අයවැයට කෘෂි අංශය අමතකවීද ?
වසර 2024 සඳහා ඉදිරිපත් කරන ලද අයවැය ලේඛනය විශ්ලේෂණය කර බැලීමේදී පැහැදිලි වන කාරණා කිහිපයක් තිබේ. සාමාන්‍යයෙන් ඉදිරි වර්ෂයට අදාළව අයවැය ලේඛනයක් ඉදිරිපත් කරන්නේ, ඊට පෙර වසරේ අවසාන කාර්තුවේදීය. නිදසුනක් ලෙස, 2024 අයවැය ඉදිරිපත් කළේ 2023 වර්ෂයේ අගභාගයේ දීය. එහිදී 2023 වසරේ සමස්ත ආර්ථික කටයුතුවලට අදාළ සත්‍ය දත්ත අප සතුව නැති අතර, ඒ වෙනුවට තිබෙන්නේ නිමානකයන්ය.