IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


‘ලටෙක්’ හිටපු සභාපති නිදොස් කොට නිදහස්

(මනෝප‍්‍රිය ගුණසේකර)
 
 

                  අපගේ කණගාටුව                              
‘ලටෙක්හිටපු සභාපති රවී වෙත්තසිංහ මහතාට එරෙහිව පවරා තිබු නඩුවේ තීන්දුව සම්බන්ධයෙන් ‘ලංකාදීප වෙබ් අඩවිය‘ පළ කරන ලද  ප්‍රවෘත්තියෙහි කලින් තිබූ ශිර්ෂ
පාඨය පළ වුයේ  ප්‍රමාද දෝෂයකිනි.
ඒ සම්බන්ධයෙන් රවී වෙත්තසිංහ මහතාට අපගේ කණගාටුව පළ කර සිටිමු.
එම ශිර්ෂ පාඨය   ‘ලටෙක්’ හිටපු සභාපති නිදොස් කොට  නිදහස්‘ ලෙස නිවැරදි  ශීර්ෂ පාඨයකින් යුතුව පළකර තිබේ.

ඉඩමක් ලබාදෙන බව පවසමින් ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටියක මුදලක් ලබාගෙන වංචා කළ බවට ‘ලටෙක්’ හිටපු සභාපති රවී වෙත්තසිංහ මහතාට එරෙහිව පවරා තිබු නඩුවකින් කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඔහු නිදොස් කොට නිදහස් කළේය.

විත්තිකාර රවී වෙත්තසිංහ මහතාට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නැතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිය වෙනුවෙන් සාක්කි කැඳවීමකින් තොරවම ඔහු නිදොස් කර නිදහස් කළේය.

2005 සැප්තැම්බර් මස 17 වැනිදා හෝ ඊට ආසන්න දිනයක නාවලදී ඉඩමක් ලබාදෙන බවට පොරොන්දු වී ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටියක මුදලක් ලබාගෙන වංචා කළ බවට නීතීපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව නඩු පවරා තිබිණි.

මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගය පැවැත්වෙන අවස්ථාවේදී විත්තිකරු සහ පැමිණිලිකරු අතර ඇතිවු ගිවිසුම අධිකරණයට ඉදිරිපත් කර තිබු අතර එම ගිවිසුමේ ඇති අත්සන විත්තිකරුගේ නොවන බව සාක්කිකරුවකු විසින් අධිකරණයේදී හෙළි කළේය.

ඒ අවස්ථාවේදී පැමිණිල්ල මෙහෙයවනු ලැබු රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරුන් ගිවිසුමේ ඇති අත්සන විත්තිකරුගේම දැයි හෙළි කරගැනීම සඳහා රජයේ රස පරීක්‍ෂවරයාගේ වාර්තාව කැඳවීමට අවසර ඉල්ලා සිටි අතර ඊට අවසර ලැබීණි.

ඒ අනුව නඩු විභාගය අවස්ථාවේදී අදාළ ගිවිසුමේ ඇති අත්සන විත්තිකරුගේමදැයි හෙළි කර ගැනීම සඳහා රජයේ රස පරීක්‍ෂවරයාගේ වාර්තාව කැඳවනු ලැබු අතර ගිවිසුමේ ඇති අත්සන විත්තිකරුගේ අත්සන සමඟ නොසැසදෙන බවට රජයේ රස පරීක්‍ෂවරයා සිය වාර්තාව මඟින් අධිකරණයට දැනුම් දෙනු ලැබීය.

විත්තිකරුට වෙනුවෙන් නීතීඥ සඳමල් රාජපක්‍ෂ සහ කැලූම් කුමාරසිංහ යන මහත්වරුන් සමඟ ජනාධිපති නීතීඥ උපුල් ජයසුරිය මහතා පෙනී සිටියේය.



අදහස් (4)

‘ලටෙක්’ හිටපු සභාපති නිදොස් කොට නිදහස්

ජයන්ත මිලානෝ Tuesday, 29 January 2019 12:08 PM

රටේ නීතිය උගත් රදල පැලන්තිය හදාගෙන තියෙන්නේ ඒ අයට පහසු විදිහට එලියට යන්න පුලුවන් විදිහට. සල්ලි තියෙනවා නම් කුඩු විකුණලා මිනී මරලා මහා පරිමාණ හොරකම් කරලා බේරෙන්න ඉතාමත් පහසුවෙන්ම පුලුවන්. නීතිවේදීන්ට ගෙවන්න විතරයි ඕනෙ. මේ ටිකට පලවූ ප්‍රවෘත්තිම ඇතිනෙ උදාහරණ විදිහට .

:       1       482

sandy123 Tuesday, 29 January 2019 12:53 PM

ඔක්කොම එළියේ. අපිවත් ඇතුලට යමුද? අඩුම ගානේ බදු නොගෙවා තුන් වේල කන්නවත් පුළුවන්. අනේ මෙහෙමත් රටක්? හොරකම්, දුෂණයෙන් තොර එකම රට අපේද?

:       0       384

sandy123 Wednesday, 30 January 2019 04:16 AM

අපේ රටේ වෙන්නේ හොරකම් නොවෙයි. මුදල් වාෂ්ප වෙන එක. එකනේ මුදල් නැති වුනත් වැරදිකරුවෙක් නැත්තේ. ඒ තියරිය හොයා ගත්ත කෙනාට සම්මානයක් දෙන්න වටිනවා.

:       0       62

KANDEPOLA Wednesday, 30 January 2019 10:09 AM

ගිවිසුමකට හොර අත්සනක් යෙදූ පමණින් කෝටිගාණක වංචාවකින් වුණත් ලේසියෙන් නිදහස් වෙන්න පුළුවන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 78 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 732 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 354 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site