ලංකාදීප මාධ්‍යවේදිනී රේඛා තරංගනී මහත්මියට එරෙහිව මොරටුව පොලිසිය විසින් පනවන ලද මොරටු අධිකරණයේ විභාග වන නඩුව අවසාන වශයෙන් විභාගය සඳහා අගෝස්තු 30 යළි කැඳවන ලෙසත් පැමිණිල්ලේ හතරවැනි සාක්ෂිකාරියට නොතිසි නිකුත් කරන ලෙසත් මොරටුව අතිරේක දිසා විනිසුරු දමින්ද රාමනායක වැලිගොඩපිටිය මහතා අද (31) නියෝග කළේය.
රාජ්‍ය සේවකයෙකුගේ ආඥාවට අකීකරු වී අධිකරණයේ ඡායාරූප ගැනීම සහ අධිකරණයට අපහස කිරීම යන චෝදනා දෙක යටතේ පොලිසිය විසින් නඩුව ගොනු කර තිබේ.
නඩුවේ හතරවැනි සාක්ෂිකාරිය වන 7970 සංජීවනී සහ නම් නොකළ හත්වන සාක්ෂිකරුගේ සාක්ෂි අධිකරණය හමුවේ විභාගයට ගැනීම අදට නියමිතව තිබුණි.
නඩුවේ හතරවැනි සාක්ෂිකාරිය වන පොලිස් කොසතාපල්වරිය ප්‍රසුත නිවාඩු ලබා ඇති බව පැමිණිල්ල මෙහෙයවු පොලිස් කොස්තාපල් 77406 අමිල යන අය අධිකරණයට දැන්වීය.
පැමිණිල්ලේ ප්‍රකාශ සටහන් කල සාක්ෂිකරුවන් හයදෙනාට අමතරව හත්වැනි සාක්ෂිකරුවෙකු ඇතැයි පොලිසිය පසුගිය නඩු වාරයන්හීදි අධිකරණයට දැන්වා තිබූ අතර දැන් හත්වැනි සාක්ෂිකරුවකු ඉදිරිපත් කිරීම ඉල්ලා අස්කර ගන්නා බව පොලිසිය අධිකරණයට දැන්වීය.
සියලු කරුණු සැලකිල්ලට ගත් අතිරේක විනිසුරු දමින්ද රාමනායක වැලිගොඩපිටිය මහතා අවසාන වශයෙන් විභාගය අගෝස්තු 30 වැනිදාට සිදුකිරීමටත් හතරවැනි සාක්ෂිකාරියට නොතිසි නිකුත් කරන ලෙසත් අද (31) නියෝග කළේය.
විජය පුවත්පත් සමාගම නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නීතීඥ විශ්වා ගුණරත්න මහතාගේ උපදෙස් මත නිතිඥ දර්ශිකා පෙරේරා මහත්මිය අධිකරණය හමුවේ පෙනී සිටියාය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
හතරවැනි සාක්කිකාරියට නොතිසී