(මනෝප‍්‍රිය ගුණසේකර)
කොළඹ ප‍්‍රධාන පෙළේ පිරිමි පාසලක ජිම්නාස්ටික් ක‍්‍රීඩාව සඳහා රැදී සිටි අවුරුදු 6 1/2 ක බාලවයස්කාර පිරිමි ළමයකුට බරපතල ලිංගික අතවර කිරීමේ හා ඒ සඳහා ආධාර දීමේ චෝදනාවට වරදකරු වූ එම පාසලේම රගර් කණ්ඩායමේ සාමාජිකයින් ලෙස කටයුතු කළ රගර් ක‍්‍රීඩකයින් දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා වසර 10 බැගින් බරපතල වැඩ සහිත සිර දඬුවම් අද (19) නියම කළේය.
මීට වසර 5ක කාලයකට පෙරදී පාසලේදී පිරිමි ළමයකුට බරපතල ලිංගික අතවර කිරීමේ චෝදනාවට වරදකරු වී මෙලෙස දඬුවම් නියම වූ විත්තිකරුවන්ට අතවරයට ලක් වූ දරුවාට රුපියල් ලක්‍ෂය බැගින් වන්දි ගෙවීමට ද නියම කළේය.
2014 වසරේ නොවැම්බර් මාසයේ දිනයක කොළඹදී පළමු විත්තිකරු බාලවයස්කාර දරුවාට ලිංගික අතවර කර ඇති බවත් දෙවැනි විත්තිකරු ඒ සඳහා ඔහුට අනුබල දී ඇති බවටත් නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නඟා ඇත.
දීර්ඝ නඩු විභාගයකින් පසුව විත්තිකරුවන්ට එරෙහි සියලු චෝදනා පැමිණිල්ල විසින් කිසිඳු සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුවන්ට අදාළ දඬුවම නියම කළේය.
මීට අමතරව විත්තිකරුවන්ට රුපියල් 25,000/- බැගින් දඩ නියම කළ විනිසුරුවරයා විත්තිකරුවන්ට නියම කළ දඩ හා වන්දි මුදල් නොගෙවුවහොත් මාස 43 බැගින් අමතර සිරදඬුවම් නියම කළේය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ලිංගික අතවර කළ රගර් ක්‍රීඩකයන් දෙදෙනා වසර 10 ක් හිරේ
Mahee Thursday, 19 September 2019 02:47 PM
මේ දෙන්නා ගමේ ගොඩේ අහිංසකයන් වුණා නම් නම ගම ඇඩ්රස් දැනගන්න තිබුණා.
අනුෂ Friday, 20 September 2019 02:42 AM
දියුණු රටවලනම් මෙවැනි අපරාධ කරුවන්ගේ නම් ප්‍රසිද්ධ කරනවා අනිත් අයගේ පරිස්සම වෙනුවෙන්
වීරවිජේ Friday, 20 September 2019 03:14 AM
දීපානි සිල්වාගේ උගත් ළමයි.
oscar Friday, 20 September 2019 06:34 AM
ලක්ෂයක් වන්දි ගෙවලා තුවාලය සුව කරන්න පුලුවන්ද ? උපරිම වන්දි මුදල් ගන්න තියෙන්නේ....
Siri Saturday, 21 September 2019 03:48 AM
අර සාමනේර නමකට සිදුවූ අසාධාරණයට මොකද වුනේ?