IMG-LOGO

2024 මැයි මස 05 වන ඉරිදා


අසත්‍ය ප්‍රවෘත්ති මවන්නෝ

2024 වසර උදා වෙද්දී රට සම්බන්ධයෙන් ඉතා හෘදයාංගම තොරතුරු රැසක් වාර්තා වීම සියලු දෙනාගේම සතුටට හේතු වනු ඇත. දෙසැම්බර් මාසයේ සංචාරකයන්ගේ පැමිණීම දෙලක්ෂය ඉක්මවා ඇතැයි වාර්තා වේ.  ආර්ථික වර්ධනය කාර්තු 6 කට ආසන්න කාලයක් සෘණ මට්ටමකට පත්ව තිබියදී පසුගිය වසරේ තුන්වැනි කාර්තුවේදී ධන වර්ධනයක් වාර්තා කරමින් ආර්ථිකය සියයට 1.6 කින් වර්ධනය වී තිබේ. 2023 වසරේ දෙසැම්බර් 18 වැනි දාට පෙර විශ්‍රාම ගිය සියලු රාජ්‍ය සේවකයන්ගේ පාරිතෝෂික මේ වන විට සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කර ඇත. මීට පෙර විශ්‍රාමිකයන්ට පාරිතෝෂික ලබා ගැනීම සඳහා බොහෝ විට මාස 18 ක් වැනි කාලයක් ගත කිරීමට සිදුවිය. ඒ අතරම රජය විසින් පසුගිය දෙසැම්බර් 05 වැනි දින දක්වා වූ රජයේ සියලුම බිල්පත් සම්පූර්ණයෙන්ම ගෙවා නිම කරනු ලැබ ඇත. 

එසේ වුවද, රටේ වැඩි දෙනකුගේ අවධානය යොමුවී ඇත්තේ ජනවාරි 01 වැනිදා සිට වැට් බදු වැඩි කිරීමක් පිළිබඳව බව පෙනී යයි. ඉන්ධන මිල පළමු වැනිදා සිට වැඩි කරනු ලැබීය. එහෙත් විපක්ෂයේ විශේෂඥයන්  පෙන්වා දුන් පරිදි වැට්බදු සියයට 18 කින් වැඩි නොවේ. වැඩි වන්නේ ඊට වඩා අඩු අනුපාතයකිනි. ගෑස් මිල ද ඉහළ දමා ඇත. ගෑස්වලට මේ දක්වා වැට් බල නොපෑ නිසා එහි මිල සියයට 18 කින් වැඩි වී ඇත. මීට පෙර ගෑස් මිල වාර්තා ගත අන්දමින් අඩුකර පාරිභෝගිකයන්ට සහන ලබා දුන්නේ ද රනිල් වික්‍රමසිංහ මහතා විසිනි. එහෙත් අද රට මුහුණ පා සිටින තත්ත්වය හමුවේ තව නොබෝ දිනකින් ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිතව තිබියදී ද මේ ආකාරයෙන් ගෑස් මිල වැඩි කිරීමට රජයට සිදුව තිබේ. 

මේ වසරේ දී නියත වශයෙන්ම ජනාධිපතිවරණය පැවැත්විය යුතුව ඇති නිසා රටට තවත් තීරණාත්මක අවස්ථාවක් උදාවනු ඇත. ජනාධිපතිවරණයට අමතරව පාර්ලිමේන්තු මැතිවරණය වැනි තවත් මැතිවරණ ද පැවැත්වීමට ඉඩ ඇති නිසා මෙම වර්ෂය විවිධ කරුණු පිළිබඳව බොහෝ දෙනකුගේ උනන්දුව දැක්වෙන වර්ෂයක් වීමට ඉඩ තිබේ.

කෙසේ වුවද, මැතිවරණ වර්ෂයක් වීම හේතුවෙන්ම ඇති වීමට ඉඩ තිබෙන අනතුරුදායක තත්ත්වය පිළිබඳව විවිධ ලක්ෂණ දැන් සිටම ප්‍රදර්ශනය වීමට පටන් ගෙන තිබේ. මහජනතාව තුළ දැඩි අවිනිශ්චිතතාවක් හෝ විශාල කම්පනයක් ඇතිවන ආකාරයේ ප්‍රවෘත්ති නිපදවා එමගින් රටේ බොහෝ කටයුතු අඩපණ කර දැමීම සහ අවුල් කර දැමීම පරමාර්ථ කරගෙන කටයුතු කරන පිරිසකගේ ක්‍රියාකාරීත්වය එම අනතුරයි. ඉන් සමහරෙක් එම කටයුත්ත ඉතා දක්ෂ ලෙස මෙහෙය වන අතර ඒ හේතුවෙන් ඔවුන් අපේක්ෂා කරන ඉලක්ක සම්පූර්ණ කර ගැනීමට ද ඔවුන්ට හැකි වී තිබේ. මේ වසරේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය අරමුණු කරගෙන ඔවුන් විසින් ප්‍රවෘත්ති නිෂ්පාදනය කර විශාල ලෙස මුදා හැරීම මේ වන විටද  ආරම්භ කර ඇති බව පෙනේ.

උදාහරණයක් ලෙස මේ දිනවල ප්‍රචාරය කරන රජයේ නිලධාරීන්ගේ නිවාඩු කපා දැමීමට රජය සූදානම් වන බව දැක්වෙන ප්‍රවෘත්තිය දැක්විය හැකිය. රජය විසින් රාජ්‍ය සේවකයන්ගේ අනියම් හා විවේක නිවාඩු අඩු කිරීමට කටයුතු කරන බව එම ප්‍රවෘත්තියෙන් දැක්වේ. ඊට අමතරව විශ්‍රාම යෑමට හැකි කාලසීමාව වැඩි කිරීම, දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයක් ඇරඹීම වැනි තවත් යෝජනා ද ඒ සමගම ක්‍රියාත්මක කරන බවක්ද දැක්වේ. රජය, කැබිනට් මණ්ඩලය, විෂය භාර අමාත්‍යවරයා හෝ බලය ඇති කිසිවකු විසින් හෝ අඩුම වශයෙන් යෝජනාවක් හෝ ඉදිරිපත් කර නැති මෙවැනි ක්‍රියා රජයේ තීරණ ලෙස දැක්වෙන ප්‍රවෘත්ති මේ දිනවල ප්‍රධාන මාධ්‍යවල මෙන්ම සමාජ මාධ්‍යවල ද බෙහෙවින් ප්‍රචාරය වේ. කෙසේ වුවද මේ පිළිබඳ සොයා බැලීමේ දී පැහැදිලි වූයේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නිලධාරියකු විසින් පාර්ලිමේන්තුවේ ආංශික කාරක සභාවකට තම මතය දැක්වීම සඳහා ඉදිරිපත් කරන ලද ලියවිල්ලක් උපයෝගි කරගෙන මෙම අසත්‍ය ප්‍රචාර පතුරවමින් සිටින බවය.

එම නිලධාරියා තමා සහභාගි වන ආංශික කාරක සභාවට රාජ්‍ය නිලධාරින්ගේ නිවාඩු, විශ්‍රාම වැටුප් ආදිය පිළිබඳව යෝජනාවලියක් ඉදිරිපත් කර තිබේ. එම යෝජනා එම ආංශික කාරක සභාවවත් පිළිගත් ඒවා නොවේ. රජය විසින් එවැනි යෝජනාවක් ක්‍රියාත්මක කිරීමට නම් අඩුම වශයෙන් එය කැබිනට් මණ්ඩලය හෝ පිළිගත යුතුව තිබේ. එහෙත් ඉහත සඳහන් යෝජනා අඩුම වශයෙන් සලකා බැලීම සඳහා හෝ අදාළ ඇමතිවරයා වෙත ඉදිරිපත් කළ බවක් වාර්තා නොවේ. එක් රාජ්‍ය නිලධාරියකු ඉදිරිපත් කළ අදහසක් මුල් කරගෙන රජය විසින් රාජ්‍ය සේවකයන්ගේ නිවාඩු කප්පාදු කරන බවට ප්‍රචාරයක් පුළුල්ව සහ විසමකාරි ලෙස පවත්වාගෙන යනු ලැබේ. ඒ තුළින් එම ව්‍යාපාරයේ යෙදෙන්නන්ට බහුවිධ ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව ලැබේ. රාජ්‍ය සේවකයන් කුපිත කරවීම, රාජ්‍ය සේවකයන් මෙම ජනාධිපතිවරණයේ දී වත්මන් ජනාධිපතිවරයාට එරෙහිව ඡන්දය දෙන තත්ත්වයක් නිර්මාණය කරවීම, ඔවුන් වර්ජන සහ විරෝධතාවලට පෙළැඹවීම, රාජ්‍ය ආයතනවල සේවා අඩපණ කිරීම හා දුර්වල කිරීම මෙම ප්‍රචාරයන්ගේ අරමුණ වී ඇත.

මෙම කණ්ඩායම විසින් දැනටමත් ආරම්භ ඇති එම ප්‍රචාරක ව්‍යාපාරය පිළිබඳ තොරතුරු මගින් එහි ස්වරූපය හඳුනා ගැනීමට අවස්ථාවක් ලැබේ. ජනමතය විකෘති කිරීම සඳහා අසත්‍ය තොරතුරු නිර්මාණය කිරීමේ එම ව්‍යාපාරය දැන් ක්‍රියාත්මක වන ආකාරය දැනටමත්  හඳුනාගත හැකිය. ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහ මැතිවරණයක් පවත්වනු ඇත. දෙවැනුව පවත්වන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට  රනිල් වික්‍රමසිංහ මහතාගේ කිසිදු බලාපොරොත්තුවක් නැත. ඔහු ජනාධිපති ධූරයේ ඉදිරි කාල පරිච්ඡේදය ගත කිරීමෙන් පසු විශ්‍රාම යනු ඇත. මෙවැනි ප්‍රවෘත්ති දැනටමත් ප්‍රචාරය කර ඇත. ඒ අතරම ප්‍රචාරය කරන තවත් කට කථාවක් වන්නේ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා එම තනතුරෙන් ඉවත් කර පෙර සිටි ජනාධිපති ලේකම්වරයකු හෝ දේශපාලනයට සම්බන්ධ අයකු එම තනතුරට පත් කරනු ඇතැයි යන්නය. මෙවැනි ප්‍රවෘත්ති නිර්මාණ දැන් දැන් කඩිනමින් එළි දැක්වීමට මෙම පිරිස් සූදානම් වන බව පෙනේ.

ප්‍රවෘත්ති නිර්මාණය, ඒවා ප්‍රචාරය කිරීම සහ එම ප්‍රචාර අඛණ්ඩව සහ නිරන්තරයෙන් පවත්වාගෙන යෑම මෙම නිවුස් ප්ලාන්ට්ස්’ මෙහෙයුම්කරුවන්ගේ අරමුණ වී ඇති බව පෙනේ. මෙම ප්‍රවෘත්ති පළවීමෙන් පසු කරන ලද සොයා බැලීමකදී පැහැදිලි වූයේ එම ප්‍රවෘත්ති සියල්ලම එකම මූලාශ්‍රයකින් එකිනෙකට සම්බන්ධතාවක් ඇතිව ප්‍රචාරය කර ඇති බවයි. එහි අරමුණ එම ප්‍රවෘත්තිවල බලපෑම අධ්‍යයනය කළ විට පැහැදිලි වේ. ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මහජනතාවගේ සිත් තුළ දැනට කිසියම් ස්ථාවර භාවයක් පවත්නේ නම් එය සිඳ බිඳ දමා දැඩි අවිනිශ්චිතතාවක් මහජනතාවගේ සිත් තුළ ඇති කරවීම එහි ප්‍රමුඛ අරමුණ වන බව පෙන්. එම ප්‍රවෘත්ති තුන නිර්මාණය කර ඇති ආකාරය සහ ඒවායින් ඇතිවිය හැකි බලපෑම අධ්‍යනය කිරීමෙන් එය වටහා ගැනීමට හැකිවේ.

ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් පැවැත්වෙන බව ප්‍රකාශ කිරීමෙන් වාසි සහගත තත්ත්වයක් ඇති වන්නේ විපක්ෂ කණ්ඩායම්වලටය. ජනාධිපතිවරණයක දී බොහෝ විට තෝරා ගැනීමේ තීරණයේ දී එක් එක් අපේක්ෂකයාගේ පළපුරුද්ද, අත්දැකීම්, හැකියාව, දක්ෂතා සහ උපක්‍රමශීලිත්වය ආදිය බල පවත්වනු ලබයි. එහෙත් මහ මැතිවරණයක් මුලින් පැවැත් වූ විට වත්මන් ජනාධිපතිවරයා අත්කරගෙන ඇති ජනප්‍රියතාව සහ කීර්තිය පහත දැමීමට හැකිවනු ඇත. වත්මන් ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව ප්‍රචාරය කිරීමෙන් ද එවැනිම වාසි අත්කර ගැනීමට විපක්ෂයට හැකිවනු ඇත. තරඟ නොකරන බව කීමෙන් අදහස් වන්නේ වත්මන් ජනාධිපතිවරයා ජනාධිපතිවරණය ජය ගැනීමට ඇති හැකියාව පිළිබඳ ස්ථිර බවක් නැති බවය.

ජනාධිපති ලේකම්වරයා ඉවත් කිරීම පිළිබඳ ප්‍රවෘත්තියක් මවා එහි නිර්මාණකරුවෝ ප්‍රතිඵල කීපයක් ලබා ගැනීමට අපේක්ෂා කරති. ඉන් ජනාධිපතිගේ පාලනය අවුල් සහගත බවට හැඟීමක් මහජනතාව තුළ ඇති කිරීමට ඉන් හැකි වේ. දෙවනුව ලේකම්වරයා වෙනස් වන විට ඇතිවීමට ඉඩ ඇති අවිනිශ්චිතතාව හේතුවෙන් මුළු රාජ්‍ය පරිපාලන පද්ධතියම බිඳ වැටිමකට ලක් කිරීමට හැකි වේ. ඉවත්ව යන ලේකම්වරයෙකුගේ නියෝග පිළි පැදීමට අමාත්‍යාංශ නිලධාරීන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු රාජ්‍ය පරිපාලන නිලධාරීන් අකැමැති වනු ඇත.

අසත්‍ය පුවත් නිර්මාණය කර ඒවා ක්ෂණිකව සමාජ මාධ්‍යයෙන් ප්‍රචාරය කර එම අසත්‍ය පුවත මහජනතාවට පිළිගැන්වීමට සමහර සමාජ මාධ්‍ය ජාලාකරුවන් ක්‍රියා කරන ආකාරය පිළිබඳව ප්‍රසිද්ධ අත්දැකීම් ශ්‍රී ලංකාවේ මහජනතාවට කොතෙකුත් තිබෙන බව ආසන්න උදාහරණ වලින් වටහා ගත හැකිය. අරගල සමයේ එවකට අග්‍රාමාත්‍යව සිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ගිනි තැබු අවස්ථාවේදී එම සමාජ මාධ්‍ය ජාලාකරුවන් එම පුවත විකෘති කිරීමට ගත් උත්සාහය මහජනතාවට මතක ඇතැයි සිතමි. අගමැතිවරයා විසින්ම තම නිවස ගිනි තබාගෙන ඇති බවටද පුස්තකාලයේ සමහර පොත් ඉතිරි කරගෙන ඉතිරිවා ගිනි තැබු බව දැක්වෙන ආකාරයේ ප්‍රචාර ඡායාරූප සහිතව ගෙන පතුරුවා හැරීමට ඔවුහු කටයුතු කළහ. ඒ ආකාරයටම පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළ මහතා නිට්ටඹුවේදී අරගලකරුවන් විසින් පහර දී ඝාතනය කළ අවස්ථාවේදී එය අමරකීර්ති මන්ත්‍රීවරයා විසින් තම පිස්තෝලයෙන් වෙඩි තබා ගැනීමෙන් සිදුවූ සිය දිවි හානිකර ගැනීමක් ලෙස ප්‍රචාරය කළ ආකාරයද මතක ඇතැයි සිතමි.

මෙවැනි අසත්‍ය ප්‍රචාර මගින් සත්‍ය ප්‍රවෘත්ති දැඩි ලෙස විකෘති කර මහජනතාවට සම්පූර්ණයෙන්ම වැරදි තොරතුරු ලබාදීමට උත්සාහ කළ පිරිස දැන් නැවතත් සක්‍රීය වී තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනවාරි පළමු වැනිදා නව ගුවන් හමුදා මූලස්ථානය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වී මෙසේ ප්‍රකාශ කළේය. “මම ජනාධිපති ධූරයේ වගකීම භාර ගත්තේ ජයප්‍රිය වීමට නොවෙයි. මේ රට ගොඩනගා ඔබටත්, ඔබේ දරුවන්ටත් යහපත් අනාගතයක් සකස් කර දීමටයි. ඒ නිසා අසීරුවෙන් වුවද මෙම තීන්දු ගැනීමට සිදු වෙනවා. රටේ ආර්ථිකය ගොඩ නැගීමට අවශ්‍ය අසීරු තීරණ මම දැන් ගෙන අවසන්. ඒ ගැන දෝෂාරෝපණය කළ හැක්කේ මට පමණයි. ඒ නිසා මම අනෙකුත් දේශපාලනඥයන්ට කියනවා රට රැක ගැනීමට ඔබටත් යුතුකමක් තිබෙනවා. එසේ නම් රටේ ආර්ථිකය ගොඩ නැගීමට අපි එකතු වෙමු”. මහජනතාවගේ යුතුකම වන්නේ අසත්‍ය ප්‍රචාරකයන්ගේ හඬට නොව සත්‍යයට ජය ලබා දීමයි.

 

(***)
කැලණිය විශ්වවිද්‍යාලයේ
ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ
හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
සුනන්ද මද්දුමබණ්ඩාර

 



අදහස් (2)

අසත්‍ය ප්‍රවෘත්ති මවන්නෝ

චන්දිම ෆොන්සේකා Wednesday, 03 January 2024 06:16 PM

ඔය එක එක්කෙනාගේ කතා වලින් නම් අපිටත් වැඩක් නැහැ. ඒ වුණාට ප්‍රශ්නේ තියෙන්නේ මේ රට නිකම්ම බංකොලොත් වුණා නෙමෙයි. පහුගිය කාලේ ඔබගේ ඔය ආදරණිය පරමාදර්ශ නායකතුමාණෝ ඇතුළුව පොහොට්ටු රංචුවේ අමන දේශපාලන කණ්ඩායම් කරලා තිබුණු අමන වැඩ නිසයි රට බංකොලොත් වුණේ. උන්නැහේලා කතා කරන්නේ හරියට මේ රට බංකොලොත් කලේ රටේ ජනතාවගේ වරදින් වගේ කියලා. ඒකනේ කියන්නේ මම අසීරු තීරණ ගන්නවා... ඔබලා ඒවා පිළිගනිල්ලා කියලා. ඔබේ නායකතුමාට අසීරු තීරණ ගන්න කිසිම අපහසුවක් නැහැ නම් තමයි. මොකද උන්නැහේට කෑම බීම ටික ඉස්තරම්ම විදියට මේසෙට එනවා තුන් වේලම සහ අතුරු වේල් වලටත් එක්ක. මේසෙට ගියා කෑවා බීවා ගෑරුප්පු ටික තියලා ගියා... එච්චරයි. රට සවාරි ඇතුළු අනිකුත් සියලුම අවශ්‍යතාවයන් ටිකත් එහෙමයි. නමුත් මේ රටේ ඉන්න දුප්පත් හෝ මැද පන්තියේ බහුතරයක් ජනතාව ජීවත් වෙන්නේ දැනටමත් අඩුම ගානේ කන්නේ බොන්නේ කොහොමද කියලාවත් උන්නැහේට වගක් නැහැ. කවදත් වුණා වගේ ඔය බදු ගහලා ගන්න සල්ලි ටික හිල් වෙච්චි බාල්දියකට තමයි අන්තිමට වැටෙන්නේ... ඉස්සර ඉඳන්ම කඳන් පුච්චලා අළුගන්න බැරි වුණ මිනිහා කෙස් පුච්චලා අළු ගනී කියලා හිතන්න තරම් රටේ මිනිස්සු මෝඩ නැහැ මහදුරු තුමාණෙනි...!

:       4       5

SamanThursday, 04 January 2024 07:03 PM

ආර්ථික අර්බුද එක රැයින් ආපු දෙයක් නෙවෙයි. ඒකට දේශපාලකයෝ පමණක් නොවේ... විවිධ රටවල බලපෑම්, යුද්ධය, පිනට කෑමට ආණ්ඩු මාරුකළ ජනතාව වගේ ගොඩක් හේතු බලපෑවා... ඔයගොල්ලෝ වගේ අය තමයි මේ ලිපියේ තියෙන්නේ...!

:       1       4

ඔබේ අදහස් එවන්න

විශේෂාංග


​අතීත සුදනෝ දුදනෝ
2024 මැයි මස 04 587 2

ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි කැරැල්ල පැවැති අසූව දශකයේ අවසාන භාගයේදී සිද්ධවූ දේ සම්බන්ධයෙන් මේ දිනවල දේශපාලනඥයන් කරන ප්‍රකාශ හා සමාජ මාධ්‍ය සටහන් දෙ


මැයි දින රැලිවල ශේෂපත්‍ර විමසුමක්
2024 මැයි මස 04 344 0

මැයි දිනය නිමාවට පත්විය. එහි ශේෂ පත්‍රය විමසා බැලීමට පොළඹවන සුළු සේයාරුවක් සහ ප්‍රවෘත්තියක් අප පුවත්පත ඊයේ පළ කළේය.


ජනපතිවරණයේ තේමාව ආර්ථිකයද?
2024 මැයි මස 03 347 0

මැයි 01 දිනට යෙදෙන ජාත්‍යන්තර කම්කරු දින සැමරීම යෙදී තිබුණේ මේ සතියේ ය. මේ වසරේ පවත්වන්නට නියමිත ජනාධිපතිවරණයට පෙර යෙදෙන අවසාන මැයි දිනය මෙය වන බැවින් ප


දුප්පතාගේ හාල් ටිකත් ගසාකන්නන් හෙළා දකිමු
2024 මැයි මස 03 84 0

ආර්ථික වර්ධනය සම්බන්ධයෙන් කවර කතා කීව ද මෙරට ජනයාගෙන් සාතිශය බහුතරයක් ජීවත් වන්නේ ඉතා අසීරුවෙන් බව වසන් කළ නොහැකි සත්‍යයකි. එම පිරිසෙනුත් ඉතාම දුක්ඛි


රටට විදේශ ආයෝජන අවශ්‍ය ඇයි?
2024 මැයි මස 02 409 1

2023 මහ බැංකු වාර්තාවට අනුව මෙරට කර්මාන්ත අංශය සියයට 9.2 කින් පහළ බැස ඇති බව දක්වේ. මෙම කාරණය සහ ඊට බලපා ඇති හේතු සැලකිල්ලට ගතහොත් මූලික වශයෙන් මෙරට ජාතික නි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 497 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1947 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1713 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site