IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


නිවසේ සුරතලා හොර්ටන්තැන්නට රැගෙන ගිය යුවළට දඩ

(ශාන්ත චන්ද්‍රසිරි) 
 
හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය තුළට සුනඛයෙකු රැගෙනයාමේ  චෝදනාවට වරද පිළිගන්නා ලද දෙදෙනෙකු  හට එක් අයෙකුට රුපියල් 20,000 බැගින්  රුපියල් 40,000 ක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (23) නියෝග කළේය.
 
මෙසේ දඩ නියමවුයේ බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයෙකු හා කාන්තාවක්  හටය.
 
හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය නැරඹීමට පැමිණි මොවුන් දෙදෙනා  වනෝද්‍යානය ඇතුළත  පිහිටි තෘණ භූමියක් තුළට නිවසේ ඇති කරනු ලබන සුනඛයෙකු රැගෙන ගොස් සිටි බව අධිකරණයට කරුණු දක්වමින් හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ භාරකරු ප්‍රදීප් කුමාර මහතා පැවැසීය.
 
 
හොර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ භාරකරු ප්‍රදීප් කුමාර, නියෝජ්‍ය භාරකරු ටී. පී. දයාරත්න, වනසත්ත්ව අඩවි සහකාර පී. එම්. පී. පනාවලගේ  යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් වීසින් මොවුන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබිණි.



අදහස් (4)

නිවසේ සුරතලා හොර්ටන්තැන්නට රැගෙන ගිය යුවළට දඩ

nimal Thursday, 23 July 2020 11:55 AM

බල්ලෙක් ගෙනිච්චාට දඩ.. අලියෙක් මැරුවා නම් නිදහස්...

:       233       155

leel gunawardana Thursday, 23 July 2020 04:29 PM

බල්ලෙක් අරන් ගියා කියලා ඔහොම දඩගහනවද? රටේ මේ වෙලාවේ තිබෙන ආර්ථික ප්‍රශ්න දන්නවද? ඇයි මිනිස්සුන්ට කරදර කරන්නේ? විකාර තමයි.

:       0       0

Perera Thursday, 23 July 2020 07:01 PM

හෝටන් තැන්නට සුනඛයෙක් ගෙනිච්චට හතලිස් දාහයි දඩය.

:       0       0

Bamunuarachchi Saturday, 25 July 2020 12:48 PM

දඩය මදි.. ලක්ෂයක් වත් ගැසුවා නම් තමයි හොඳ.. මේ ගොල්ලෝ මගුල් ගෙවල්වලත් බල්ලන්, පූසන් අරගෙන යනවා ඇති.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 426 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16826 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 651 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site