(අධිකරණ උපාලි ආනන්ද)
කොතළ හිඹුටු කැබලි කිහිපයක් නීති විරෝධීව ප‍්‍රවාහනය කළ ප‍්‍රාඩෝ වර්ගයේ අධි සුඛෝපභෝගි ජීප් රථය රාජ සන්තක කිරීමට හිගුරක්ගොඩ මහේස්ත‍්‍රාත් සනත් නානායක්කාර මහතා ලබාදී තිබූ නියෝගය මාර්තු මස 26 වන දින තෙක් තාවකාලිකව අත්හිටුවීමට පොළොන්නරුව මහාධිකරණ විනිසුරු එස් ඒ අයි එස් සුරවීර මහතා නියෝග කළේය.
එමෙන්ම අදාල ජීප් රථය වෙන්දේසි කිරීම තාවකාලිකව අත් හිටුවමින් අතුරු තහනම් නියෝගයක්ද නිකුත් කළේය. ජීප් රියෙහි වටිනාකම රුපියල් ලක්ෂ 250 ක් පමණ වන අතර , කොතල හිඹුටු හි වටිනාකම රුපියල් 9720 ක් පමණ වේ.
මෙම අභියාචනයේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින ගල්ඔය පොලිසියේ ස්ථානාධිපතිවරයාට සහ නීතිපතිවරයාට මාර්තු මස 26 වන දින පොළොන්නරුව මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද නියෝග කරමින් මහාධිකරණ විනිසුරුවරයා නොතීසි නිකුත් කළේය.
රාජ සන්තක කළ අධි සුඛෝපභෝගි ජීප් රථයේ අයිතිකරු වන මාතලේ කච්චේරිය පාර අංක 30 ලිපිනයේ පදිංචි ව්‍යාපාරිකයෙකු වන ජී වී සුසන්ත පුෂ්ප කුමාර මහතා ජ්‍යෙෂ්ඨ නීතිඥ අරවින්ද හබක්කල මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ කරුණාරත්න හේරත් මහතා මගින් මහාධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමින් මහාධිකරණ විනිසුරුවරයා මෙසේ නියෝග කළේය.
ජීප් රථය රාජ සන්තක කරමින් හිගුරක්ගොඩ මහාධිකරණ විනිසුරුවරයා ලබාදි තිබූ නියෝගය එම පෙත්සම මගින් අභියෝගයට ලක් කර තිබේ.
හිගුරක්ගොඩ මහේස්ත‍්‍රාත් සනත් නානායක්කාර මහතාගේ නියෝගයකට අනුව මීට පෙර රාජ සන්තක කල් සී පී සී ඒ එන් 2700 අංක දරණ ප‍්‍රාඩෝ වර්ගයේ අධි සුඛෝපභෝගි ජීප් රථයයි .
මෙම අධි සුඛෝපභෝගි ජීප් රථයෙන් නීති විරෝධීව කොතළ හිඹුටු ප‍්‍රවාහනය කළ බවට අධිකරණය හමුවේ චෝදනා ලබා සිටි අදාල ජීප් රථයේ රියදුරු එකී චෝදනාවට වරද පිලිගත් පසුව ඔහුට මුදලින් රුපියල් විසි දහසක දඩයක්ද එදින නියම කළ මහේස්ත‍්‍රාත්වරයා එම දඩ මුදල ගෙවීම පැහැර හරින්නේ නම් සැකකාර රියදුරා මාස තුනක බරපතල වැඩ සහිත සිර දඩුවමකටද යටත් කෙරිණ සැකකාර රියදුරා සමග අත් අඩංගුවට ගත් කොතළ හිඹුටු කැබලි කිහිපය රාජ සන්තක කිරීමටද මහේස්ත‍්‍රාත්වරයා තවදුරටත් නියෝග කළේය.
මෙසේ දඩ නියම වූයේ හබරන සූරියගම අංක 80 ලිපිනයේ පදිංචි කේ ධර්මදාස නැමැති රියදුරෙකුටය ත‍්‍රිකුණාමලය හබරණ ප‍්‍රධාන මාර්ගයේ ගල්ඔයදී මෙම සැකකාර රියදුරා සමග කොතල හිඹුටු ප‍්‍රවාහනය කරමින් තිබූ ප‍්‍රාඩෝ වර්ගයේ ජීප් රථය අත් අඩංගුවට ගනු ලැබුවේ ගල්ඔය පොලිසිය එම ජීප් රථය නවතා සිදු කළ සෝදිසියකදීය සැකකාර රියදුරා මෙලෙස නීති විරෝධීව ප‍්‍රාවාහනය කර ඇති කොතළ හිඹුටු අලූත්ඔය ආනඋලූන්දෑව රක්ෂිතයෙන් නීති විරෝධීව කපා ප‍්‍රවාහනය කර ඇති බව සිද්ධිය සම්බන්ධයනේ ගල්ඔය පොලිසිය සිදු කරන ලද මූලික විමර්ශණවලදි අනාවරණය වූ බව අධිකරණයේදී කියැවිණි
ජීප් රථයේ අයිතිකරු වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ අරවින්ද හබක්කල මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ කරුනාරත්න හේරත් මහතා පෙනී සිටියේය
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
කොතල හිඹුටු ගෙන ගිය ජීප් රිය වෙන්දේසි කිරීම අත්හිටුවයි