IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


අලි පැටවා ළඟ තබා ගත්තැයි කියන තුනකට ඇප

(මනෝප‍්‍රිය ගුණසේකර)

 

බලපත‍්‍රයක් නොමැතිව අලි පැටවකු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් වැඩ තහනමකට ලක්වී සිටින කොළඹ හිටපු අතිරේක මහෙස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනාට අධිචෝදනා පත‍්‍ර බාරදුන් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා එම අලි පැටවාගේ අයිතිකරු බව කියන පළමු විත්තිකරු හැර සෙසු විත්තිකරුවන් තිදෙනා පෙර ඇප මත මුදා හැරීමට අද (30) නියම කළේය.

විත්තිකරුවන් අධිකරණයට කැඳවමින් නිකුත් කර තිබු සිතාසි වලට අනුව ඔවුන් අධිකරණයේ පෙනී සිටි අතර එහිදී ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගනිමින් අදාළ නියෝග නිකුත් කළේය.

ඇප කොන්දේසි සැපිරීමෙන් පසුව ‘සකුරා’ නමැති අලි පැටවාගේ හිමිකරු බව කියන පෑස්සුම්කරුවකු වන චන්ද්‍රරත්න බණ්ඩාර යටවර නමැති විත්තිකරු පමණක් මුදාහැරීමට නියම කළත් ඔහුට ඇප කොන්දේසි සැපිරීමට නොහැකි වීම හේතූවෙන් ඔහු රක්ෂිත බන්ධනාගාර බාරයට පත් කෙරිණි.

වැඩතහනමකට ලක්වී සිටින හිටපු මහෙස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතාට අමතරව වනජීවී දෙපාර්තමෙන්තුවේ අලි ඇතුන් ලියාපදිංචි අංශය බාරව සිටි ලිපිකාරිනියක වන එච්. පි‍්‍රයංකා සංජීවනී, වනජීවී දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්‍ෂ (නීතී) පැස්කුවල් ෆොන්සේකාලාගේ උපාලි පද්මසිරි නමැත්තන් මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර තිබේ.

වැඩතහනමකට ලක්වී සිටින හිටපු මහෙස්ත‍්‍රාත්වරයකුට එරෙහි මෙම සිද්ධියට එරෙහිව නඩු පැවරිය යුතු බවට නීතීපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා ගත් තීරණයකට අනුව මෙම විත්තිකරුවන්ට එරෙහිව නඩු පැවරීමට පියවර ගත් බව නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණි, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය මීට පෙර අවස්ථාවකදී පැවසුවාය.

2008 නොවැම්බර් 06 වැනිදාත් 2015 මැයි 18 වැනිදාත් අතර කාලයේ මීගොඩ ගොඩගමුවේදී නිසි බලපත‍්‍රයක් නොමැතිව පොදු දේපලක් වන අලියකු ළඟ තබා ගැනීම සඳහා කුමන්ත‍්‍රණය කිරීම, ඒ අනුව වනයෙන් අල්ලා ගන්නා ලද ‘සකුරා’ වශයෙන් හඳුන්වනු ලැබු අලි පැටවකු ළඟ තබා ගැනීම ඒ සඳහා ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 25 ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා ඇත.

විත්තිකරුවන්ට එරෙහි චෝදනා ඔප්පු කිරීම සඳහා පැමිණිල්ල වෙනුවෙන් සාක්කිකරුවන් 25 දෙනෙකු හා ලේඛන 8 ක් ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කරන බව නීතීපතිවරයා අධිකරණයට දැනුම් දී ඇත.

වනජීවී ඇමැති වසන්ත සේනානායක මහතා විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කෙරිණි.

මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයින්ට මීට පෙර අවස්ථාවන්වලදී ඇප ලබාදී ඇති හෙයින් ඔවුන් පෙර ඇප මත මුදා හරින්නැයි ඉල්ලා සිටියහ.

මෙම නඩුව ලබන ලබන සැප්තැම්බර් 20 වැනිදා යළි කැඳවීමට නියම කළ විනිසුරුවරයා පැමිණිල්ලෙන් ලබාදිය යුතු සියළු ලේඛන විත්ති පාර්ශවයට බාරදී ඇද්ද යන්න එදින අධිකරණයට දැනුම් දෙන ලෙස නියම කළේය.

 



අදහස් (0)

අලි පැටවා ළඟ තබා ගත්තැයි කියන තුනකට ඇප

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 79 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 733 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 354 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site