IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කෝටි 100 මත්ද්‍රව්‍ය ජාවාරම් කළ පස් දෙනා රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)
 
රුපියල් කෝටි 100කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 90ක් ජාවාරම් කළැයි කියන ඇමෙරිකානු ජාතිකයින් දෙදෙනා ඇතුළු විදේශීය සැකකරුවන් තිදෙනා සහ ශ්‍රී ලාංකික සැකකරුවන් දෙදෙනා ලබන 8 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් පි‍්‍රයන්ත ලියනගේ මහතා අද (29) නියෝග කළේය.  

දින 7 ක රැඳවුම් බාරයෙන් පසු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අද (29) මෙම සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරිණි.

ඒ අනුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ, ඇෆ්ගන් ජාතික ශකාරි ෆර්හාත්, ඇමෙරිකානු ජාතික මාෂල් ෂෝන් ඇන්තනි, ක්වාජා ජාම්ස් ඉෂාන්, ශ්‍රී ලාංකිකයන් වූ හික්කඩුවේ පදිංචි උඩුගහපත්තුවගේ දොන් ඉන්ද්‍රජිත් පද්කුමාර සහ හල්ඔලූව කංකානම්ගේ චමින්ද දිමුතු අමරසිංහ යන අය වෙති.



අදහස් (2)

කෝටි 100 මත්ද්‍රව්‍ය ජාවාරම් කළ පස් දෙනා රිමාන්ඩ්

sandy123 Tuesday, 29 January 2019 12:58 PM

ටික කලකින් එලියට ඒවි. මත් උවදුර ගොඩ ගන්න බැරි තරමටම රටේ කිදා බැහැලා තියෙන්නේ. මොකද නීතිය ක්‍රියාත්මක කරන උදවිය වගේම නීති සම්පාදනය කරන උදවියත් හවුල් නිසා.

:       2       48

rocky Wednesday, 30 January 2019 12:35 AM

නිදහස් දිනයට විශේෂ සමාවක් යටතේ නිදහස් වේවි!

:       0       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 78 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 732 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 354 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site