IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඝාතන චෝදනාවට වරදකරුවන් වූ 9 කට මරණ දඩුවම

(ඔගස්ටින් ප්‍රනාන්දු)       

පුද්ගල ඝාතන චෝදනාවට වරදකරුවන් වූ එකම පවුලේ අයියා මලෝ ඇතුළු නව දෙනෙකුට හලාවත මහාධිකරණ විනිසුරු ඉවෝන් ප්‍රනාන්දු මෙනෙවිය අද (8) මරණීය දණ්ඩනය නියම කරණු ලැබුවාය.

මාරාවිල මුදුකටුව ලංසිගම ප්‍රදේශයේ පදිංචි වර්ණකුලසූරිය නිමල් අජිත් ප්‍රනාන්දු සහ වර්ණකුලසූරිය සුගත් ජෙරාඩ් ප්‍රනාන්දු යන අයියා මලෝ දෙදෙනාට සහ පැට්රික් ඔස්වල්ඩ් ප්‍රනාන්දු ,පිලිප්පුගේ සනත් ප්‍රසන්න ප්‍රනාන්දු,   ලියනගේ චමින්ද ඩික්සන්,කොන්රඩ් රනිල් පිරිස්, සේමිණි විජේන්ද්‍ර ප්‍රනාන්දු, ඩොනල්ඩ් සමන්ත ප්‍රනාන්දු, සහ අජිත් ඇන්ටන් යන පිරිසට මෙසේ මරණීය දණ්ඩනය නියම විය.

2001 වසරේ ජුනි මස 24 වන දින හෝ ඊට ආසන්න දිනයක දී හලාවත මාරාවිල ලංසිගම දී  වර්ණකුලසුරිය මහලේකම්ගේ ලයනල් ප්‍රනාන්දු නමැති අයගේ මරණය සිදු කිරීමේ චෝදනාව මත මෙම නඩුව පවරා තිබුණි.

කඩුවලින් හා පිහි වලින් කපා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම , අයුතු නීති විරෝධි ජනරාශිය යන චෝදනා  විත්තිකරුවන්ට එරෙහිව නගා තිබුණි.

දින ගණනාවක් පැවැති නඩු විභාගයෙන් පසු සාක්කි අනුව විත්තිකරුවන් වරදකරුවන් වී ඇති බව ඔප්පු වූ නිසා ඔවුන් වරදකරුවන් කරමින් විනිසුරුවරිය ඔවුන්ට මරණ දඩුවම නියම ක‍ළාය.

එක් පුද්ගලයෙකුගේ මරණය සිදු කිරීමේ චෝදනාවට වරදකරුවන් වීම නිසා නව දෙනෙකුට හලාවත මහාධිකරණයේ දී මරණීය දඩුවම පැනවූ ප්‍රථම අවස්ථාව මේ බව පැවැසේ.

මෙම නඩු විභාගය ආරම්භයේ දී විත්තිකරුවන් දස දෙනෙකු සිටි අතර ඉන් එක් අයෙකු නඩු විභාගය සිදුවන අතරතුර මිය ගොස් ඇති බවත් මෙහිදි අනාවරණය විය.



අදහස් (0)

ඝාතන චෝදනාවට වරදකරුවන් වූ 9 කට මරණ දඩුවම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 77 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 732 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 353 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site