ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් තමන්ට අනිවාර්ය සිර දඩුවම් පමුණුවමින් දෙන ලද නියෝගය නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා චීන ජාතිකයින් 14 දෙනෙකු ඉදිරිපත් කරන ලද ප්‍රතිශෝධන අයදුම් පත්‍ර 14ක් සළකා බැලූ දකුණු පළාත් බද ගාල්ල මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.පි.එස් නිශ්ශංක මහතා (05)දින නොතිසි වාර්තා සහ විරෝධතා කැඳවිමට අද(03) නියම කළේය.
මෙහි වගඋත්තරකරුවන් ලෙස ගාල්ල පොලිස් ස්ථානාධිපතිවරයා සහ නීතිපති වරයා නම් කර ඇත.
මෙම චූදිත පෙත්සම්කාර චීන ජාතිකයින් 14 දෙනා සංචාරක විසාවලින් පැමිණ ගාල්ල දඩල්ලේ ගොඩනැගිලි ඉදිකිරිමේ වැඩ බිමක අත් උදව්කරුවන් ලෙස සේවයේ යෙදි සිටියදි ලැබුන තොරතුරක් මත ගාල්ල පොලිසිය මගින් පසුගිය මාර්තු 2 වැනි දින අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබිණි.
පසුව මාර්තු 14වනදින ඔවුන් අධිකරණයට ඉදිරිපත් කල අවස්ථාවේ වරද පිළිගැනිමෙන් පසු මහෙස්ත්‍රාත්වරයා විසින් එක් අයෙකුට රුපියල් පනස් දහසක දඩයක් සහ එක් වසරක අනිවාර්ය සිර දඩුවමක් නියම කළේය. දඩය නොගෙවන්නේ නම් තවත් මාසයක සිර දඬුවමක්ද විත්තිකරුවන්ට නියම කළේය.
චූදිත පෙත්සම්කරුවන් කියා සිටියේ තමන් වලංගු වීසා බලපත්‍රයකින් 2019 ජනවාරි 13වනදින පැමිණි අතර එය අප්‍රියල් 19 වැනි දා දක්වා වලංගුව පැවති බවය.
එසේ පැමිණ සිටියදී ගාල්ල පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට විසා බලපත්‍ර කොන්දේසි කඩ කිරිම යටතේ චෝදනා ගොනුකර තිබු අතර භාෂා පරිවර්තකයෙකු විසින් එය කියවා දුන් අවස්ථාවේ වරද පිළිගත් බවත් පෙත්සම්කරුවෝ කියා සිටිති.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
චීන ජාතිකයින්ගේ ප්‍රතිශෝධන පෙත්සමට විරෝධතා කැඳවයි