කොට ඇත.
 
එලෙස චෝදනා කරමින් නඩු පවරා තිබුණේ “ඇවන්ට් ගාඞ්” සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ඇතුළු විත්තිකරුවන් 08 දෙනෙකුට එරෙහිවය.
 
නඩුව ඊයේ කැඳවනු ලැබු අවස්ථාවේදී නඩුවේ විත්තිකරුවන් අධිකරණයේ පෙනී සිටියහ.
 
පැමිණිල් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ජනක බණ්ඩාර මහතා කරුණු ඉදිරිපත් කරමින් නඩුවේ විත්තිකරුවකු විසින් දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසමට පැමිණිල්ලක් කොට ඇති බවත් මෙම නඩුවේ පළමු සාක්කිකරු වන රියද් අද්මිරාල් නිලන්ත හීනටිගල මහතා එහි වගඋත්තරකරුවකු බවත් දැනුම් දුන්නේය.
 
එමෙන්ම නඩුවේ විත්තිකරුවකු විසින් රියද් අද්මිරාල් නිලන්ත හීනටිගල මහතාට එරෙහිව වැඩබලන පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇති බවත් පෙන්වා දුන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ජනක බණ්ඩාර මහතා මේ තත්වය නඩුවේ ඉදිරි කටයුතු වලට බාධාවක් විය හැකි බවත් සඳහන් කළේය.
 
ඒ අවස්ථාවේදී අධිකරණය ඇමතූ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ධම්මික ගනේපොළ මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසමේ කටයුතු මෙම අධිකරණයේ කටයුතු වලට කිසිසේත්ම අදාළ වන්නේ නැතැයි පැවසීය.

 
දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසමේ කටයුතු සම්බන්ධයෙන් තම අධිකරණයට කිසිම බැඳීමක් නැතැයි පෙන්වා දුන් විනිසුරු ධම්මික ගනේපොළ මහතා නඩු විභාගයේදී සාක්කිකරුවන් කැඳවීමේ වගකීම ඇත්තේ පැමිණිල්ලට බවත් ඒ අනුව සාක්කිදීම සඳහා කැඳවන්නේ කවුද යන්න තීරණය කිරීම පැමිණිල්ල සතු යැයිද පෙන්වා දුන්නේය.
 
ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව නඩුව ලබන සැප්තැම්බර් මස 02 වැනිදා කැඳවීමටද නියම කළ විනිසුරු මඩුල්ල මෙම නඩුවේ ඉදිරි කටයුතු සළකා බැලීම සඳහා ජුලි 30 වැනිදා කැඳවීමටද නියම කළේය.
 



අදහස් (3)

ඇවන්ට්ගාඩ් නඩුව සැප්තැම්බර් සිට විභාගයට

siri Tuesday, 30 June 2020 01:00 PM

ඒ වෙනකොට තුනෙන් දෙකක් එහෙම ලැබිලා සේරම කුණු ගොඩවල් සුද්ධ පවිත්‍ර කරන රාජකාරිය පටන් අරගෙන තියෙන්නත් බැරි නැහැ...

:       103       98

බද්රානි Tuesday, 30 June 2020 01:48 PM

අතීතයේදී, නැව පැද්දීමේදී ගිනි අවි එකට ඇතිල්ලී, ගිනි අවියේ නොම්මර මැකුණා සේ අනාගතයේදී නඩු වාර්තා පිටපත් එකට ඇතිල්ලීමෙන් එම වාර්තාවල යම්යම් වගන්ති මැකීයාමට ඉඩ ඇතැයි අපට උපකල්පනය කළ නොහැකිද? අනික ඉතින් ඉන්දියන් සාගරයේ මුතු ඇටය අසලම නවතා තිබුණු නැවක අවි වලට එවන් ඉරණමක් අත්වූවා නම්, ඒ ලෝකෙන් උතුම් මුතු ඇටය තුළ අසන නඩුවක කොළයකට (වාර්තාවකට) අප නොසිතන එවන් ඉරණමක් අත්විය නොහැකිද?

:       51       184

Lion Wednesday, 01 July 2020 01:44 AM

සේනාධි ලොක්කා ඩීල් දාසට දුන්නු දේවල් ෆොන්සේකා මහත්තයා පින්තූරවලින් රටට පෙන්නුවා. මොනතරම් අපරාධයක්ද කළේ නාවික හමුදාවට තිබුණු කාරිය ඇවන්ගාර්ඩ් එකට දීලා... රජයට ලැබුණු මුදල නැතිකළා. මේ අයද රට හදන්නේ..?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 426 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16826 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 651 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site