IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


අතළොස්සක් වෙනුවෙන් ජාතික වස්තු වැනසිය යුතුද?

කටුනායක ගුවන් තොටුපොළ ඒකාබද්ධ වෘත්තීය සමිතියේ සභාපති ඇතුළු එහි නිලතල හෙබව වූ නායකයන් 28 දෙනකු අනිවාර්ය නිවාඩු යැවීමට ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා පියවර ගෙන තිබේ. ගුවන් සේවා කටයුතු කඩාකප්පල් කිරීමට තැත් කළැයි කියන සිද්ධියක් හේතුවෙන් මේ පියවර ගත් බවද සභාපති ඉංජිනේරු අතුල ගල්කැටිය මහතා අපගේ ලංකාදීප පුවත්පතට ප්‍රකාශ කර තිබිණි.

එම ප්‍රකාශයට අනුව මෙම අනිවාර්ය නිවාඩු යැවීමට ලක්වූ පිරිස කටුනායක ගුවන් තොටුපොළට සම්බන්ධ ගුවන් ගමන් සේවා අවහිර කර කඩාකප්පල් කිරීමේ අරමුණින් ජාත්‍යන්තර ගුවන්යානා සමාගම් වෙත ලිපි යවා ඇති බවටත් එම ලිපි ජනමාධ්‍ය මගින් ප්‍රසිද්ධ කර ඇති බවටත් චෝදනා එල්ල කර තිබේ. එම ලිපි යැවීමේ අරමුණ වී ඇත්තේ ශ්‍රී ලංකාව සමඟ ගුවන් ගමන් සබඳතා පවත්වන සියලු‍ ගුවන් සේවා අවහිර කිරීම සහ කඩාකප්පල් කිරීම බව ද සඳහන් වෙයි. මෙය විෂමාචාර ක්‍රියාවක් වීම හේතුවෙන් බලපෑම්වලින් තොරව විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා වහාම බලපැවැත්වෙන පරිදි මේ අනිවාර්ය නිවාඩු යැවීමේ තීන්දුව ක්‍රියාත්මක කළ බවද සභාපතිවරයා ප්‍රකාශ කර තිබිණි.

අපේ රට මහා විශාල රටක් නොවේ. සබැවින් එහි ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වන කටුනායක ගුවන් තොටුපොළට හිමිවන්නේ ඉතා වැදගත් සුවිශේෂ ස්ථානයකි. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ද එහි වැදගත්කම අසීමිතය. එවැනි රටටම වැදගත් ආයතනයක නිලධාරීන් සහ සේවකයන් සියලු‍ දෙනා තුළ තමන් රාජකාරි කරන ස්ථානයේ තිබෙන සුවිශේෂ වැදගත්කම සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් තිබිය යුතුය. වෘත්තීය සමිති නායකයන් තුළ එම අවබෝධය වඩාත් පුළුල් ලෙස තිබීම අත්‍යවශ්‍යය.

එසේ වුවද එම වෘත්තීය සමිතියේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් පිරිස ක්‍රියා කර ඇත්තේ අඳබාලයන් ලෙසින් බව මේ සිද්ධියෙන් පෙනී යයි. රටේ ජාතික සම්පතක් වන කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සතුව තිබෙන ජාත්‍යන්තර ප්‍රතිරූපය කෙළෙසා දමන ආකාරයට කටයුතු කිරීම සම්බන්ධයෙන් ඔවුන් ලජ්ජා විය යුතුය. වෘත්තීය සමිතියක් වශයෙන් ඔවුන්ට තම පාලනාධිකාරිය සමඟින් විසඳාගත යුතු ගැටලු‍ තිබිය හැක. එහෙත් එම ගැටලු‍ සමථයකට පත්කර ගැනීම වෙනුවෙන් රටේ ප්‍රධානම ජාත්‍යන්තර ගුවන් තොටුෙපාළේ කීර්තිනාමය පරදුවට තැබීම සමාව දිය හැකි කරුණක් නොවේ. වෘත්තීය සමිති ප්‍රශ්න පාලනාධිකාරිය සමඟ විසඳාගත යුතුය. ඒ සඳහා ඔවුන්ට ඇති අයිතිය පිළිබඳ අපි ප්‍රශ්න නොකරමු. එහෙත් ජාතික සම්පතක අභිමානය සෝදා හැරීමට ඔවුන්ට අයිතියක් නැත. ඒ බව ඔවුන්ට අමතක වී නම් ඒ බව මතක් කර දීම අපගේ ද වගකීමක් වශයෙන් සලකමු.

මේ රට වැටී තිබෙන ආර්ථික අගාධයෙන් ගොඩ ඒමට හැකි තරම් වෙර දරන අවස්ථාවක ගුවන් තොටුපොළ අකර්මණ්‍ය කිරීමට, කඩාකප්පල් කිරීමට යම් පිරිසක් දරන වෑයම හැඳින්විය හැක්කේ රටට එරෙහිව සිදුකරන කුමන්ත්‍රණයක් වශයෙනි. එසේම පසුගිය වසර තුළ මෙරටට සංචාරකයන්ගේ පැමිණීමේ විශාල වර්ධනයක් තිබීමත් එය තවදුරටත් මේ වසර තුළ වර්ධනය වීමට තිබෙන අවස්ථාවත් සලකා බලන විට ගුවන් තොටුපොළ කඩාකප්පල් කිරීම යනු එම ආදායම් මාර්ගය ආපහු හැරවීමකි.

මෙම නිලධාරීන්ට එරෙහි පරීක්ෂණ අවසන් වන තෙක් සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ කිසිදු පරිශ්‍රයක් වෙත ඇතුළු වීමද ඔවුන්ට තහනම් කර තිබෙන බවද සඳහන්ය. එය ගුවන් තොටුපොළේ ආරක්ෂාව වෙනුවෙන් ගනු ලැබූ පියවරක් බව පැහැදිලිය.

එය එසේ වුවද තමන්ගේ වෘත්තීය සමිති ගැටලු‍ විසඳා ගැනීමට වෙනත් ගුවන්යානා සමාගම් වෙත ලිපි යැවීමේ තීන්දුව කිසිසේත් සාධාරණීකරණය කළ නොහැක. එයින් සිදුවන්නේ ගැටලු‍ව විසඳීමට වඩා එය තවදුරටත් සංකීර්ණ වීමය. වෘත්තීය සමිති තම වෘත්තීය ගැටලු‍ විසඳා ගැනීමට කටයුතු කළ යුත්තේ තමන්ගේ ජාතික වගකීම සම්බන්ධයෙන් පුළුල් අවබෝධයක් ඇතිව බව ඔවුන්ට සිහිපත් කර දීමට කැමැත්තෙමු.

(***)



අදහස් (2)

අතළොස්සක් වෙනුවෙන් ජාතික වස්තු වැනසිය යුතුද?

Amal Monday, 08 January 2024 11:26 AM

මේ හා සමාන දෙයක් SL ක්‍රිකට් එකෙත් වුණා. හැබැයි, ඔවුන් තාමත් යහතින් වැජඹෙනවා දේශපාලන අනුග්‍රහයත් සමගින්.. එක රටක්, නීති දෙකක් !!!

:       1       35

janahitha Wednesday, 10 January 2024 09:35 AM

වැරැදි මතයක්... ඔය ආයතනයේ බොහෝමයක් වංචා, දූෂණවල යෙදෙන අනිකුත් ආයතන වලට වඩා වැඩි වැටුප් ලබන කිසිම සේවයක් නොකරන අය සියලු දේ සොරකම් කරන අය වැඩිය භාණ්ඩ මිලදී නොගෙන බිල්පත් දමා මුදල් ගැරීමට හපනුන්, ඉංජිනේරු අංශයේත් ඉන්නවා.. නැවතුම් අංගන වල මුදල් රජයට ලැබෙන්නේ නැහැ හොරබිල් පත් දමා වංචා කරනවා..

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1714 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1429 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 512 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site