(මනෝප‍්‍රිය ගුණසේකර)
හිටපු ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා සහ හිටපු සතොස ගබඩා පාලකවරයාට එරෙහි නඩුවේ පැමිණිල්ලේ ලේඛන විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විත්ති පාර්ශ්වයට අද (30) බාර දුන්නේය.
සතොස ආයතනයට ගෙන් වූ කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතුවෙන් කී‍්‍රඩා සංගම් වලට බෙදා දී රජයට රුපියල් කෝටි 05 කට අධික පාඩුවක් කළ බවට මොවුන්ට නඩු පවරන ලදී.
ඔක්තොම්බර් මස 04 වැනිදා යළි කැඳවීමට නියම කළ එම නඩුව විභාග කරන විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල එදින අධිකරණයේ පෙනී සිටින ලෙස විත්තිකරුවන්ට නියම කළේය.
මහාධිකරණ විනිසුරුවරුන් වන ආර්.ගුරුසිංහ (සභාපති විනිසුරු) ශෂී මහේන්ද්‍රන් සහ අමල් රණරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව විභාග කෙරේ.
විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් දෙවැනි ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණයේ පවරා ඇති නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් අධිකරණයේ පෙනී සිටියහ.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
මහින්දානන්දට එරෙහි නඩුවේ පැමිණිල්ලේ ලේඛන විත්ති පාර්ශ්වයට බාරදෙයි