(නිමන්ති රණසිංහ)
තරුණයන් 11 දෙනෙකු අතුරුදන් කළැයි කියන සිද්ධියට අදාළ සැකකරුවන් නඩුවේ සාක්ෂිකරුවන්ට බලපෑම් කරන්නේ නම් ඔවුන්ට එරෙහිව අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත ප‍්‍රකාරව නඩුවක් ගොනු කරන ලෙසට කොළඹ කොටුව මහෙස්ත‍්‍රාත් රංග දිසානායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (19) නියෝග කළේය.
නඩුවේ සැකකරුවන් විසින් තමාට එල්ල කරන ලද බලපෑම් සම්බන්ධයෙන් මෙම නඩුවේ සාක්ෂිකරුවකු වූ වෙළගෙදර යන අය දිවුරුම් ප‍්‍රකාශයක් මගින් තමන් වෙත දන්වා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා කරුණු දැක්වීමක් කළේය.එය සැලකිල්ලට ගත් අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.
මෙම නඩුව අද (19) කැඳවනු ලැබූ අවස්ථාවේදී 10 වන සැකකරු වූ නාවික හමුදා හිටපු ලූතිනන් කමාන්ඩර් චන්දන ප‍්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් ‘‘නේවි සම්පත්’’ යන අය බන්ධනාගාරය මගින් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණී.
එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් දෙදෙනකු ප‍්‍රකාශ ලබා දීමට සූදානම් බවට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
ඒ අනුව අපරාධ නඩු විධාන සංග‍්‍රහ පනතේ 124 වන වගන්තිය ප‍්‍රකාරව නිලමැදිරියේදී තමන් වෙත අදාළ ප‍්‍රකාශ ලබා දෙන ලෙසට මෙහිදී මහෙස්ත‍්‍රාත්වරයා නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළව ඉකුත් 18 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නාවික හමුදාවේ සුලූ නිලධාරීන් දෙදනකු වූ සංජීව ප‍්‍රසාද් සේනාරත්න සහ ‘අන්නාචි’ නමින් ආරූඪ නාමයෙන් හදුන්වනු ලැබූ නාවික හමුදා සුලූ නිලධාරින් යා ලබන 28 වැනිදා තෙක් හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
2025 දෙසැම්බර් මස 30
72
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
728
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
350
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සාක්කිකරුවන්ට බලපෑම් නම් අදාල පනතින් නඩුවක් දමන්න නියෝග