IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


ආණ්ඩුවේ ටින් අංකය

අවුරුදු 18 ට වැඩි සියලු‍ දෙනා දේශීය ආදායම් පනතේ 102 වගන්තිය යටතේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතු බව මුදල් අමාත්‍යවරයා 2023 මැයි 31 වැනිදා නිකුත් කළ ගැසට් නිවේනයේ සඳහන් වෙයි. ඒ නියෝගය 2024 ජනවාරි 01වැනිදා සිට ක්‍රියාත්මක විය යුතු බව ද ඒ ගැසට් නිවේදනයේ සඳහන් වෙයි. මුදල් අමාත්‍යවරයා ඒ නියෝගය කරන්නේ 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 102 වගන්තිය යටතේ බවද ඒ ගැසට් නිවේදනයේ සඳහන් වෙයි.

ඒ ගැසට් නිවේදනයට අනුව වයස අවුරුදු 18 ට වැඩි සියලු‍ දෙනා 2024 ජනවාරි 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතුමය. බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් (TIN) ද අනිවාර්යයෙන්ම  ලබාගත යුතුය. එසේ ලියාපදිංචි නොවන පුද්ගලයන් බලහත්කාරයෙන් ලියාපදිංචි කරන බවත් ඔවුන්ට රුපියල් 50,000 නොඉක්මවන දඩයක් නියම කරන බවත් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් කියයි. 

බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය සම්බන්ධයෙන් රජය වෙනත් තීරණ දෙකක්  ගෙන තිබේ. ඒ තීරණ කරළියට පැමිණියේ 2024 අය වැය යෝජනා මගිනි. ඒ තීරණ දෙකෙන් එකක් වන්නේ ඉඩම් හෝ වාහන අනෙකුන්ට පැවරීමේ දී බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය ඉදිරිපත් කිරීම අනිවාර්යය කිරීමය. එසේම  බැංකුවක ජංගම ගිණුමක් ආරම්භ කිරීමේ දී ද බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය ඉදිරිපත් කිරීම අනිවාර්යය කර තිබේ. ඒ තීරණය  2024 පෙබරවාරි 01 වැනිදා සිට  ක්‍රියාත්මක කරන බව ආණ්ඩුව දැන් කියයි.

2024 අය වැයෙන් කරළියට ගෙනා අනෙක් තීරණය වන්නේ අවුරුදු 18 ට වැඩි සියලු‍ම නේවාසිකයන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිවීම සහ බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ලබා ගැනීම අනිවාර්යය කර තිබීමයි. ආණ්ඩුව කියන හැටියට රටේ නේවාසිකයන් සියලු‍ දෙනා එසේ කළ යුත්තේ තමන්ට වයස අවුරුදු 18 පිරීම නිසාය. නැතිව ආදායම් ඉපයීම හෝ සේවා ලබා ගැනීම යනාදි වෙනත් හේතුවක් හෝ හේතු නිසා නොවෙයි. මේ තීරණය ගෙන තිබෙන්නේ දේශීය ආදායම් පනතේ 102 (3) වගන්තිය යටතේ බව 2023 මැයි 31 වැනිදා මුදල් අමාත්‍යවරයා නිකුත් කළ 2334/21දරන ගැසට් නිවේදනයේ සඳහන් වෙයි. ඒ ගැන සඳහන් වන්නේ ඒ ගැසට් පත්‍රයේ ‘‘ආ”‍ කොටසේ ය. ඒ ගැසට්ටුවේ ‘‘අ”‍ කොටසේ සඳහන් පරිදි ‘‘යම් ආයතනයක සේවාවක් ලබා ගැනීමේ දී”‍ බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය ඉදිරිපත් කළ යුතු බවට තිබෙන නියමය සමඟ මම එකඟ වෙමි. එහෙත් වයස අවුරුදු 18 පිරීම නිසාම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතුය සහ බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ලබාගත යුතුය යන නියමයට අභියෝග කිරීමට මම කැමැත්තෙමි. 

රටේ දැනට පවතින නීතිය අනුව වයස අවුරුදු 18 ට වැඩි සියලු‍ දෙනා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ලබාගත යුතුය කියා නියම කිරීමට හෝ නියෝග දීමට දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්ට හෝ මුදල් ඇමැතිට දේශීය ආදායම් පනතේ 102 වගන්තියෙන් කිසිදු නීතිමය බලයක් නොපැවරෙයි.

 දේශීය ආදායම් පනතේ 102 (1) වගන්තියෙහි සඳහන් වන්නේ ‘‘තක්සේරු වර්ෂය සඳහා ආදායම් වාර්තාවක් සැපයීමේ වගකීමක් පැවරෙන සෑම තැනැත්තකුම දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා ළඟ ලියාපදිංචි විය යුතු”‍ බවය. ඒ වගන්තියේ ඉතා පැහැදිලිව සඳහන් වන පරිදි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිවීම අනිවාර්යය කර තිබෙන්නේ ‘‘ආදායම් වාර්තාවක් සැපයීමට බැඳී සිටින”‍ පුද්ගලයන්ය. ආදායම් වාර්තාවක් සැපයිය යුත්තේ කවුරුන්දැයි දේශීය ආදායම් පනතේ 126 (1) වගන්තියෙහි සඳහන් වෙයි. ඒ වගන්තියට අනුව  බදු වාර්තාවක් සැපයිය යුත්තේ ‘‘ආදායම් බදු අය කිරීමට යටත් වන සියලු‍ පුද්ගලයන්”‍ ය. ආදායම් බදු ගෙවිය යුත්තේ අවුරුද්දකට රුපියල් ලක්ෂ 12 කට වැඩි ශුද්ධ ආදායමක් ලබන පුද්ගලයන් මිස අවුරුදු 18 පිරුණු සියලු‍ දෙනා නොවෙයි.

දේශීය ආදායම් පනතේ 102 (1) වගන්තියෙහි සඳහන් වන්නේ ‘‘තක්සේරු වර්ෂය සඳහා ආදායම් වාර්තාවක් සැපයීමේ වගකීමක් පැවරෙන සෑම තැනැත්තකුම දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා ළඟ ලියාපදිංචි විය යුතු”‍ බවය. එහෙයින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිවීම අනිවාර්යය වන්නේ ‘‘ආදායම් වාර්තාවක් සැපයීමට බැඳී සිටින පුද්ගලයන්”‍ බව ඉතා පැහැදිලිය.

 ආදායම් බදු අය කරනු ලබන සියලු‍ පුද්ගලයන් බදු වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බව දේශීය ආදායම් පනතේ 126 (1) වගන්තියෙහි සඳහන් වෙයි. ඒ අනුව බදු වාර්තාවක් සැපයිය යුත්තෝ අවුරුද්දකට රුපියල් ලක්ෂ 12 කට වැඩි ආදායමක් ලබන පුද්ගලයෝය. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ලබාගත යුත්තේ බදු ගෙවීමේ වගකීමක් සහිත පුද්ගලයන් බව පනතේ 102 වගන්තියෙන් අනාවරණය වෙයි.  එහෙයින් පුද්ගලයන්ගේ ආදායම මත නොව ඔවුන්ගේ වයස මත බදු ගෙවීම සඳහා ලියාපදිංචි විය යුතුය කීම බලහත්කාරය පෑමකි. එසේ  බලහත්කාරය පෑමේ බලයක් රටේ නීතියෙන් අමාත්‍යවරයාට පවරා නැත. 

එහෙයින් නීතියෙන් පවරා නැති බලයක් ක්‍රියාත්මක කිරීම නීති විරෝධී ය. අමාත්‍යවරයා 2023 මැයි 31 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනයේ ‘‘අ”‍ සහ ‘‘ආ”‍ ලෙස කොටස් දෙකකි. අ කොටසේ සඳහන් වන්නේ යම් ආදායමක් ලබන පුද්ගලයන් සහ වෘත්තිකයන් ගැන කියමින් ඔවුන් දේශීය ආදායම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ලබාගත යුතු බවය. එසේ කීම අභියෝගයට ලක් කළ නොහැකිය. එසේම නීත්‍යනුකූලය. එහෙත් ඒ ගැසට් නිවේනයේ  ‘‘ආ”‍ කොටසේ සඳහන් වන්නේ වයස අවුරුදු 18 පිරුණු සියලු‍ දෙනා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිවී බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ලබාගත යුතු බවය. එසේ නියම කිරීමේ බලයක් අමාත්‍යවරයාට රටේ නීතියෙන් පැවරී නැත. එහෙයින් රටේ නීතියෙන් පැවරී නැති බලයක් ආරූඩ කර ගැනීම අනීතිකය. නීති විරෝධීය.

අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අනුව යමින් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා ප්‍රසිද්ධියට පත්කර තිබෙන නිවේදනයක සඳහන් වන්නේ වයස අවුරුදු 18 ට වැඩි සියලු‍ පුද්ගලයන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ලබාගත යුතු බවය. ස්වේච්ඡාවෙන් එසේ නොකරන පුද්ගලයන් බලහත්කාරයෙන් ලියාපදිංචි කරවන බවය. එසේම ලියාපදිංචි නොවන සහ බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ලබා නොගන්නා පුද්ගලයන්ට රුපියල් 50,000 කට නොවැඩි දඩයක් පමුණුවන බවය. දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්ගේ ඒ නිවේදනය අනුව වයස අවුරුදු 18 ට වැඩි සියලු‍ පුද්ගලයන් එනම් සමෘද්ධි සහ අස්වැසුම සහනාධාර ලබන්නන් සහ පින් පඩි ලබන්නන් සේම යාචකයන් ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතුය. බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ලබාගත යුතුය. එසේ නොවුණොත් බලහත්කාරයෙන් ඔවුහු ලියාපදිංචි කරවනු ලබති. රුපියල් 50,000කට නොවැඩි අගයකින් දඩ ද ගසති.  කොමසාරිස් ජනරාල්ගේ ඒ ස්ථාවරය අනුව දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොවී බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ලබානොගන්නා  පින් පඩි ලබන වකුගඩු රෝගීන් ඇතුළු ඒ අසරණයන් සේම යාචකයන් ද රුපියල් 50,000 කට නොවැඩි දඩයකට ගොදුරු වීමේ අවදානමක් පවතියි.

එහෙත් කොමසාරිස් ජනරාල්වරයා සහ මුදල් අමාත්‍යවරයා මේ ක්‍රියාත්මක කිරීමට සැරසෙන්නේ රටේ නීතියෙන් තමන්ට පැවරී නැති ආරූඩ කරගත් බලයකි. එහෙයින් ඔවුන්ගේ ඒ ක්‍රියාව නීතිය ඉදිරියේ අභියෝගයට ලක් වීමේ ඉඩකඩ ඉතා ඉහළය.

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාගේ මතය අනුව අවුරුද්දකට රුපියල් ලක්ෂ 12 කට වැඩි ශුද්ධ  ආදායමක් ලබන ඕනෑම පුද්ගලයකු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරගැනීම සහ ඔහුට බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් පිරිනැමීම නීත්‍යනුකූලය. එහෙත් ආදායම නොසලකා වයස පමණක් සලකා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතුය, බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ලබාගත යුතුය, එසේ නොක⁣ළහොත් බලහත්කාරයෙන් ලියාපදිංචි කරවන්නේය, රුපියල් 50,000 කට නොවැඩි දඩයක් ගසන්නේය කීමේ බලයක් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්ට රටේ නීතියෙන් පැවරී නැත. එහෙයින් එය නැති බලයක් ආරූඪ කර ගැනීමකි. එසේ කළහොත් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට යාමේ අයිතියක් සහ හැකියාවක් පුරවැසියන්ට ලැබෙයි. 

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාට හැකියාව තිබෙන්නේ පුද්ගලයන්ගේ ආදායම් මට්ටම අනුව ඒ පුද්ගලයන් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරගෙන ඔවුන්ගෙන් බදු අය කරගැනීමේ බලයයි. වයස අනුව රටේ ජනතාව ලියාපදිංචි කරගැනීමේ බලය පැවරී තිබෙන්නේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්ට මිස දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්ට නොවෙයි.

ලොව දියුණු රටවල ජනතාවට උපත ලබද්දීම අංකයක් ලැබෙයි. එය පින් (PIN) අංකය ⁣හෙවත් Personal Identification Number නමින් හඳුන්වයි. පාසලකට ඇතුළත් වෙද්දී, රෝහලකින් බෙහෙත් ගනිද්දී, රියැදුරු බලපත්‍ර හා විදේශ ගමන් බලපත්‍ර ලබා ගනිද්දී, බැංකු ගිණුමක් ආරම්භ කරද්දී, ඉඩමක් හෝ නිවසක් මිලදී ගනිද්දී යනාදී ජීවිතයේ සෑම කටයුත්තකදීම ඔවුනට ඒ පින් අංකය අවශ්‍ය වෙයි. උපතේ සිට මරණය දක්වාම ඔවුන් ඒ පින් අංකය භාවිත කළ යුතුය. ඒ අංකය දෙන්නේ රජයෙනි.

එහෙත් ලංකාවේ ආණ්ඩුව දෙන්නට යන්නේ පින් අංකයක් නොව ටින් අංකයකි. එය බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය හෙවත්  Taxpayer Identification Number  නමින් හැඳින්වෙයි. රටේ ජනතාවට ආණ්ඩුව ටින් අංකය දෙන්නට යන්නේ වැරැදි ක්‍රමයකටය. වයස අවුරුදු 18 පිරුණු පුද්ගලයන් කව්ද? ඔවුන් පදිංචිව සිටින්නේ කොහේද?, ඔවුන් කරන රැකියා මොනවාද? යනාදි සියලු‍ තොරතුරු මැතිවරණ කොමිසම සතුව පවතියි. මැතිවරණ කොමිසම සතු ඒ තොරතුරු අවුරුද්දක් පාසා යාවත්කාලීන වෙයි. එහෙයින් අවුරුදු 18 පිරුණු සියලු‍ පුද්ගලයන්ගේ තොරතුරු මැතිවරණ කොමිසමෙන් ලබාගත හැකිය. දේශීය ආදායම් බදු පනතට එක් කළ සංශෝධනයකට අනුව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ඒ තොරතුරු ඉල්ලා සිටින අවස්ථාවක ඒ තොරතුරු ලබාදීමට මැතිවරණ කොමිසම නීතියෙන් බැඳී සිටියි.

 මුදල් අමාත්‍යවරයා කියන ආකාරයට අවුරුදු 18 ට වැඩි සියලු‍ දෙනාට ටින් අංකයක් ගන්න කියන්නේ ඒ සියලු‍ දෙනාගෙන් බදු අය කරගැනීමට නොවෙයි.  වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයන්ගේ තොරතුරු පද්ධතියක් නඩත්තු කිරීමටය. වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයන්ගේ තොරතුරු පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සතුව ද පවතියි. එහෙත් ඒ දෙපාර්තමේන්තුව සතු තොරතුරු යාවත්කාලීන නොවෙයි. අවුරුදු පතා යාවත්කාලීන වන තොරතුරු තිබෙන මැතිවරණ කොමිසමෙන් තොරතුරු රැගෙන වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයන්ගේ තොරතුරු  පද්ධතියක් ඉතා පහසුවෙන් නඩත්තු කිරීමේ හැකියාවක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ද තිබේ. ආණ්ඩුවට අවශ්‍ය දෙය පහසුවෙන් ඉටු කරගැනීමට අවශ්‍ය තොරතුරු ආණ්ඩුව සතුවම තිබිය දී  අනවශ්‍ය ලෙස රටේ  ජනතාව බියගැන්වීම අදහාගත නොහැකි අමනෝඥ ක්‍රියාවකි.

වයස අවුරුදු 18 ට වැඩි සියලු‍ දෙනා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ලබාගත යුතු බවට නියෝග කරමින් මුදල් අමාත්‍යවරයා 2023 මැයි 31 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනය අදටත් වලංගු ය. එය අවලංගු කරගත හැක්කේ අධිකරණ ක්‍රියා මාර්ගයකිනි.

(*** සාකච්ජා සටහන - ගුණසිංහ හේරත්)



අදහස් (8)

ආණ්ඩුවේ ටින් අංකය

pj Thursday, 11 January 2024 03:20 PM

හලෝ මේ විශ්‍රාම ගියා නම් පැත්තකට වෙලා ඉන්නවා නොදන්නා දේට හොම්බ දාන්නේ නැතුව.. තනතුරු දරණ කාලයේ කළේ තනතුර දරපු එකම විතරයි. රටේ අනාගතය ගැන හිතලා වැඩක් කළා නම් අද රටට මෙහෙම වෙන්නේ නැහැ. නීතියකට අනුකූලව පාලනය වන ඕනෑම රටක එක්තරා වයස් සීමාවකට පසු ඕනෑම කෙනෙකුට බදු අංකයක් තියෙනවා. ආයේ තර්ක විතර්ක අවශ්‍ය නැහැ. අපේ රටේත් දැන්වත් ඒ ක්‍රමය ක්‍රියාවට නැංවීම කළ යුතුම දෙයක්...

:       70       24

sumindaThursday, 11 January 2024 05:08 PM

අසාර්ථක රාජ්‍ය පාලනයක නිදසුනක් මේක, මෙම ක්‍රියාවලිය හරිම පහසුවෙන් 18 වැඩි පුද්ගලයින් හට ලබාදීමට හැකියාව තිබියදී මේ නටන නාඩගම්, හරිම පහසුයි, සරලයි ජාතික හැඳුනුම්පත් අංකය ලෙස භාවිතයට ගන්න...

:       2       39

pjFriday, 12 January 2024 05:27 AM

ජාතික හැඳුනුම්පත් අංකය මේ සඳහා යොදා නොගැනීමට වැදගත් හේතු තිබෙනවා. ඔබ නොදන්නවට ඉදිරියට ගැළපෙන සාර්ථක රාජ්‍ය පාලනය සකස් කරන අය ඒ ගැන හොඳින්ම දන්නවා...

:       20       9

SISILThursday, 11 January 2024 09:38 PM

දේශපාලන බලපෑම් සහ නිලධාරිවාදය අවසන්කිරීමට, රටට වෙනසක් ලබාගැනීමට ලබාදීමට නම් ශ්‍රී ලාංකිකයින් ඉදිරි ජාතික මැතිවරණයකදී බුද්ධිමත්ව ඔවුන්ගේ කතිරය ලබාදෙන්න...! 

:       0       19

Dasa P Friday, 12 January 2024 06:42 PM

ටින් එක කෙසේ වෙතත් බින් එකට යන්න නියම වුණු කට්ටිය ළඟදීම බින් එකට යනවාමයි.

:       3       20

Dhinum Saturday, 13 January 2024 07:21 AM

"අවුරුදු පතා යාවත්කාලීන වන තොරතුරු තිබෙන මැතිවරණ කොමිසමෙන් තොරතුරු රැගෙන වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයින්ගේ තොරතුරු පද්ධතියක් ඉතා පහසුවෙන් නඩත්තු කිරීමේ හැකියාවක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ද තිබේ. ආණ්ඩුවට අවශ්‍ය දෙය පහසුවෙන් ඉටුකර ගැනීමට අවශ්‍ය තොරතුරු ආණ්ඩුව සතුවම තිබිය දී අනවශ්‍ය ලෙස රටේ ජනතාව බියගැන්වීම අදහාගත නොහැකි අමනෝඥ ක්‍රියාවකි."

:       2       24

රාජේශ් ඛන්නා Saturday, 13 January 2024 05:36 PM

මේ විදියට හිතන අඳ බාලයෝ වැඩි නිසා අපේ රටට මෙහෙම වෙලා මදි. උප්පැන්න සහතිකේ වුවත් පෝරමයක් පුරවලා ඉල්ලන්න ඕනේ... එවිටයි නීත්‍යානුකූලව නිකුත් කරන්නේ... නැතුව කෙනෙක් ඉපදුණාම රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා නමක් දාලා උප්පැන්න සහතිකේ නිකන්ම ගෙදරට එවන්නේ නැහැ. තව ඉස්සරහට පෝලින්වල ඉන්නේ නැතුව රජයේ ඕනේම ආයතනයක වෙබ් අඩවි තුළින් තමන්ට අවශ්‍ය දේ කරගන්න, ඔන්ලයින් පෝරමයක් පුරවන්න වෙනමම ලොග් වෙන ක්‍රමයක් ද ඒවි. ඒවාටත් තමන්ටම වෙන් වූ රහස්‍ය මුර පදයක් ලියාපදිංචි කරගන්න සිදු වේවි. නිකන් බිල්ලෝ මවන්නේ නැතුව අනාගතයට මුහුණ දෙන්න සුදානම් වන්න.

:       24       2

Prase Saturday, 13 January 2024 08:13 PM

කවුද මේ? මෙයා දන්න ටින්, කතාවෙන් තේරෙනවා මොවුන් වගේ අය මේ රට තනතුරුවල ඉඳලා රට විනාශ කරපු කෙනෙක්... ලෝකයේ හැම රටකම ටින් අංක තියෙනවා...

:       19       3

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

​කාගේත් තරම උරගාන පුංචි ඡන්දය
2025 මැයි මස 05 140 0

ජාතික ජන බලවේගය / ජනතා විමුක්ති පෙරමුණ රජය සිය පළමු දීපව්‍යාප්ත ජනප්‍රියතා පරීක්ෂණයට මුහුණ දෙන්නේ තම බිම් මට්ටමේ ජනවරම මැන බැලීමේ උත්සාහයක් ලෙසිනි.


ලොවම බලාසිටින ඉන්දු - පාකිස්තාන අර්බුදය
2025 මැයි මස 05 336 0

ඉන්දු-පාකිස්තාන අර්බුදය දේශසීමා ගැටුමක් මෙන්ම රාජ්‍ය දෙක අතර පවත්නා ගැටුමකි. දේශසීමා අර්බුද දිගුකාලීන ගැටුම් ලෙස ජාත්‍යන්තර සබඳතා විෂයයේදී හඳුනා ගැ


කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 855 1

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 552 1

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 436 3

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 1768 1

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 725 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 188 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1227 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site