IMG-LOGO

රුපියල් 10,620 ක් බලෙන් ලබාගත්තැයි කියන පොලිස් නිලධාරියෙකුට ඇප

(නිමන්ති රණසිංහ)

අයිස් මත්ද්‍රව්‍ය විකුණන ස්ථානයකදී පොලිස් නිලධාරියකු ලෙස පෙනී සිටිමින් රුපියල් 10620ක මුදලක් බලෙන් ලබා ගත්තැයි කියන කෙසෙල්වත්ත පොලිසියේ හිටපු පොලිස් කොස්තාපල්වරයා රුපියල් ලක්ෂ 2ක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (20) නියෝග කළාය. 

මත්ද්‍රව්‍ය විකුණන ස්ථානයකදී යම් සිද්ධියක් සිදුවුණී නම් මත්ද්‍රව්‍ය විකුණන පුද්ගලයා මෙන්ම ඒවා ලබාගැනීමට පැමිණී පුද්ගලයා මෙන්ම අතරමැදියා යන තිදෙනාම අත්අඩංගුවට ගත යුතු තිබුණත් කෙසෙල්වත්ත පොලිසිය මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමේ පදනම කුමක්ද යන්න ප්‍රශ්න කරමින් මහෙස්ත්‍රාත්වරිය සැකකරුට එලෙස ඇප නියම කළාය.

එසේම, ලබාදුන් මුදලට අඩුවෙන් මත්ද්‍රව්‍ය ලබා දීම හේතුවෙන් මෙම පැමිණිල්ල පැමිණිලිකරු විසින් සිදුකර ඇති බවක් පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ බී වාර්තාවෙන් ගම්‍ය වන අතර, මෙම සිද්ධියේ මත්ද්‍රව්‍ය විකුණූ පුද්ගලයා සහ මිලදී ගැනීමට ගිය පුද්ගලයා අත්අඩංගුවට නොගැනීම තුළ පොලිසිය වරදක් නොදකින්නේ මන්දැයි යන්න මහේස්ත්‍රාත්වරිය කෙසෙල්වත්ත පොලිසියෙන් ප්‍රශ්න කර සිටියාය.

මෙවැනි සිද්ධි විමර්ශනය සඳහා උපදෙස් ලබාදුන් ඉහළ නිලධාරින් කවුරුන්ද? මෙම සැකකරු බලෙන් ලබා ගත්තේ මොනවාද? දැන් පොලිසිය මත්ද්‍රව්‍ය විකුණන ඒවා සම්බන්ධයෙන්  අධිකරණයට නඩු ඉදිරිපත් කරනවාද? යනුවෙන් කෙසෙල්වත්ත පොලිසියෙන් වැඩිදුරටත් ප්‍රශ්න කළ අධිකරණය සැකකරු ඇප මත මුදා හරිනු ලැබුවේය.

මෙම සැකකරු ලංකා දණ්ඩ නිති සංග්‍රහයේ 168, 373 යන වගන්ති ප්‍රකාරව වරදක් සිදුකර ඇතැයි සඳහන් කරමින් කෙසෙල්වත්ත පොලිසිය වෙත පැමිණිල්ලක් සිදුකර තිබුණේ නො. 14/01, මුහන්දිරම් පටුමග, කොළඹ 12 ලිපිනයෙහි පදිංචි අබ්දුල්ලා මොහොමඞ් ඉල්ලියාස් නැමැත්තා විසින් ඉකුත් 18 වැනිදාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබුණේ කෙසෙල්වත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්. ඩී. පී. සේනාරත්න මහතා විසිනි.

මෙහිදී පොලීසිය දිගින් දිගටම සිය බී වාර්තාවෙන් අධිකරණය වෙත ඉදිරිපත් කළ කරුණු විවෘත අධිකරණයට සඳහන් කළද මහේස්ත්‍රාත්වරිය සැකකරුට ඇප ලබා දෙනු ලැබුවාය.

මේ අනුව ඇප මත මුදා හරිනු ලැබුවේ කෙසෙල්වත්ත පොලිසියේ සේවය කරමින් සිටි (සේවය අතරහැර යාමේ නිවාඩු) හිටපු පොලිස් කොස්තාපල් 86858 දික්වැල්ලේ පදිංචි පියුම් චාමර රන්දෙණීය නැමැත්තාය.

 

 

 



අදහස් (0)

රුපියල් 10,620 ක් බලෙන් ලබාගත්තැයි කියන පොලිස් නිලධාරියෙකුට ඇප

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 18 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 601 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site