IMG-LOGO

2024 මැයි මස 04 වන සෙනසුරාදා


බුවනෙකබාහු රාජසභා මණ්ඩපයට සිදුවී ඇති හානිය ගැන කුරුණෑගල මහෙස්ත්‍රාත් වාර්තාවක් ඉල්ලයි

(මනෝප්‍රිය ගුණසේකර)

 

කුරුණෑගල ‘බුවනෙක හෝටලය’ පවත්වාගෙන ගිය බුවනෙකබාහු රාජසභා මණ්ඩපයට හානි සිදුකොට ඇත්තේ හිතාමතාද? යන්න මෙන්ම ඉන්සිදුවී ඇති හානිය හා එය පිළිසකර කිරීමට ගතවන කාලය පිළිබඳ ලබන 31 වැනිදාට පෙර වාර්තාවන් ඉදිරිපත් කරන ලෙස පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට හා ජාතික ගොඩනැඟිලි පරීක්‍ෂණ ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට නියම කළ කුරුණෑගල මහෙස්ත්‍රාත් ඒ.ඩී.සී.එස්. හේවාවසම් මහතා මෙහි අවට ඇති සී.සී.ටී.වී. කැමරා දර්ශන ලබා ගන්නා ලෙස පොලිසියට අද (23) නියම කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන කටයුතු සඳහා පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් හා ජාතික ගොඩනැඟිලි පරීක්‍ෂණ ආයතනයේ වාර්තා අවශ්‍ය වී ඇතැයි දැනුම් දෙමින් නීතීපතිවරයා නියෝජනය කරමින් රජයේ නීතීඥ ක්‍රිෂාන් ගුණතිලක මහතා සමඟ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ මාධව තෙන්නකෝන් මහතා කළ ඉල්ලීම් සළකා බැලු මහෙස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය.

මෙම විමර්ශනය සඳහා අවශ්‍ය වන බව කියමින් නීතීපතිවරයාගේ උපදෙස් මත සකස් කරන ලද ප්‍රශ්නාවලි දෙකක් අධිකරණයට ඉදිරිපත් කළ බවද නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණි ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන කටයුතු සඳහා පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් හා ජාතික ගොඩනැඟිලි පරීක්‍ෂණ ආයතනයේ වාර්තා අවශ්‍ය වී ඇතැයි දැනුම් දුන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ මාධව තෙන්නකෝන් මහතා පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා වෙත හා ජාතික ගොඩනැඟිලි පරීක්‍ෂණ ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය ආසිරි මහතා වෙත යොමු කිරීම සඳහා ප්‍රශ්නාවලියක් අධිකරණයට ඉදිරිපත් කළේය.

පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙත හා ජාතික ගොඩනැඟිලි පරීක්‍ෂණ ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙත යොමු කිරීම සඳහා එලෙස අධිකරණයට ඉදිරිපත් කරන ලද ප්‍රශ්නාවලි දෙකේ මෙම ගොඩනැඟිල්ලට හානි සිදුකොට ඇත්තේ හිතාමතාද? නැත්නම් මෙය ස්වභාවිකව සිදුවූ හානියක්ද? යන්න වාර්තා කරන ලෙසද ඉන් සිදුවු හානිය මෙන්ම මෙම ගොඩනැඟිල්ල යළි පිළිසකර කිරීම සඳහා ගතවන කාලය දැනුම් දෙන ලෙසද නියම කොට ඇත.

බුවනෙකබාහු රාජසභා මණ්ඩපය පවත්වාගෙන ගිය ගොඩනැඟිල්ල පුරාවිද්‍යා ස්ථානයක්ද යන්න අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතාට වැඩිදුරටත් නියම කොට ඇත.

 

 

 

 

 

 

 

 



අදහස් (8)

බුවනෙකබාහු රාජසභා මණ්ඩපයට සිදුවී ඇති හානිය ගැන කුරුණෑගල මහෙස්ත්‍රාත් වාර්තාවක් ඉල්ලයි

Champa Thursday, 23 July 2020 01:27 PM

මොනවා? මෙම ගොඩනැගිල්ලට සිදුවූ හානිය ස්වභාවිකව සිදුවූ හානියක්ද? එහෙම කතාවක් නීතිපති දෙපාර්තමේන්තුව යෝජනා කරන්නේ කොහොමද? එහෙම එකක් මෙතනට අදාලම නැහැ. මුළු රටම දැක්ක මේ කුරුණෑගල රාජ සභා ගොඩනැගිල්ල තිබ්බ විදිහ සහ එකරැයින් ඒක විනාශ කරලා තිබ්බ විදිහ. මිනිස්සු කම්පාවෙනවා. නගරාධිපති ප්‍රසිද්ධියේ මාධ්‍ය හමුවකදී පිළිගත්තා මේ ගොඩනැගිල්ල කැඩුවේ තමන් බව සහ මේක පුරාවිද්‍යා වටිනාකමක් ඇති තැනක් නම් ඔප්පු කරන්න කියලා... 2018 නොවැම්බර් 8 මේ නගරාධිපතිම මේ ගොඩනැගිල්ල නගර සභාවට පවරා ගත්තා කියලා තිබුණා.. මෙය දෙවෙනි බුවනෙකබා රජ සමයේ ඉඳිකළ පෞරාණික වටිනාකමකින් යුක්ත ගොඩනැගිල්ලක් කියලා. දැන් කඩලා ඉවර වෙලා වෙන කතාවක් කියනවා. සේවයේ නියුතුව හිටි නඩුකාරයෙක් අත්අඩංගුවට අරන් උසාවියට ඉදිරිපත් කරන්න කිව්ව නීතිපති, මේ නගරාධිපතිව අත් අඩංගුවට ගන්න කියන්නේ නැත්තේ නීතිය අවනීතිය කරන නිසා නෙමෙයිද? පොලිසිය දූෂිතයි කිව්ව නීතිපතිට තමන්ගේ දෙපාර්තමේන්තුව එහෙම නොවෙන බව කියන්න පුලුවන්ද?...

:       0       629

M Perera Thursday, 23 July 2020 03:09 PM

නවතම චිත්‍රපටිය ළඟදීම... තිර රචනය පටන් ගත්තා. බුල්ඩෝසරයක් යකා නටයි. හිටි හැටියේ පණගත් බුල්ඩෝසරයක් කුරුණෑගල බුවනෙක හෝටලයත් සමග තිබූ අමනාපයකට එම ඉඩමට කඩාවැදී විනාශ කළ චිත්‍රපටිය දැන් තිරගත වෙන්න සූදානම්... බුල්ඩෝසරය අත්අඩංගුවට ගැනීමට නියමිතයි.

:       0       520

Champa Thursday, 23 July 2020 03:28 PM

2015 ඉඳන්ම කියනවා, අපට පළමුව වටින්නේ රට මිසක් පුද්ගලයන් නෙමෙයි. ෆාහියන් ලෙන ආශ්‍රිත කැණීම් වලදී කලින් අවුරුදු 30,000කට පෙර මානවයන් ලංකාවේ සිටිය බව කිව්වත් මෑතදී හොයා ගත්ත ඔවුන් අවුරුදු 48,000කට පෙරත් ජීවත් වූ බව. ඈත අතීතයේ ලංකාවේ ජීවත් වූ ජන වර්ග අතරින්, දැනට හොයාගෙන තියෙන්නේ, කෘෂිකර්මාන්තයේ යෙදුනු රාක්ෂ නමින් හැඳින්වූ, පසුව හී-යකුන් නමින්ද හැඳින්වූ, අදටත් ජීවත් වෙන සිංහල වැදි ජනවර්ගයේ පටන් ගැන්ම. ඊට අමතරව අවුරුදු 2500ක් පැරණි රාජධානි ගැන. අවුරුදු 48,000කටත් පෙර ජීවත් වූ, අතීතයේ ග්‍රහ ලෝක ගවේෂණයේ පවා යෙදුණු, ගුවන් යානා පවා නිෂ්පාදනය කළ ලංකාවේ පළමු ජන වර්ගය; සිංහල යක්ඛ ජන වර්ගය ජීවත් වූ පළාත්වල තවම කැණීම් කරලාවත් නැහැ. නිකාය සංග්‍රහයේ "වත්හිමි බුවනෙකබාහු" නමින් හඳුන්වපු, යාපහුව රාජධානිය කරගත් පලවෙනි බුවනෙකබාහු රජු බොහෝ වස්තු සම්භාරයක් තිබුණු රජෙක්. මේ රාජ සභා මණ්ඩපය ඉඳි කළ, ඔහුගේ පුත් දෙවෙනි බුවනෙකබාහු රජුට ඒ වස්තුව හිමි වෙන්න ඇති. බොහෝ ආක්‍රමණ වලටත් හසු වෙලා, අවුරුදු දහස් ගණනක් ගිහිල්ලත් අදටත් සුරැකිව තියෙන අපේ උරුමය, තාවකාලික රට බාර දුන්නු දේශපාලකයෝ විනාශ කරන කොට අපට වේදනාවක් ඇතිවෙනවා...

:       0       311

ChampaThursday, 23 July 2020 04:44 PM

අපේ සැබෑ ඉතිහාසය තවමත් හරියට එළියට ඇවිල්ලා නැහැ. එහෙම ආවහම අද වෙනකොට විශ්වාස කරන බොහෝ දේවල්, දෙවිවරු ගැන පවා කියන දේවල් වෙනස් වෙන්න පුළුවන්. දේව යාතිකාත් වෙනස් කරන්න වෙයි. සිංහල රාජධානි ගැන මම කියවපු පොත්පත් බොහොමයක තියෙන්නේ වැරදි කාල වකවානු... ඉන්දියානුවෙක් ලියපු නූතන මහවංශය, අපේ අනිත් පොත්පත් එක්ක සංසන්දනයක් කරන්නවත්, කාබන් ඩේටා ලබාගෙන නිවැරදි ඉතිහාසය ගණනය කරන්නවත්, ඉතා පැරණි රාජධානි පිහිටි ස්ථාන වල අදටත් ආරක්ෂා වෙලා තියෙන චිත්‍ර වලින් පෙන්වන අපේ සැබෑ ඉතිහාසයවත් හරියට ලියන්න මේ අවුරුදු 72ටම කිසිම පාලකයෙක් ඉදිරිපත් වෙලා නැහැ. ඔවුන් ඇත්තට බයයි. යාපහුව සහ කුරුණෑගල අයත් වෙන දඹදෙණිය රාජධානිය ගැන බොහෝ වැරදි කතා තියෙනවා. නිවැරදි ඉතිහාසය එළිවෙනකොට වත්හිමි ගලේ බණ්ඩාර කියන්නේ පලවෙනි බුවනෙකබාහු රජු කියලත් හෙළිවෙයි. සමහර කතා බොරුවෙයි. දෙවෙනි සහ තුන්වෙනි බුවනෙකබාහු නමින් කුරුණෑගල රජවුනේ සිංහල බෞද්ධ රජවරු. කුරුණෑගල රජ සමයේ ඉඳි වූ සම්පූර්ණ ගොඩනැගිල්ලක් ලෙස අදටත් ඉතුරු වෙලා තියෙන මේ රාජ සභා මණ්ඩපය ආරක්ෂා කර ගන්නම ඕනේ...

:       0       0

ChampaThursday, 23 July 2020 05:05 PM

පළවන බුවනෙකබාහු රජු නිසා මුස්ලිම් කාන්තාවට ලැබුණු කුමාරයා හිටියේ යාපහුවේ මිසක් කුරුණෑගල නෙමෙයි. ඔහු කවදාවත් රජ වුනේ නැහැ. ඒ නිසයි ආර්ය චක්‍රවර්ති යාපහුව රාජධානිය කඩා වැටුනහම දළදා හාමුදුරුවෝ යාපනයට අරන් ගිහින් එතනින් දකුණු ඉන්දියාවේ පාණ්ඩ්‍ය රජෙකුට තෑගි දුන්නේ. මේ නිවැරදි පැහැදිලි ඉතිහාසය කොහොම හරි ඉක්මනට ලියවෙන්න ඕනේ. අපේ ඉතිහාසය අවුල් කරලා තියෙන්නේ.

:       0       0

සුභානිFriday, 24 July 2020 03:19 AM

නින්දෙන් ඇහැරිලද කමෙන්ට් එක දැම්මේ... සම්පත් විනාශ උනේ 2015 න් පස්සෙ විතරයිද?

:       295       1

Demuni Uduwara Thursday, 23 July 2020 07:57 PM

ඔබේ සැලකිල්ල මට වැටහෙයි; පුරාවිද්‍යාත්මක නටබුන් පමණක් නොව මුළු රටම එම දූෂිත පාලකයින් විසින් කඩා බිඳ දමන ලදී.

:       0       411

pradeepa Friday, 24 July 2020 08:08 AM

සියලු දේවල් අමතක කරලා අපි හදමු හෝටලයක්... කිං ජොනී-මරා කියලා අපේ අනාගත පරපුරට පෙර කුරුණෑගල රජකරපු විශිෂ්ඨ රජවරු කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බළන්ගොඩ හදිසි මරණවලින් සියයට 70ක් හෘදයා බාධ
2024 මැයි මස 04 345 0

බලන්ගොඩ ප්‍රදේශයේ ඉකුත් මාස තුනක කාලය තුළ සිදු කළ හදිසි මරණ පරික්ෂණ වලදිි වයස අවුරුදු 30 -50 අතර මරණවලින් සියයට හැත්තැවක පමණ ප්‍රමාණයක් හෘදයාබාධ හේතුවෙන


බිරියට පහරදුන් සැමියා පාලනයට පොලිසිය වෙඩි තියයි
2024 මැයි මස 04 603 0

වීදුරු බෝතලයකින් බිරිඳගේ ගෙල කැපූ සැමියකු පාලනය කිරීම සඳහා පොලිසිය වෙඩි තැබිය.


නතර වූ ව්‍යාපෘති ගැන යෝකෝ කමිකාවාගෙන් පොරොන්දුවක්
2024 මැයි මස 04 436 0

නිල ණය හිමියන්ගේ කමිටුව සහ ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යාහගත කිරීමේ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූ පසු සහ මෙරට ද්වීපාර්ශ්වික ගිවිසුම් ඉතා ඉක්මනින් අවසන් ක


සහනාධාර සහල් නොදුන්නැයි ග්‍රාම නිලධාරිනියට ගහලා
2024 මැයි මස 04 283 0

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසයි.


ලොහාන්ගේ සහායත් රනිල්ට
2024 මැයි මස 04 554 0

ඉදිරි ජනාධිපතිවරණයේදී යනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන බව වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පැවසීය.


ජපානයේ කන්සායි ගුවන්තොට වාර්තා පොතට
2024 මැයි මස 04 832 0

පසුගිය වසර තිහක කාලය තුළදී ජපානයේ කන්සායි ගුවන්තොටුපොළට පැමිණි කිසිඳු ගුවන් මගියකුගේ ගමන් මල්ලක් අස්ථානගත වී නොමැති බවත් එය ලෝක වාර්තාවක් බවත් ෆෝබ්ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 482 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1928 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1700 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site